Breaking News

(නො) දිස්වන කථා වත – හිත හොද ගෑනි හැමදාම බඩින් සිටියාට ඇයට බඩුවක් නොවීමට පුලූවන

නීතිඥ උදාරි සමන්තිකා

මෙලොව එළිය දකින පමණින්ම නිරායාසයෙන් ආරෝපිත අනන්‍යාගේ රූ වැනුමි, ගුණ වැයුමි මෙන්ම අගුණ කියුමි තුල තම දිවි ගෙවන කාන්තාවට ලොව හිමි තැන කොබදුද යන්න සාධාරණ මනසකින් මොහොතක් මෙනෙහි කරමු. අතීතයේ පටන් කවි කරන්නාගේ සොදුරුතම ශෘංගාරයත් , සිත්තරුවාගේ සොදුරුතම සි්ත්තමත් , ගායකයාගේ ගීත ලාලිත්‍යත් කාන්තාවය. බුදු බණේ ද කාන්තාවගේ උසස් ගුණ දෙසුමි ද කාන්තාවගේ චපලත්වය , අණුවනත්වය අලලා දෙසුමි ද තුලින් කාන්තාව ෙඓතිහාසික විෂය වස්තුවකට උරුමකමි කියා ඇත.

සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින – නිසි පුලූලූකුල රිය සකයුරු තිසර තන
තොටගමුෙවි ශී‍්‍ර රාහුල හිමියන්ගේ සැලළිහිණි සන්දේශයේ එන සැලළිහිණියාට ගමන් මග විස්තර කරනු වස් ඉතාමත් ශීෂ්ඨ සමිපන්න වචන අමුණමින් නෙත් සිත් බැදගන්නා රූ සපුවෙන් පිරි කාන්තාව මං සළකුණකට අලලා කාව්‍යත්වය නිර්මාණාත්මකව අලංකරණය කර ඇත. සත්‍යයෙන්ම කාන්තාවගේ සුකොමලභාවය , ලාලිත්‍යභාවය ,මෘදු මොලොක් භාවය කාන්තාවට නිතැනින්ම ආෙවිණික වූ ගති ලක්ෂණයන් ෙවි.
ලියක් , වැලක බදුය. වැලට වෙලී අතුපතර සැරිසරන්නට මෙන්ම වල් පිපෙන්නට ඵල දරන්නට සාරය ලබන්නට රූස්ස රුකක් අවශ්‍ය වන්නාසේම ලියකට ඇලී වෙලි ජීවත්විමට ශක්තියක් වීමට , ආරක්ෂා වීමට රූස්ස රුක නමැති පුරුෂයකු ද අත්‍යවශ්‍ය ෙවි. රුකක් නොමැති වැල ඉබාගාතේ හැදී වැඩෙන්නා සේ පුරුෂයෙක් නොමැති කාන්තාවකට ද අරමුණකින් තොරව ජීවත් විමට සිදුවනවා පමණක් නොව සමාජයෙන් නින්දා අවමාන අඩු ලූහුඩුකමි ලබන්නටද සිදුවන බව නොරහසකි. කාන්තාව පමණක් නොව කාන්තාව සහ පුරුෂයා දෙදනාම ලොව සොදුරු වස්තූන්ය. එසේ වුවද ෙමි සොදුරු බව දුලබ බවත් බහුතරයක් පිරිමියා හමුෙවි කාන්තාව ලබන අවමානය සුලබ බවත් කිව යුතුමය.

ෙමි කෙසේ වූවද කාන්තාවට නිතැනින්ම සමාජයෙන් හිමිව ඇති තවත් දායාදයක් වන්නේ බාල සංග‍්‍රහයයි. ඇතැමි විට කාන්තාවගේ නුවණ හැදි මිෙටි තරමිය . ඇතැමි විට කාන්තාවගේ පින කුණුමුල්ලේය. ඇතැමි විට කාන්තාව වහලියෙකි. ඇතැමි විට සමාජයේ විශ පෙවූ ආයුධයකි. ඇතැමි විට සැමට ඇති තරමි සතුටු විය හැකි තුටිටු දෙකේ සෙල්ලමි භාණ්ඩයකි. ඇතැමි විට පදමට රසය විද මොහොතින් ඉවත දමන හපයකි. ඇතැමි විට පයට පෑගෙන ¥විලල්කි. ඇතැමි විට කදිමට අලෙවි වන වෙළද දැන්වීමකි . ඇතැමිවිට බර අදින කිරි එළදෙනකි. බොහෝ විට ගණිකාවකි.

පිරිමින්ගේ පාප කඳට දෝෂ විදින ලදුනේ……
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ…….

