බහුතරය මියුසික් කරද්දි අජිත් කුමාරසිරි ඝෝෂා කරනවා කියලා කියනවා. ඝෝෂාව මියුසික් එකක් ද?
කවුරු හරි තමන් අකමැති ශබ්දයක් අඟවන්නයි ඝෝෂාව කියන වචනය භාවිතා කරන්නෙ. තමන්ගේ අදහස ඝෝෂා කිරීමකින් ප‍්‍රකාශ කරන්න සමහරු ඝෝෂාව භාවිතා කරනවා. ස්වීට් මියුසික්වලට විරුද්ධ පැත්තට ඝෝෂාකාරී මියුසික් වගේ පවතින්නත් මොකක් හරි දෙයක් හදාගන්නවා. ඇත්තටම මිනිස්සු කොහොමත් ජීවත් වෙන්නේ තමා අකමැති ඝෝෂාවන් ඇතුළෙ තමයි. ගුවන් විදුලි සංස්ථාවෙන් හරි වෙනත් චැනල්වලින් හරි මිනිස්සුන්ට දීලා තිබුණු සම්ප‍්‍රදායයන් තුළින් කටහඬවල් අනුමත කරවපු විදියක් තිබුණා. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකය පුරාම සිද්ධ වුණා. ඒත් ලෝකෙ අනිත් අයටත් ඉඩ තියෙනවා. මිනිහෙකුට තමන්ගෙ ශබ්දයෙන් තමන්ගේ අදහසක් ප‍්‍රකාශ කරන්න තියෙන නිදහස අනිත් රටවල පිළිඅරන් තියෙනවා. ඒක කෙනෙක්ට ඝෝෂාවක් වෙන්න පුළුවන්. ඒත් ඝෝෂාව හදන එක මගේ ටාගට් එක නෙවෙයි. ඔතන තියෙන්නෙ ඔය කතාව කියන පිරිස් කොයි තරම් දුරට මියුසික් අහලා තියෙනවද, ලෝකයේ වෙනත් වැඩ දැකලා තියෙනවද කියන ගැටලූව. අද ගොඩක් දෙනාට මියුසික් කරන්න ස්ටේජ් එකක්, මයික් එකක් ඕන. එළිමහන් තැනක ස්වභාවික ශබ්දත් එක්ක මියුසික් කරන්න බෑ.
ඒ කියන්නෙ ඝෝෂාව මියුසික් එකක් කරගන්න පුළුවන්?
ඔව්. කොහොමටත් අද වෙද්දි ඝෝෂාව නිර්මාණවලට යොදාගන්නවා. ලෝකයේ විශ්වවිද්‍යාලවලත් ඒ සම්බන්ධයෙන් උපාධි පවා අනුමත වෙලා තියෙනවා.
සංගීතය වේවා, වෙනත් ඕනෑම කලාවක් වේවා ප‍්‍රධාන ධාරාව සහ විකල්ප ධාරාව කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ද?
