Tag: water

  • ලංකාවේ පාසල් 48ට වතුර නැහැ

    ලංකාවේ පාසල් 48ට වතුර නැහැ

    රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

    ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

    විදුලිය පහසුකම් නැති පාසල් බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

  • ගොවියන්ට ජලයද? සහනාධාරද?

    ගොවියන්ට ජලයද? සහනාධාරද?

    නියගයෙන් පීඩිත ගොවියෝ ගොවිතැනට ජලය ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ඇමතිවරු දෙදෙනෙක් හමුවුවත් ඔවුන්ගේ ප්රශ්නයට විසඳුමක් නැහැ. ඊයේ ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවි කාන්තාවක් කිව්වේ
    “අපි ඉල්ලන්නේ අස්වැසුම දෙන්න, සහනාධාර දෙන්න කියලා නොවේ. අපේ ගොවිතැන කරගෙන යන්න වතුර දෙන්න කියලයි.”
    ගොවියන්ට වතුර දෙනවාට වඩා ලයිට් වලට වතුර නිකුත් කිරීම වැදගත් කියලයි විදුලිබල ඇමති කියන්නේ. ගොවීන්ට වතුර දෙන්න නම් රුපියල් ලක්ෂ ගණනක් සොයා විදුලිබල මණ්ඩලයට දෙන්න, තමයි යෝජිත විසඳුම. පහුගිය කාලේ සංචාරකයින්ට අලි පෙන්වන්න ඕන නිසා මින්නේරිය වැවේ වතුර ගොවියන්ට නිකුත් නොකරන බවට පොළොන්නරුවේ ගොවියන් චෝදනා කළා. ගොවියන්ගේ, ධීවරයින්ගේ, කුඩා කර්මාන්තකරුවන්ගේ ජිවනෝපයන් කඩලා බිඳලා ඔවුන් සහනාධාර මත යැපෙන දේශපාලඥයින්ගේ අත පල්ලෙන් වැටුන මිනිසුන් බවට පත් කිරීම ඉතා සැලසුම්සහගත වැඩපිළිවෙලක්. නවලිබරල්වාදී වෙළෙඳපල ක්රියාත්මක වීමත් සමඟ රණසිංහ ප්රේමදාස ආණ්ඩුවේ සහනාධාර හරහා තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන්නේ කෙසේද කියලා ගුරුහරුකම් ලබා දී පවතින යැපුම්ක්රමයට අඩිතාලම් දැම්මා. එතැන් පටන් ශ්රී ලංකා, යුන්පී හා ඉන් විකාශනය වූ අනෙකුත් දේශපාලන ව්යාපාර සහනාධාර රාජ්ය බලය ලබා ගැනීමේ සහ පවත්වා ගෙන යාමේ යතුරක් විදිහට භාවිතා කරනවා. IMF, ලෝක බැංකු මෙන්ම වෙළෙඳපල අවශ්යතා මත සමාජ ආරක්ෂණයන් කප්පාදු කරමින්, දේශපාලඥයින්ගේ අත පල්ලෙන් වැටෙන සහනධාර කැරට් අලයක් මෙන් සොලවමින් ඔවුන් ගෙන යන නාඩගමේ අලුත්ම ජවනිකාව අස්වැසුම.
    වත්මන් සමාජයේ ආන්තික කොට ඇති ගොවියෝ, ධීවරයෝ, කුඩා කර්මාන්තකරුවෝ තමන් මුහුණ පාන ජල හිඟය, ඉඩම් හිඟය, පොහොර ගැටලුව, ණය බර සඳහා විසදුම් ලෙස ඉල්ලන්නේ තමන්ගේ නිෂ්පාදන ශක්යතා නිදහස් කරදෙන ලෙසයි. ක්ෂුද්ර මුල්ය උවදුරට ලක්වූ කාන්තාවන් තමන්ගේ සංවර්ධන හැකියාවන් මොට්ට කර තිබෙන ණය කපා දමන ලෙස ඉල්ලු විට ෂෙහාන් සේමසිංහ කිව්වේ “සමෘද්ධියෙන් ණයක් දෙන්නම් කොම්පැනි වල ණය ගෙවන්න” කියායි. ඒ දැනට අවුරුදු දෙකකට කලින්. මුල්ය කොම්පැනි වලට සමෘද්ධි සරනං ගච්චාමි නැමදීමට ඉඩකඩ සපයන සේමසිංහ ණයගැති කාන්තාවන් මත තවත් ණය පටවන්නට යෝජනා කරන අතරේ අගවන්නේ තැන්පතු කරුවන්ගේ ධනයෙන් පොහොසත් සමෘද්ධිය මුල්ය කොම්පැනි වල ආශාවන් සඳහා කැප කිරීම යහපත් බවයි. අවුරුදු දෙකකට පසු අස්වැසුම නාඩගම දිඟ හැරෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඇස් අරිය යුත්තේ හිස් වචන දොඩවන මධ්යම පන්තිකයින්ය.
    තමන්ට ඇතිතරම් කඩේ යන්නට නිදහස නැතැයි මධ්යම පාන්තිකයෝ කෙඳිරි ගාද්දී ගොවියෝ, ධීවරයෝ, කුඩා කර්මාන්තකරුවෝ ඉල්ලන්නේ තමන්ගේ ජිවනෝපයන් ස්වාධීනව කරගෙන යාමට අවශ්යය පරිසරය සකස් කරන ලෙසයි. මේ ඉල්ලීම අද ඊයේ කෙරෙන දෙයක් නොවෙයි.
    චින්ගීස් අයිත්මාතව්ගේ අම්මා සහ මිහිකත නවකතාවේ මෙවැනි දෙබසක් තිබෙනවා.
    අම්මා නොහොත් තල්ගනායි, තමන්ගේ සැමියාගෙන් අසනවා,
    “සුවන්, අපට වාසනාව ලැබේවි නේද?”
    තල්ගනායි සහ සුවන්කුල් දෙදෙනාම ඉතා වෙහෙස මහන්සි වී වැඩකරන අඳ ගොවියෝ.
    සුවන්කුල් මෙසේ පිළිතුරු දෙනවා.
    “ඉඩම් සහ ජලය සමාන ලෙස බෙදා දෙනවානම්, අපට අපේම කුඹුරක් ලැබෙයි නම්, සී සෑමට තිරිඟු වැපිරීමට සහ අපේ තිරිඟු කොටා සුද්ද කරගැනීමට අපට ඉඩකඩ ලැබේ නම්, අන්න එය තමයි අපේ වාසනාව, තල්ගනායි. එයට වඩා වැඩි වාසනාවක් කෙනෙකුට අවශ්යය නැහැ. ගොවියාගේ වාසනාව රඳා පවතින්නේ ඔහු වපුරන සහ කපා ගන්නා ප්රමාණය අනුවයි.”
  • තෙල් මිල, ජල බිල ඉහළ යද්දී අඩුවෙන උද්ධමන විජ්ජාව