පිරිමි කොතරමි දුශ්චරිත වූවද එකී දුශ්චරිත පිරිමියා තම ඔිනෑ එපාකමි රිසි සේ භුක්ති විදිමට ආරාධනා කරන කාන්තාව පමණක් පිරිමින්ගේ පාප කදට සමාජයෙන් දෝෂ ලැබිය යුතු ද….. කාන්තාවගේ හදවත සමාජයට නොපෙනෙන්නේ මන්ද ………. ලැම පමණක් සමාජය දකින්නේ මන්ද…… මොහොතක් සිතීමට පාඨක ඔබට භාර කරමි.

ෙමි සියලූ කාරණා කාන්තාවක් කාන්තාවක ලෙස ෙමි මහ පොළොව මත ඉපදීම හේතුවෙන්ම ඇයට පාරමිපරිකව සමාජයෙන්ම දායාද කර ඇති සංග‍්‍රයන් වන නිසා ඒවා භුක්ති විදිමට ඇයට සිදුව ඇති මොහොතකදී ශාරිරික ශක්තියෙන් පිරිමියාට දෙවෙනි වන කාන්තාවගේ මෙම දුබලකමින් ප‍්‍රයෝජන ගන්නා මනසින් උසස් යැයි කියා ගන්නා සත්වයා සමාජයේ පැසසුමි ලබමින් පුහු වීරත්වයක් ලබයි.

දියුණු සමාජයක ලොව පිළිගත් රැුකියාවක නිරතව සිටින කාන්තාවක වූවද මා මීට පෙර කී මනසින් උසස් යැයි කියා ගන්නා සත්වයාගේ උසුලූ විසුලූ කමි වලට භාජනය වන්නට සිදුවන අවස්ථාද නැත්තේම නොෙවි. ඇතැමි පිරිමින්ට කාන්තාවගේ උගත්කම, වෘත්තිය, රැුකියාව සමාජයේ සිටින ස්ථානය , පවුල් පසුබිම තාන්න මාන්න ෙමි කිසිවක් අදාලම නැත. ඔවුන්ට අදාල ගැහැණියක් යන සංකල්පය පමණකි. මොවුන් තම කතාවෙන් හෝ හැසිරිමෙන් හෝ ව්‍යංග ඇගවීමෙන් හෝ අල්ලාප සල්ලාපයෙන් කාන්තාවක ¥ෂණයට ලක්කිරිමට සමත්වි ඇත. බොහේාවිට සමාජය කාන්තාගේ දුබල කායික සහ මානසික ශක්තියෙන් හරි හරියට බරපතල ලෙස ප‍්‍රයෝජන ගැනිමට පුරුදු පුහුණු වි සිටියි.

කාන්තාවගේ අයිතිවාසිකමි ආරක්ෂා කිරිම පිණිස අනේක විධි නීති පණවා දඩුවමි නියම කර ඇත. කාන්තාවන්ගේ අයිතින් සුරකිෙමි සංවිධාන පිහිටුවා ඇත. කාන්තා දිනයට කාන්තාව වෙනුවෙන් ගුණ වැයිමට , කාන්තා අයිතීන් කියා පෑමට, එකි මෙකී නොකී සමාජ කි‍්‍රයාකාරකමි සිදු කිරිම කරනු ඇත. එහෙත් සත්‍ය වශයෙන් කාන්තාවට සමාජයෙන් චරිත සහතික නොලබා නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩ නැගිමට පෙර කී සමාජ සත්වයාගේ මනස දියුණු කිරිමට කිසිදු සමාජ ක‍්‍රියාකාරකමක් සමත් වි නොමැති බව කණගාටුවෙන් කිව යුතුය.

කාන්තාව ගැන ගීත රචනා කරන්නේ ද බොහෝවිට පිරිමින්ය. ගීත ගයන්නේ ද බොහෝ විට පිරිමින්ය. කාන්තාව ගැන කථා කරන්නේද බොහෝවිට පිරිමින්ය. කාන්තාවට හිංසා පීඩා පමුණුවන්නේද බොහෝ විට පිරිමින්ය. එසේම කාන්තාවට නිසි තැන ලබා දිෙමිදී අවස්ථාව අහිමි කරවන්නේ ද බොහෝවිට පිරිමින්ය. එහෙත් ෙමි සියලූ බාධක හමුෙවි කාන්තාවට නොවැටි සිටිමට අමිල චි්ත්ත ශක්තියක් මහබඹු දායාද කිරිමට අමතක කොට නැත. දිරිය ගැහැණුන් ලොව පහළ වී මහගු සමාජ සත්කාර්යයන් සිදුකර ඇති කථා පුවත් අප අසා බලා ඇත්තෙමු.

