අද විරෝධතාවයට අවසර නැහැ – පොලීසිය ලියුම් බෙදයි

දේශපාල පක්ෂ, සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මර්දනයට එරෙහි විරෝධයට අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම විරෝධය නිසා කොළඹ රැකියා ස්ථානවලට සහ රැකියා සඳහා පැමිණෙන්නට, වෙළඳ කලාපවල සිට පැමිණෙන වාහනවලට, විදේශීය සංචාරකයන්ට අවහිර සිදුවීම සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව දහ එම කටයුතු ප්‍රමාදවන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත.

පොලීසිය පවසන්නේ මෙම විරෝධතාවය සඳහා සම්බන්ධවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. එසේම ඉහත කරුණු නිසා මෙම විරෝධතාවයට අවසර නොදෙන බව පොලීසිය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...