Breaking News

නැටවෙන රූකඩ

සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්වූයේ මැති ඇමතිවරුන්ට අමතරව බොදු බල සේනා සංවිධානෙය් මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.

මුස්ලිම් අන්තවාදයක් රට තුළ ක්‍රියාත්මක බව පවසමින් ඒ පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා විවේචනය කළ ඥානසාර හිමිගේ පැමිණීම සමාජ මාධ්‍ය තුළ විශේෂ කතා බහකට ලක්ව තිබේ.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වී තිබිණ. අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අෙබ්වර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මීට එක්ව සිට තිබේ.

වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි පසුගියදා වාර්තා විය. ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞද අරාබි රාජ්‍යයේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන්නැය ද එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

කෘෂිකර්මික, පොහොර නිෂ්පාදනය ඛනිජතෙල් ගබඩා පහසුකම් ඉදිකිරීම ඉන්ධන සැපයුම් ස්ථාන පිහිටුවීම පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ශ්‍රි ලංකාවට ලබා ගැනීම පිළිබඳව එහිදී සකච්ඡාකර ඇතැයි වාර්තා විය. ඒ අනුව රටක් ලෙස ආර්ථික අර්බුදයෙන් බැට කන අවස්ථාවක සෞදි රාජ්‍යයේ මැදිහත්වීම අපේ රට කෙරෙහි තීරණාත්මකව බලපානු ඇත. ඒ සඳහා ලංකා රජයට සෞදි අරාබිය ශේප් කරගැනීම අවශ්‍යව තිබෙන්නට ඇත.

ගලබොඩඅත්තේ හිමිට ජාතිය අමතක වී ඇත්තේ ඒ නිසා වියහැකිය යන සැකය බොහෝ දෙනා මතුකරමින් සිටියි.

leave a reply