පිරිමි සමාජයෙන් කාන්තාවට සිදු කරන දැඩි අකටයුතුකමිවලට වඩා අතිශය භයානක හදි හූනියමි කාන්තාවක හෝ කාන්තාවන් විසින් තවත් කාන්තාවකට එරෙහිව සිදුකිරිම පිළිබදව කථා කළයුතුමය. කාත්නාව එරෙහිව කාන්තාව පිළිබදව මොහාතක් කථා කළහොත් ,

කාන්තාවක් තවත් කාන්තාවක තමාට වඩා උසස් වනවාට, ලස්සන වනවාට, අගපසග පිහිටුවනවාට, දැනුමින් නුවණින් පෝෂණය වනවාට, තාන්න මාන්න ලබනවාට, තුති පැසසුමි ලබනවාට , ලාභ සත්කාර ලබනවාට, මිල මුදල් ලබනවාට, සතුටින් සමගියෙන් ජීවත් වනවාට කැමතිම නැති බවක් පෙනෙයි. ඒ හේතුවෙන්ම, ඇති හැකි කාන්තාවකට නැති බැරි කාන්තාව ඊර්ෂ්‍යා කරයි . තමාට වඩා උසස්වීමි සහ උසස්කමි ලැබීමට එරෙහිවන එවැනි කාන්තාව , සාමාන්‍ය පුද්ගලයකුට සිතීමටවත් නොහැකි දැඩි තාඩන පීඩන ගල් මුල් ප‍්‍රහාර එල්ල කරනු ලබයි. මෙය පිරිමියකු විසින් ගැහැණියකට සිදු කරනු ලබන පීඩාවන්ට වඩා අතිශය බරපතල භයානක ක‍්‍රියාකාරමක් වනවා මෙන්ම විවිධ ස්වරූපයේ අකටයුතුකමි ද සහිත ෙවි. මමද කාන්තාවකි…. ඇයද කාන්තාවකි….. ඇයගේ උසස්කම මා කාන්තාවක ලෙස අගය කළ යුතුව ඇත…… යනුවෙන් ලස්සන සිතුමි පැතුමි පිහිටන කාන්තාවන් ලොව අල්පය. කාන්තාවකගේ හොද කිමට වඩා වරද කියා පෑමට තවත් කාන්තාවක සහජයෙන්ම දක්ෂ වී ඇති බව පෙනේ.

පැරණි කාන්තාවට වඩා නූතන කාන්තාව සමාජයේ දියුණු තත්වයකට උරුමකමි කියනු ලබයි. කාන්තාවන් විසින් ලොව මුල් පුටු හොබවනු ලබන අවස්ථා සුලබය. එහෙත් බහුල වශයෙන් කිවයුතු ශෝචනීය කාරණාව වන්නේ ඇතැමි කාත්නාවට උසස් තනතුරු ලැබීම කටුසු කරේ රන් බැන්දා සේය. අප‍්‍රමාණ උඩගුකමක්, බල පුලූවන්කාරකමක් , මහන්තත්තකමක් , අවනීතියක් , පුහු මානයක් ආරෝපණය කරගනිමින් සිය තනතුරේ වැජඹෙන , වැඩ නොකරන කාන්තාවෝ සිටිති. කොටින්ම මොවුන් සමග කටයුතු කිරිමට පහළ සෙස්සන්ට සහ සේවය පතන්නන්ට කල්කදුරු වී ඇත. සේවයක් සිදුකරනවාට වඩා මෙවැනි වර්ගයේ කාන්තාවන් සිදු කරන්නේ ඔවුන් වගකිවයුතු මුලූ ක්ෂේත‍්‍රයම අවුලෙන් අවුලට පත් කිරිමයි. මෙම තත්වය ගැහැණියද පිරිමියාද යන්න පිළිබදව නොව එකී තනතුර හොඹවන පුද්ගලයාගේ යහපත් අයහපත් සංකල්පනාවන් මත ඉහත කී දැ දෝලනය වන බව කෙනෙකුට තර්ක කළ හැකි නමුදු මා මෙහි සදහන් කරන්නේ බොහෝ විට උසස් තනතුරු හොබවන ඇතැමි කාත්නාවන් නිසා පීඩාවට පත්වෙමින් මැසිවිලි නගන සමාජ කොටස් සිටිම නොරහසක් බැවිනි.

