Breaking News

ඉරාජ් – අරගලයෙන් පසු ලෝකයට සාදරයෙන් පිළිගනිමු

බුද්ධික බණ්ඩාර

ජූනි 28 වෙනිදා පැවැත්වීමට නියමිත රඟහල සංගීත ප්‍රසංගයට සම්බන්ධවීම කසුන් කල්හාර සහ උමාරා ප්‍රතික්ශේප කර තිබෙනව. ඒ එම සංගීත ප්‍රසංගයේ සංවිධායකවරුන් මුලින් පැවති එකඟතාවයන් සහ දැනුවත් කිරීම්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙනුයි.

කලා කරුවන් සමාජ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් තමන්ගේ කලා නිර්මාණ හරහා සංවේදී වීම අලුත් දෙයක් නෙවෙයි. ලංකාවේ විරෝධතාකල්පික කලාවට දිගු ඉතිහාසයක් තිබෙනව. ඒත් එයටත් වඩා ඉදිරියට ගෝස් සෘජුවම වර්ජනය (Boycott) වැනි දේශපාලනික ක්‍රියාවකට ගමන් කිරීම අභියෝගාත්මක දෙයක්. එවැනි ක්‍රියාවක වෘත්තිමය පැත්තෙන් තිබෙන අවධානම වැඩියි.

ඉරාජ්ගේ භාවිතාව පමණක් නොවේ කලාවත් ජාතිවාදය, ලිංගවාදය, සමලිංගික විරෝධය සහ ආගම්වාදී දේශපාලනය ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුමක්. මෙවැනි භාවිතාවන් පසුගිය අරගලය තුළ තියුනු ලෙස අභියෝගයට ලක් කෙරුන. අරගලයෙන් පසු කිසිවක් වෙනස් නොවුනු බවට උදම් අනන ඉරාජ්ලට අරගලයෙන් පසු ලෝකය වෙනස් බවට මතක්කර දීම ගැන කසුන්ලට සහ උමාරලට ආචාරය හිමිවිය යුතුයි.
නිර්ප්‍රචණ්ඩ අරගල සම්බන්ධයෙන් න්‍යායචාරියෙක් වෙන ජීන් ශාප් වර්ජනය කිරීම් සළකන්නේ ප්‍රමුඛ නිර්ප්‍රචණ්ඩ අරගල භාවිතයක් ලෙසයි. එයට දිගු ඉතිහාසයක් තිබෙනව වගේම විවිධ ආකෘති පවතිනව. කලාවත් එක් ආකෘතියක්.

1964 වසරේදී බීටිල්ස් ගායක කණ්ඩායම ඇමෙරිකාව තුළ කළු ජාතිකයින්ට සහ සුළු ජාතිකයින්ට වෙන්ව ආසන වෙන්කරන සංගීත ප්‍රසංගවල ගීත ගායනා කිරීම වර්ජනය කලා. ඒ සිවිල් අයිතිවාසිකම් පිළිබද අරගලයට සහය දැක්වීමක් වශයෙන්. 2010 වසරේදී රේජ් එගේන්ස් ද මෙෂීන් නව සංක්‍රමණික නීති වලට විරෝධය පාමින් ඇරිසෝනා ප්‍රාන්තයේ ගී ගැයීම වර්ජනය කලා. ඒවගේම මාශා ආමිනීගේ මරණයෙන් පසු ඉරාන කලා කරුවන් රාශියක් ඉරාන රජයේ කලා ආයතන වර්ජනය කිරීමේ සුවිශාල විරෝධයක් ආරම්භ කලා.

ඒ වගේම අතීතයේ දී දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට එරෙහිව සාර්ථක වර්ජන ව්‍යාපාරයක යෙදුනු කලා කරුවනුත්, වර්තමානයේ ඊශ්‍රායලයේ පලස්තීන යටත්විජිතකරණයට එරෙහිව වර්ජන ව්‍යාපාරයක යෙදෙන කලාකරුවනුත් මෙහිදී ප්‍රධානයි. ඒ පැත්තෙන් බලන විට උමාරගේ සහ කසුන්ගේ ක්‍රියාව එම නිර්ප්‍රචණ්ඩ අරගල සම්ප්‍රධායෙම දිගුවක්.

මෙහිදී රඟහල සංගීත ප්‍රසංගය වර්ජනය කිරීමට මුලින්ම ක්‍රියාකල එහි රසික ප්‍රජාවේ කොටස් වලට මෙහි මූලික ගෞරවය හිමි විය යුතුයි. ජනප්‍රිය කලා රසිකයන් කියන්නේ හිස් අහිමි රිද්මය පමනක් හඹායන නිශ්ක්‍රීය ප්‍රජාවක් කියල සිතන සිතීම ඔවුන් අභියෝගයට ලක් කරල තිබෙනව. ඔවුන් වර්ජනය හරහා රසිකත්වය දේශපාලන බලයක් බවට පෙන්වා දී තිබෙනව.

ඉරාජ් . මේ අරගලයේ පරම්පරාවයි.

leave a reply