ලෝකයේ එක්තරා කාලයක එහෙම වෙන් කරගත්තා. බලය හුවමාරු වෙන යාන්ත‍්‍රණයට සපෝට් කරන ආයතන ප‍්‍රධාන ධාරාවට වැටුණා. අනිත් පැත්ත වුණේ ඊට විරුද්ධව හෝ වෙනත් අදහස් දක්වපු කට්ටිය. මේ වර්ගීකරණය නිර්වාණ කියන බෑන්ඞ් එක ලොකු ප‍්‍රශ්නෙකට ගෙනාවා. ඒ අය ප‍්‍රධාන ධාරාවත් එක්ක බරපතළ හැප්පීමක හිටියත් එක්වරම විකල්ප ධාරාවෙ ඉඳලා ජනප‍්‍රිය ධාරාවට ආවා. බොබ් මාලෙ වුණත් කළු ජනතාව වෙනුවෙන් සටන් කරපු කාලයක් තිබුණා. ඒත් පස්සෙ එයා පාවිච්චි කරපු ජනප‍්‍රිය දේවල් එක්ක එයා ඔටෝමැටිකලි අනිත් පැත්තට වැටුණා. එයා වුණත් වමිඑ ියසඑ බදඅ දෙර පැග මට අනුව මේක ප‍්‍රධාන ධාරාව නෙවෙයි, ව්‍යාපාරික ධාරාව. ඇත්තටම ඒ ධාරාවෙ තිබුණෙ කලාව සම්බන්ධ සංකල්පවත් දේශපාලනික, සංස්කෘතික ඉවකින් යන දැක්මක්වත් නෙවෙයි. ඔය කියන ධාරාව තමන්ගේ පැවැත්ම උදෙසා ඕනම දෙයක් කොල්ලකන්න සූදානම්. පහුවෙද්දි විකල්ප ධාරාවෙ අය ප‍්‍රධාන ධාරාව පාවිච්චි කරන්නත් ප‍්‍රධාන ධාරාවෙ අය විකල්ප ධාරාව යූස් කරන්නත් පටන් ගත්තා. මේ නිසා යම් වර්ගීකරණයක් කරන්න ඕන හොඳ විශ්ලේෂණයක් තුළින්. සමහර වර්ගීකරණයන් වෙලා තියෙන්නේ හරි දැනුවත් බවකින් නෙවෙයි. මියුසික් ප‍්‍රමෝට් කරන ව්‍යාපාරික ආයතන විසින් තෝරගත්ත කෙනෙක්ව ප‍්‍රමෝට් කරන්න ඕන කොතනින්ද කියලා හොයනවා. එතනදී ඒ අය උපක‍්‍රමික වශයෙන් භාවිත කරපු දේවල් තමයි ගොඩක් වෙලාවට වර්ගීකරණ විදියටත් භාවිතා වෙන්නෙ.
එතකොට ලංකාවෙ විකල්ප සංගීතයක් තියෙනව ද?
ලංකාවෙ විකල්ප ගායක ගායිකාවෝ හිටියා නම් ඒ අය දැන් විකල්ප නෙවෙයිනෙ. නන්දා මාලනි කියන්නේ ලංකාවට මේ වෙද්දි විකල්පයක් නෙවෙයි. නමුත් කෙටි කාල පරිච්ෙඡ්දයක එයා විකල්ප තැනක හිටියා. බදඅ ියැ ්කිද ඉැජ්පැ ් ියසඑග ඒ අයගෙ ජීවිත ඇතුළෙ ඇත්තටම විකල්පය තියෙනවාද කියන එකයි ප‍්‍රශ්න කරන්න ඕන. විකල්පය කියන එක ජීවිත ඇතුළෙන්ම එන දෙයක් කියලා ප‍්‍රසිද්ධියෙ කියන අය පවා පස්සෙ යටින් ගිහිල්ලා ඒ විකල්පය කනවා. ඒත් මේ අයගේ ජීවිත ඇතුළෙන්ම අපිට ඒ ව්‍යාජය පේනවා. ඒ මගේ අධ්‍යයනයට අහුවෙන විදිය.
එතකොට අජිත් කුමාරසිරි විකල්ප ධාරාවට අයත් වෙනවා ද?
මම සෙවීමෙන් කළකිරීමෙන් උද්යෝගයෙන් අවබෝධයෙන් දේවල් එකතු කරගෙන ඉන්නෙ. මේ මම පිරිසිදු වෙනවා නෙවෙයි. මම ව්‍යාපාරික ප‍්‍රජාව එක්ක වැඩ කරලා තියෙනවා සහ වැඩ කරමින් ඉන්නවා. ඒ තැන්වලත් ප‍්‍රශ්න තියෙනවා. ඒත් අපි මේ කරන හැමදේම විවෘතවයි වෙන්න ඕන. එතකොට මගේ ව්‍යාජයන් අල්ලගන්න මිනිස්සුන්ට ලේසියි. තමන් විසින් තමන්ව හෙළිදරව් කරන්න ඕන. ඒක මගේ හෘදසාක්කිය සහ මගේ යුතුකම. එහෙම නොකරොත් හොඳ මනුස්සයෙක් විදියට තව දුරටත් පවතින්න බෑ. විකල්පයේ පවතින්නත් බෑ.