    තෙල් මිල, ජල බිල ඉහළ යද්දී අඩුවෙන උද්ධමන විජ්ජාව

    රටේ උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇතැයි නිවේදනය කළ දිනයේම තෙල් මිල වැඩිවිය. ඊට දින දෙකකට පසු එනම් ඊයේ දිනයේ ජල විදුලි බිල සියයට 20න් ඉහළ යන ලදී. බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් වන්නේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී සහ වැඩි අගයක තිබෙද්දී උද්ධමනය අඩුවන්නේ කෙසේද යන්නයි.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය.

    මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ.

    එය පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා වුණි.

    ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ පැවති 16.2%ක අගය මේ මාසයේ 10.5% දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

    පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා. ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ යද්දී ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% දක්වා ඉහළ ගියා.

    මෙවැනි තත්ත්වයකදී උද්ධමනය බැලූ බැල්මට විශාල ලෙස පහළ ගොස් තිබෙනවා.

    නමුත් මෙහි පවතින විජ්ජාව වන්නේ ලංකාවට අදාළ ව මේ දිනවල උද්ධමනය අඩු වී ඇත යන්නෙන් අදහස් වන්නේ එදිනෙදා භාණ්ඩවල මිල ඉහළ යාමේ වේගය අඩු වී ඇත යන්නයි.
    තෙල් මිල හා ඒ හා සිදුවූ සිදුවීම් හා මෙකී උද්ධමන කතාව ඇසුරෙන් මෙය සලකා බැලුවහොත් මින් කියවෙන්නේ දැන් තෙල් මිල ඉහළ යාමේ වේගය අඩු වී ඇති බව යි.