එසේම කාන්තාව විනීත ඇවතුමි පැවතුමිවලින් යුතු විය යුතුය. කාන්තාවගේ වටිනාකම රදා පවතින්නේ ඇයගේ කල්කිරියාව මතය. බුදු දහෙමි විස්තර වන අවලස්සන ක‍්‍රියා අතර දුවන කාන්තාවද අවලස්සන බව දේශනා කර ඇත. තවද උරුවමි බාන ස්ත‍්‍රිය මූසල ස්ත‍්‍රියක් බවට දක්වා ඇත. ෙමි ක‍්‍රියාකාරකමි තුලින් සමාජයක් ස්ත‍්‍රියකගේ හැසිරිමි යමි මටිටමකට කප්පාදු කිරිමෙන් සහ ඇවැත් පනවමින් ඇයගේ වටිනාකම ඉහළ නංවා ඇත. කාන්තාව, ආදරණීයත්වයත් සුන්දරභාවයත් ආරෝපණය කරමින් සුරක්ෂිත කළ යුතු වස්තුවක් බවට පිළිගෙන ඇත.

විෂම සමාජයේ කාන්තාව එකී සුරක්ෂිතභාවය රක්ෂා කරගැනිමට වගබලාගත යුතුය. විශේෂයෙන් මුහුණු පොතේ දී වංචාකාර පිරිමින්ගේ මායා දැලෙහි කාන්තාව නොදැනුවත්වම පැටලී සිය ජීවිතය පවා අත්හැර දැමිටට සිදුව ඇති අවස්ථා බහුලය. ගුණ කියන්නට වඩා ගුණ මකන්නට අය බහුලය. රුව වැනූ අවස්ථාවාදී තිරිසනුන් ගුණ කියන්නේ නැත. ෙමි වෙළද භාණ්ඩයේ තත්වය ගැන මහත් අභිරුචියෙන් වීරයන් සේ කථා ගොතන බව පෙනේ. එනිසාම කාන්තාවකට හිරි ඔතප් තිබිය යුතුමය. පවට වරදට බිය යුතු වියයුතුමය.

ෙමි කරුනු අතරම නොදැක්විය නොහැකිම කාරණයක් පවතී . එනමි, කොතෙක් නිර්දෝශි කාන්තාවක් වුවද පළිගැනිමි සහිත සමාජයෙන් නිකමිම භාණ්ඩයක් වන අවස්ථා ද ඇත. හිත හොද ගෑනි හැමදාම බඩින් සිටියාට ඇය බඩුවක් නොවීමට පුලූවන . ඒ , එකි කාන්තාව ඒ පිරිමින්ගේ බසට අවනත වන සහ ඔවුන්ගේ රුචි අරුචිකමි පිරිමහන බැවිනි. එහෙත් පිරිමින්ගේ අවශ්‍යතා සහ මන දොළ සැපිරිමට නොයන කාන්තාව රුදුරු සමාජයට කදිම භාණ්ඩයක් ලෙස හුවා දැක්වීමට ද පුලූවන. ඔිනෑම අවස්ථාවක කාන්තාවකට පිහිට ලබා දිමට සිටින පිරිමින් අනන්තය. අප‍්‍රමාණය. විශේෂයෙන් අසරණ වූ විට කල දුටු කළ වළ ඉහගැනිමට උත්සාහ කරන පිරිමින් අප‍්‍රමාණය. ෙමි සෑම ක‍්‍රියාවකම අවසන් ප‍්‍රථිඵලය කාන්තාව භාණ්ඩයක් වීම පමණි. ෙමි අතරම කාන්තාව භාණ්ඩයක් කර නොනැවතී , රුදුරු සර්පයන් ලෙස පැමිණ දෂ්ඨ කර රීරි මාංශ උරාබීමට වෑයමි කරන මනනසින් උසස් යැයි කිමටවත් නොහැකි තිරිසන් ගත දෙපා සත්වයෝ ද සිටිිති.

මෙවැනි විෂ සහිත සමාජයක ජීවත්විමට සිදුව ඇති කාන්තාවක් වෙනුවෙන් ඇයට වූ අකටයුත්තකදී හෝ අසාධාරණයකදී අවධියෙන් සිට හඩක් නැගිමට බලයක් සහිත පිළිගත හැකි කාන්තා වෘත්තිකයන්ගේ සංවිධානයන් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට ශක්තිමත්ව ජාලගත කිරිමට වැඩ පිළිවෙලක ආරමිභයක් සනිටුහන් කරමින් කාන්තාව, කාන්තාව විසින්ම සවිබල ගැන්විමට කටයුතු කිරිමට කාලය එළඹ ඇත්තේ නොෙවිද……

 

leave a reply