සංගීතය විනයවත් හෝ සදාචාරසම්පන්න වෙන්න ඕන ද?
සංගීතය ඇතුළෙ තියෙන ඩිසිප්ලීන් වෙනමයි. සමහර සමාජ ඇතුළෙ අශ්ලීලයි කියපු දේවල් අද වෙද්දි අශ්ලීල නොවන දේවල් විදියට ලීගලයිස් වෙලා තියෙනවා. මේ විනය කැඩෙන්නෙ නැතුව කිසිම විෂයයක් වර්ධනය වෙන්නෙ නෑ. ඩිසිප්ලීන් කියන්නෙ හදාගත්ත ආගමික තත්ත්වයක්. හැබැයි කාටවත් මේ ඩිසිප්ලීන් එකෙන් ගැලවෙන්න බෑ. හැම කෙනෙක්ම ඩිසිප්ලීන් එකක් ගොඩනඟනවා. විකල්පය පවා ඩිසිප්ලීන් එකක් හදාගන්නවා. ඒ ඩිසිප්ලීන් එකත් ආයෙත් කඩන්න වෙනවා. හැදෑරීම තුළම යම් ශික්ෂිත තත්ත්වයක් ලැබෙනවා. කෙනෙක් හැදෑරීමට පයින් ගහන්නෙත් යම් ශීක්ෂණයකට ලක්වෙලා. එහෙම ගහන්නත් නිකන් එකෙක්ට බෑ. සංගීතය ඇතුළේ හෝ වෙනත් විෂයයක විනය කඩනවා කියලා ඌ නුගේගොඩ හන්දියෙ කැත කරන්නෙ නෑනෙ. ඌ විනය කඩන්නෙ යම් බුද්ධිමය පරිමාවක.
විෂයය ඇතුළෙ යම් උච්ඡු අවස්ථාවකට ආවම විනය කැඩෙන්න පුළුවන් ද?
උච්ඡුතම අවස්ථාව කියලා එකක් නෑ. සංගීතය ගත්තොත් තමන් දන්නෙ එක ස්වරයයි නම් ඒ එක ස්වරයෙන් වැඩ පෙන්නන්න පුළුවන්. මම කියන්නෙ මේක දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් කරගන්න ඕන නෑ. නිර්මාණාත්මක බවට දැනුම අදාළ වෙන්නෙම නෑ. ඕන කෙනෙක්ට නිර්මාණයකින් තමන්ගෙ හැඟීම් ප‍්‍රකාශනයක් කරන්න පුළුවන්. අධ්‍යාපනික ක‍්‍රියාවලිය එකක්. නිර්මාණාත්මක ක‍්‍රියාවලිය එකක්. විනය කඩනවා නම් හරිම ක‍්‍රියේටිව් තැනකින්නෙ ඒක කඩන්න වෙන්නෙ.
කාලෙකට උඩදි අජිත් එක සිංදුවක කිව්වා ”සයනයිට් කරල යටි තොල හංගා තබා” කියලා. තාමත් ජනතාව සයනයිට් කරල යටිතොල හංගගෙන ද
ඉන්නෙ?