    තෙල් පෝලිම් වල සිට තෙල් පෝලිම් නැති වීම දක්වා ගත් තෙල් මිල වැඩි කිරීම ගත හොත් එය රුපියල් සිය ගණනක වැඩිවීමකි. මේ අනුව උද්ධමනය අඩු වීම කියා පැවසීම පැහැදිලි ය. විදුලි බිල පිළිබඳව ද සිතා බැලිය යුත්තේ මෙය යි. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වික්‍රමය මෙය යි. ගෝඨාභය රාජපක්ෂ ව මිනිස්සු විසින් එළවීමෙන් පසු බලය අත්පත් කරගත් රනිල් ප්‍රමුඛ පොහොට්ටු ඇමති මණ්ඩලය කළේ ඉතා විශාල ලෙස තෙල් හා විදුලි ගාස්තු ඉහළ දැමීම යි. ගෑස් සම්බන්ධයෙන් ද සිදු වූයේද මෙය යි. ඉන් පසු මිනිස්සු ඉතා අධික මිලට ඒවා මිලදී ගැනීමේ දී පරිභෝජන සීමා ද ඇති කර ගන්නා ලදී. ඉන් පසු දැනුත් භාණ්ඩ මිල වැඩි වන අතර නමුත් ඒ සෙමිනි. ඉතින් දැන් ඔවුන් මෙය ආර්ථිකය ස්ථාවර කරා යයි මෙම අංක විජ්ජා යොදාගෙනයි.

  • 65%ක විදුලි ගාස්තු ඉහළ යාම ජල ගාස්තුවටත් බලපායිද?

    65%ක විදුලි ගාස්තු ඉහළ යාම ජල ගාස්තුවටත් බලපායිද?

    ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදු වීමේ අවධානමක් මතුව තිබෙනවා.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පානීය ජලය බෙදා හැරීමේ දී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විදුලි ඒකක විශාල ප්‍රමාණයක් වැය වීම නිසා ඉහළ යන විදුලි ගාස්තුවට අනුරූපීව ජල ගාස්තු ඉහළ යෑම වැළක්විය නොහැකිව ඇති බවයි.

    මේ අනුව විදුලි ගාස්තුව ඉහළ දැමීමක් සිදුවවුහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තුව ද ඉහළ දැමීමට අනිවාර්යෙන්ම කටයුතු කිරීමට සිදුවනු ඇති.

    මේ අතර 65%කින් විදුලි බිලේ ගාස්තු ඉහළ දැමීමේ සම්බන්ධ යෝජනාව අද (02) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මෙම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තු සහ ස්ථාවර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

  • ජල ගාස්තු 130%න් ඉහළට

    ජල ගාස්තු 130%න් ඉහළට

    ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇති අතර එම ගාස්තු ඉහළ දැමීම ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

    අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ රුපියල් 123 ක ජල ගාස්තුව මෙම ඉහළ දැමීමත් සමඟ රුපියල් 448 ක් බවට පත්ව සියයට 264 කින් ඉහළ යයි.

    ගෘහස්ථ ජල ගාස්තු පළමු ජල ඒකක 5 සඳහා ඒකකයක් සඳහා පැවැති රුපියල් 12 ක ගාස්තුව රුපියල් 20 දක්වා සියයට 67 කින් ඉහළ දමා ඇති අතර ඒකක 6 සිට 10 දක්වා ඒකකයක මිල රුපියල් 27 ක් දක්වා ද, ඒකක 11 සිට 15 දක්වා ඒකකයක මිල රුපියල් 34 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.

    ජල ඒකක 16 සිට 20 දක්වා මිල රුපියල් 68 ක් දක්වාත්, ඒකක 21 සිට 25 දක්වා ඒකකයක මිල රුපියල් 99 ක් දක්වාත්, ඒකක 26 සිට 30 දක්වා ඒකක මිල රුපියල් 150 ක් දක්වාත් ඉහළ දමා ඇති අතර ඒකක 31 සිට 40 දක්වා ඒකක මිල රුපියල් 179 ක් දක්වා ද, ඒකක 41 සිට 50 දක්වා ඒකක මිල රුපියල් 204 ක් දක්වා ද, ඒකක 51 සිට 75 දක්වා ඒකක මිල රුපියල් 221 ක් දක්වා ද, ඒකක 75 ට වැඩි ජල ඒකකයක් රුපියල් 238 ක් දක්වා ද, ඉහළ දැමූ බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    ජල ඒකක 25 ක් දක්වා රුපියල් 100 ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 300 ක් දක්වා ද, ඒකක 26 සිට 30 දක්වා පැවැති රුපියල් 200 ක සහ ඒකක 31 සිට 40 දක්වා රුපියල් 400 ක සේවා ගාස්තුව රුපියල් 900 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති අතර ඒකක 41 සිට 50 දක්වා රුපියල් 650 ක් සහ ඒකක 51 සිට 75 දක්වා රුපියල් 1000 ක්ව පැවැති සේවා ගාස්තු රුපියල් 2,400 ක් දක්වාත් ඒකක 75 ට වැඩි බිල්පත් සඳහා මින් පෙර පැවැති රුපියල් 1600 ක සේවා ගාස්තුව රුපියල් 3,500 ක් දක්වාත් ඉහළ දමා තිබේ.

