Breaking News

වායුසමීකරණය කළ ස්ථානවල රැඳී සිටින්න එපා – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

කොරෝනා වයිරසය වායුසමීකරණය කර ඇති පරිසරයක පහසුවෙන් පැතිරිය හැකි බව හඳුනාගෙන තිබේ.

වායුසමීකරණය කරන ලද කාමරයක් තුළ ප්‍රමාණවත් වාතාශ්‍රය නොමැති බැවින් සහ වාතාශ්‍රය විටින් විට අලුත් නොවන බැවින් , සංවෘත අවකාශයක වෛරසය පැතිරීමේ සම්භාවිතාව වැඩි බව ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ (NIID) විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි. යමෙකු වායුසමීකරණය කළ අවකාශයක කස්සොත් ඔහු විමෝචනය කරන ජල බිඳිති හිරු එළිය පවතින තැනකට වඩා වැඩි කාලයක් වඩා වායුසමීකරණය කර ඇති පරිසරයක පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇත.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ මේ හේතුව නිසා ස්ථාන හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සහ හොඳින් හිරු එළියට නිරාවරණය වෙන පරිදි තැබීම වඩා සුදුසු බවයි. සුපිරි වෙළඳසල් වැනි වායුසමීකරණය කළ ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසා ඔහු උපදෙස් ලබා දී තිබේ.

මීට අමතරව කොරොන වයිරස් වායු සමීකරණ පද්ධති හරහා හෝ වායු නල(air duct) හරහා ගොඩනැගිලි වටා පැතිර යා හැකි බව රෝහලක වායු නලයක තිබී වයිරසය සොයාගැනීමත් සමඟ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණි. සිංගප්පූරුවේ බෝවන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පිරිසක් මේ සොයාගැනීම සිදුකර තිබුණි.

leave a reply