මම අදටත් විශ්වාස කරනවා මේ ප‍්‍රශ්නය විසඳන්න සුවිෂයිඞ්ල් මිෂන් එකක් තියෙන්න ඕන කියලා. සයනයිට් නැතුව මේක බෑ. මහින්ද වගේම සිරිසේන කියන්නෙත් සර්වසම්පූර්ණ අය නෙමෙයි. මම ඒ අයව හමුවෙන්න යන්නෙ නෑ. මම ආසයි මනුස්සයෙක් විදියට පිරිහෙන්නෙ නැතුව ජීවත් වෙන්න. ඒක තමයි මගේ සයනයිට් මිෂන් එක. දේශපාලනඥයො කියන්නේ බලය සහ තව භෞතික දේවල් තිබුණත් සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනඥයො හම්බවෙන්න යන්න ඕන ද ආටිස්ට් කෙනෙක්? මම යනවා නම් යන්නෙ ඒ අයව ගොඩගන්න මිසක් ඒ ළඟ දණින් වැටෙන්න, ඒ අය එක්ක පාටි දාන්න, බත් පැකට් එක කන්න නෙවෙයි. මේ සයනයිට්කාරයො බත් පැකට් එක කන්න ගියෙ නෑ. බත් පැකට් එක කන්න එන්න කියපු එකාව මඟ ඉඳන් මැරුවා. ඒ සයනයිට් ව්‍යාපෘතිය තමයි නැති වුණේ. ඔතෙන්ට යන ජැක්සන් වගේ බත්ගොට්ටො ටිකක් අන්තිමට ඇති වුණා. අන්න එහෙම
නොගිහින් කොන්දක් තියාගෙන ඉන්නයි මිනිහෙකුට දැනුම අවශ්‍ය වෙන්නෙ. ආර්ට්වල දැනුම තියෙනවාද කියල නෙවෙයි වැදගත් වෙන්නෙ.
ගෑණු කොච්චර සයනයිට් දිව යට තියාගන්නවාද කියන එක වැදගත් වෙන්නෙ අනාගතයේදි. ගැහැණු යම් වෙනසක් ඇති කිරීමේ නිර්මාණාත්මක ක‍්‍රියාදාමයේ ඉහළ මට්ටමක ඉන්නවද, ඒ රට දියුණු වෙන්න පුළුවන්. මගේ මිම්ම ආර්ථිකය වගේ කාරණා නෙවෙයි. ගැහැණු කොච්චර නිර්මාණාත්මකව යම් සමාජයක් වෙනස් කිරීමේ ක‍්‍රියාදාමයට හවුල් වෙලා තියෙනවද, ඒකෙ ප‍්‍රතිශතය කොච්චර ඉහළින් තියෙනවද කියන දේ මතයි මම යම් සමාජයක වෙනස දකින්නෙ.
ඒ කියන්නෙ පුරුෂයාගේ නිර්මාණශීලීත්වයට වඩා ගැහැණියගේ නිර්මාණශීලීත්වය අවශ්‍යයි කියන එක ද?
මේ වෙද්දි පුරුෂයාගේ නිර්මාණශීලීත්වය දැවැන්ත ප‍්‍රශ්නයක්. අපි තාමත් විසඳගෙන නැති ලිංගික ප‍්‍රශ්නය ගත්තත් එහෙම්මයි. මියුසික් ඇතුළෙ නම් මේක වෙනවා. එක ලේඩි ප්‍රොෆෙසර් කෙනෙක් බීතෝවන් රේපිස්ට් කෙනෙක් කියලා, එයාගෙ මියුසික් ඇතුළෙ මේවා තියෙන්නෙ කොහොමද කියලා චෝදනා කරලා තියෙනවා. දේශපාලනය අතින් ගත්තත් පිරිමි බලවත් වීම අවුලක් වෙලා. චන්ද්‍රිකාගෙ කාලෙ පාර්ලිමේන්තුවට පනතක් එනවා කාන්තා නියෝජනය 35%ක් කරන්න. ඒත් ඊට පස්සෙ හිටපු ආණ්ඩු ඒක අමතක කරලා ආයෙත් පිරිමිකමට නැඹුරු වුණා. ඒකට බලපෑම් කරපු කාන්තා සංවිධානත් වෙන වෙන ලණු කාලා තිබුණ නිසා ඒවා එහෙම්ම යට ගියා. අද බලය තියෙන උන්ගෙ බලය මේ තරම් උග‍්‍ර වෙලා තියෙන්නෙ පිරිමි නිර්මාණශීලීත්වයේ ප‍්‍රතිඵලයක් විදියට.