    මාසිකව ජල ඒකක 15 ක් පාවිච්චි කරන සාමාන්‍ය පවුලක පැවැති රුපියල් 347.20 ක ජල ගාස්තුව මෙම නව සංශෝධනය අනුව රුපියල් 789 ක් දක්වා සියයට 130 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

    රජයේ පාසල්, රජයේ උපකෘත පාඨශාලා, ආගමික සහ පූජනීය ස්ථාන සහ රජයේ අනුමත පුණ්‍ය ආයතනවල පළමු ඒකක 40 දක්වා ගාස්තුව ඉහළ එළසම පවතින බවත් සමෘද්ධි ලාභීන්ට සහ වතු නිවාසවල ඒකක ගාස්තුව ඉහළ දමා නොතිබුණ ද සේවා ගාස්තුවේ ඉහළ දැමීම ඔවුන්ට ද අදාල වේ.

  • මැති ඇමතිවරු 45ක් ජල බිල්පත් ගෙවීම පැහැර හැරලා

    මැති ඇමතිවරු 45ක් ජල බිල්පත් ගෙවීම පැහැර හැරලා

    ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

    බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව මෙම පිරිසට විරුද්ධව නීතිප්‍රකාරව කටයුතු කිරීමට ජල සම්පත් මණ්ඩලය තීරණය කර ඇතැයිද දැනගන්න ඇත.

    මැතිඇමතිවරුන්ට ලබාදෙන ජල සම්බන්ධතා මෙම නොගෙවා සිටීම නිසා මේවනවිට සිඳලා ඇත්දැයි කරුණු විමසූ අතර එහිදී එම නිළධාරියා ප්‍රකාශ කළේ තවමත් එම ජල සම්බන්ධතා සිඳලීමට කටයුතු කර නොමැති බවයි.

  • ලෝක ජල දිනය මාර්තු 22 දින සමරනු ලැබුවා .

    ලෝක ජල දිනය මාර්තු 22 දින සමරනු ලැබුවා .

    පසුගිය වසර සියය තුළ ගෝලීය ජල පරිභෝජනය හය ගුණයකින් වර්ධනය වී තිබේ . එක්සත් ජාතීන්ගේ පර්යේෂණ වලට අනුව, ජනගහනය, දේශගුණය සහ ආර්ථික සංවර්ධනය යන බලපෑම් හේතුවෙන් වසරකට 1% ක අනුපාතයකින් මේ තත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව පවසනවා .

    ජලයේ බහුමානීය වටිනාකම ජලය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු වලින් එකක් බවට පත් කර ඇත. දශකයේ අවසානය වන විට එක්සත් ජාතීන්ගේ ඉලක්කය පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව සඳහා විශ්වීය ප්‍රවේශයක් ලබා දීම සඳහා පෘථිවිය කැප කරන අතර ලොව පුරා බොහෝ ගංගා සහ විල් විවිධ හේතූන් මත දැඩි දුෂණයට ලක්වී තිබීම මත එම අරමුණ ඉෂ්ට කර ගැනීමේ දුෂ්කරතා මතු වී තිබේ. අනුව ඔවුන් යෝජනා කරන්නේ ගංගා ඇළ දොළ ආරක්ෂා කර ගැනීම සඳහන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙන බවයි.

    දූෂණය සඳහා විවිධ හේතු බලපාන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව ගංගා ඇළ දොළ වල දූෂණයට ඉවහල් වෙන හේතු අතර, මසුන් ඇල්ලීම, විශාල වේලි සහ කෘතිම ඇළ මාර්ග ඉදිකිරීම , විධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම ක්‍රමානුකූලව මේ සඳහා බලපෑම් අති කර තිබේ .