(මේවා අවබෝධතා ගිවිසුම් පමණයි) ඒත් ඉන්දියාව අකමැතිනම් දෙන්න බැහැ 

කවුරු හරි වරදක් පෙන්වා දුන්නොත් මේ ගිවිසුම් සංශෝධනය කරන්න පුළුවන්ද (මාධ්‍යවේදියා අසන පැනය)

කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රශ්නය මගහැර කරේනගර බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දියාව සමග ඇතිකරගත් එකඟතා ගිවිසුමක් පිළිබඳව කරුණු ගෙනහැර දක්වනවා. උදාහරණයක් ලෙස අපි මේකට අදාළ ක්‍රියාමාර්ග අර ගනිමින් ඉන්නවා .

මාධ්‍යවේදියා ඇසූ පැනයට පිළිතුර ලබා දුන්නේ නැහැ වෙනත් වැල් බයිලාවක් ගහලා ඒක මග හැර ගියා .

ඔබතුමා කියපු නිසා මේ ප්‍රශ්නය අහන්නේ ඒ ගිවිසුම් හතේ අඩුපාඩුවක් පාර්ලිමේන්තුවේදී හරි , සිවිල් සංවිධාන හරි කවුරු හරි පෙන්වා දුන්නොත් ඔබ තුමන්ලාට සංශෝධනය කරගැනීමේ හැකියාවක් තියෙනවද?

මම දැන් කිව්වා නෙමෙයි ගිවිසුම් හතක් ගැන මේ ගිවිසුම් අත්සන් කලාට පසුව අපි නිල වශයෙන්ම අවබෝධතා ගිවිසුම් වලට එළඹුණා කියන එක ප්‍රකාශයට පත් කළා. එතනින් පසුවත් විටින් විට මේ ගිවිසුම් පිළිබඳව කතාබහ කරලා තියෙනවා . මේ ගිවිසුම් පිළිබඳව රජය හැටියට වගකීම් භාර අරගෙන තමයි අත්සන් කරලා තියෙන්නේ . දේශපාලකයන් කීපදෙනෙක් එකතුවෙලා ගත්තු තීන්දු නෙමෙයි . ඊට අදාළ අමාත්‍යංශ, නීතිපති, පාර්ලිමේන්තුව මේ සියලු ආයතන කන්සාල්ඩ් කරලා ප්‍රශ්න කරලා සංශෝධන එකතු කරලා මාස ගානක් තිස්සේ සමහර එකතු කිරීම් කරලා ආපු එකඟතාවයක් ඔස්සේ තමයි අවබෝධතා ගිවිසුම් වලට එළඹිලා තියෙන්නේ . අවබෝධතා ගිවිසුම් මත පදනම්ව ඊළඟ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි . මේ ගිවිසුම් සම්බන්ධයෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් ඔබටත් දැන ගන්නට සලස්වන්නම් .

ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියා අහපු නිශ්චිත පැනයට පිළිතුරක් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් ලැබුණේ නැහැ ඒ වෙනුවට වෙනත් වටවන්දනාවක ගිහින් කතාව අහවර කළා . එපමණක් ද නොව මෙහිදී අනාවරණය වූ අනිත් කාරණය තමයි ආණ්ඩුව පාර්ශවයේ නියෝජනය කරන නියෝජිතයින්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා , ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාව තියෙනවා කියලා කිව්වට ඒක කරන්න බැරි බව . මේ ගිවිසුම් එකක්වත් තොරතුරු ලබාගැනීමේ පනත යටතේ ලබාදෙන්නට බාධාවක් තිබෙන බව මේ මාධ්‍ය සාකච්ඡාව තුලදී හෙළිදරවුණා . ඒ තමයි ඉන්දියාවේ අනුමැතිය නැතිව අත්සන් තැබූ ගිවිසුම් වල කොටස් රටේ ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

leave a reply