තවත් සිංදුවක කිව්වා ”ආණ්ඩුව ඇවිත් අපේ ඇඳ උඩට ඇවිත්” කියලා. පැවති සහ පවතින ආණ්ඩුවල වෙනසක් දකිනව ද?
මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොඳයි කියන්න බෑ. මෙයා අපිව පාලනය කරන්න ආව අතරමැදියෙක්නෙ. මහින්දගෙ තිබුණෙ පවුල තුළ බලය කේන්ද්‍රීය වීම. ඒක ඇතුළෙ එයා ලොක්කා. දැන් සිරිසේන ඉස්සරට වඩා සැප ගන්නවනෙ. ඉස්සරට වඩා බදු මුදල් වියදම් කරනවනෙ. එයාලට වාහන ඕන. දැන් රනිලූත් වාහනයක් ඉල්ලලා තියෙනවානෙ. මේ කන එක මහින්දගෙ කාලෙ එක තැනකට ගොනු වෙලා තිබුණා. දැන් විසිරිච්ච ස්වභාවයක් තියෙනවා. මහින්ද ගනිපු ක‍්‍රියාමාර්ගවලට යන්නෙ නැතුව මේ අයට බලය පවත්වාගෙන යන්න බැරි වේවි. වැට් බදු වැඩිකිරීම ඇතුළෙ මට බඩගින්නෙ ඉන්න වුණාට රනිල්ට ඒක දැනෙන්නෙත් නෑ. සිිරිසේනට දැනෙන්නෙත් නෑ. ඒක මහින්දට දැණුනෙත් නෑ. වෙනසක් වෙලා නෑ.
වෙනස් කරන පිරිසක් ගැන බලාපොරොත්තුවක්වත් තියාගන්න පුළුවන් ද?
ලංකාවට තියෙන බරපතළම ගැටලූවත් ඕක. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම අපිට ඕක බලාපොරොත්තු වෙන්න බෑ. මේ වෙලාවෙත් ප‍්‍රධාන පක්ෂ දෙකේ ඉන්න කපටිම කට්ටිය එකතු වෙලානෙ ඉන්නෙ. තුන්වෙනි පාර්ශ්වයෙත් හොඳ ගතිකත්වයක් පෙන්නන්නෙ නෑ. අනිත් පොඩි පොඩි පක්ෂවලට ඉඩක් ලැබෙන්නෙම නෑ. ඡුන්ද ක‍්‍රමේ ඇතුළෙත් අවුලක් තියෙන්නෙ. එකම ඇඞ්වර්ටයිසින් ෆර්ම් එකෙන් ජනාධිපතිිවරණෙට එන දෙන්නගෙම ඇඞ් හැදෙනවා. එතකොට ලංකාවෙ ජනාධිපති වෙන්නෙ කවුද කියලා තීරණය කරන්නෙ ඇඩවර්ටයිසින් ෆර්ම්ස්. අද විකල්ප ගීතය ප‍්‍රමෝට් කරන්නෙත් ඇඞ්වටයිිසින් ෆර්ම්ස්. ඒ කියන්නෙ ජනාධිපතිවරයාව පත් කරන ඇඞ්වටයිසින් ෆර්ම්ස්මයි. මම කියන්නෙ විකල්පය ප‍්‍රමෝට් කරන්න ඕන විනය කියලා කාරණාවට හිර කරපු පොලීසිය. එයාලා විනයට යටත් වෙලා නිහඬව හිටියට මේ වෙන හැමදේම හොඳටම දන්නෙ එයාලා. මට හිතෙන්නෙ මේකට දේශපාලන විසඳුමක් නෑ. මේවට විසඳුම් ලැබෙන්නෙ සංස්කෘතික විප්ලවයකින් විතරයි.
සංවාදය : චලක ලූණුවිලගේ
2016 ජුනි 05 ඇත්ත පුවත්පතෙන්