ධම්මික පැණි අතිරේක ආහාරයක් ලෙසවත් නිෂ්පාදනය බැහැ

සායනික පරික්ෂෘවෙන් අසමත්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන්නැයි ඊයේ (06) දිනයේ ධම්මික බණ්ඩාරට ලිඛිතව දැනුම් දුන් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර පවසයි.

මෙම පැනිය ආහාර අතිරේකයක් ලෙස නිෂ්පාදනය කිරීමට හා භාවිතා කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මීට පෙර අනුමැතිය ලබාදී තිබිණද එම කාලසීමාව මේ වන විට අවසන්වී ඇති බවයි ලේකම්වරිය පවසා තිබේ.

මෙම පැණිය පානය කිරීමෙන් කොවිඩ් වෛරසය සුවවන බවට කෑගල්ලේ ධම්මික වෙදමහතා දිගින් දිගටම ප්‍රකාශ කිරීමත් සමඟ එය සායනික පරීක්ෂණයකට යොමු කිරීමට මීට පෙර කටයුතු සම්පාදනය කර තිබිණි.

කෙසේ වෙතත් අදාළ සායනික පරීක්ෂණයෙන් මෙම පැණිය පානය කිරීමෙන් කොවිඩ් සුව නොවන බවට තහවුරු වී ඇති බව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවේ සඳහන් කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ ධම්මික පැනිය මගින් කොවිඩ් වෛරසයට එරෙහිව කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...