අද විරෝධතාවයට අවසර නැහැ – පොලීසිය ලියුම් බෙදයි

දේශපාල පක්ෂ, සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මර්දනයට එරෙහි විරෝධයට අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම විරෝධය නිසා කොළඹ රැකියා ස්ථානවලට සහ රැකියා සඳහා පැමිණෙන්නට, වෙළඳ කලාපවල සිට පැමිණෙන වාහනවලට, විදේශීය සංචාරකයන්ට අවහිර සිදුවීම සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව දහ එම කටයුතු ප්‍රමාදවන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත.

පොලීසිය පවසන්නේ මෙම විරෝධතාවය සඳහා සම්බන්ධවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. එසේම ඉහත කරුණු නිසා මෙම විරෝධතාවයට අවසර නොදෙන බව පොලීසිය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...