අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක අභ්‍යන්තරිකව වන නමුත්, ඒ දෙකම එකිනෙකට සම්බන්ධ වේ. බාහිර ගැටළු අතරට යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයේ, අවදානමට ලක්විය හැකි තත්ත්වය ඇතුළත් වේ. සංවර්ධනයේ ප්‍රතිලාභ වඩාත් පුළුල් ලෙස බෙදාහරිනු නොලැබුවහොත්, වර්ධනය වන මහජන කලකිරීමට මුහුණදීමට රජයට සිදුවනු ඇත. පසුගිය ආණ්ඩුව අන්තර්ජාතික ණයහිමියන් සමඟ කළ සාකච්ඡා සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සමඟ ඇති කරගත් ගිවිසුම නව ආණ්ඩුවට සංශෝධනය කිරීමට ඉඩක් ඉතිරි කර නැත. ණයහිමියන් සමග සාකච්ඡා කර ලබාගතද ණය ප්‍රමාණය අඩු කිරීමේ ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 20 ක් පමණ වූ අතර, එය මෙවැනි අසීරු තත්වයන්ට මුහුණ දුන් සමාන අත්දැකීම් සහිත රටවල්, මීට පෙර ලබාගත් ප්‍රතිශතවලට වඩා සැලකිව යුතු ලෙස අඩුය. 2020 දී ආර්ජන්ටිනාව ඩොලර් බිලියන 65ක විදේශ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කළ අතර, ඉදිරි දශකය තුළ ණය ගෙවීම් සියයට 50 කින් අඩුකර ගත්තේය.
ආණ්ඩුවට අභ්‍යන්තරිකව ඇති දෙවැනි ගැටළු සමූහය පැමිණෙන්නේ දේශපාලන අධිකාරියේ තනතුරු දරන අය බොහෝදුරට පාලනයට අලුත් වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ පවතින ගැටලුසහගත අවස්ථාවන්හිදී තීරණ ගැනීමේ සංකීර්ණතාවන්ට හුරුවීමට ඔවුන්ට කාලයක් ගතවනු ඇත. මීට පෙර එම තනතුරු දැරූ අයගේ ආත්මාර්ථකාමීත්වය සහ දූෂිත භාවිතයන් හේතුවෙන්, වසර තුනකට පෙර රට පහළම මට්ටමට ළඟා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම අලුත් පිරිසක් වෙත නායයෑමේ ප්‍රවණතාවක් ඇති විය.
නව ආණ්ඩුවට ඇති ගැටලුව නම්, පාලනයට අලුත් කණ්ඩායමක් සමඟ ආර්ථිකය නැවත යථාවත් කිරීමේ අභියෝගයට මුහුණදීමට සිදුවීමයි. අවාසනාවන්ත යථාර්ථය නම්, අතීතයේ රජයේ තීරණ ගන්නන් විසින් පටු අවශ්‍යතා සඳහා ලබාදුන් ප්‍රමුඛතාවය සහ දූෂණය සඳහා රාජ්‍ය පරිපාලනයේ යෙදී සිටි පිරිසගේ සහයෝගයද ඒ හා සමාන ප්‍රමාණයකින් හිමිවීමයි. මෙයින් අදහස් කරන්නේ නව ආණ්ඩුවේ නායකයන්ට රජයේ ක්‍රියාවලිය භාරව කටයුතු කිරීම සඳහා නව පරිපාලකයන් පිරිසක් පත්කිරීමට අවශ්‍ය බව හැඟී ඇති බවයි. කෙසේවෙතත්, ඔවුන්ගෙන් සමහරකුට රැකියාව ඉගෙන ගැනීමට අනෙක් අයට වඩා වැඩි කාලයක් ගතවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ වැඩසටහන් කෙටි කාලීනව එතරම් ඵලදායී ලෙස ක්‍රියානොකරනු ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා
පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ මෑතකදී ඇති වූ සහ අහිතකර ප්‍රචාරයක් ලැබුණු ගැටළු, විශේෂයෙන් පරිසරය ආශ්‍රිත ගැටළු සමඟ කටයුතු කිරීම සඳහා පෙර ආරම්භයක් සහිත යාන්ත්‍රණයක් නොමැතිවීම කැපීපෙනිණි. මෙම ආකෘතියට අනුව රාජ්‍ය අංශය යනු “ප්‍රතිපත්තිමය උපදෙස්, රෙගුලාසි සහ රාජ්‍ය සේවා සපයන රජය හෝ රාජ්‍ය ආයතන” වේ. ඔවුන් පෞද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කළ යුතු අතර එය “සම්පත්, විශේෂඥතාව සහ තාක්ෂණය ගෙන එන ව්‍යාපාර සහ පෞද්ගලික සංවිධාන වේ. පෞද්ගලික අංශය හවුල්කාරිත්වය වෙනුවෙන් අරමුදල්, නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාවට ද දායක වේ”. මෙම ආකෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් කෙරෙහි අවධාරණය කර ඇති අතර, එහිදී සිවිල් සමාජය “හවුල්කාරිත්ව ප්‍රතිඵලවලින් සෘජුවම බලපෑමට ලක්වන” ඉලක්කයක් බවට පත්වනු ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ ආරම්භක වැඩසටහන් අපේක්ෂා කළ ධණාත්මක බලපෑමක් ඇති කළේ නැත. ඊට හේතුවූයේ එය උපදේශාත්මක නොවන ආකාරයට ගත් තීරණවලින් පීඩාවට පත් වූ බව හැඟෙන ඉලක්කගත කණ්ඩායම් මත රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් බලාත්මක කිරීමට උත්සාහ කළ බැවිනි. පළමු ඉලක්ක වූ පෞද්ගලික බස් රථ සහ ත්‍රිරෝද රථ හිමිකරුවන් සහ රියදුරන්, එලෙස ගත් තීරණවලට විරෝධය පළකර ඇත. ඔවුන් වගකිව යුතු යැයි විනිශ්චය කරන ලද, පරිසර දූෂණය සහ ගමනාගමනයේදී ඇතිවන අනතුරු, ඔවුන්ගේ ජීවනෝපායන් අලංකාර කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඔවුන් දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් වූ අතර, ඔවුන් ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කර තිබිණි. යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මාස තුනක කාල රාමුවක් ලබා දී ඇති සම්මුතියකට රජය දැන් එකඟ වී ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඵලදායී ලෙස කටයුතු කිරීම සඳහා රජය ගත් එක් මුලපිරීමක් නම්, ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සංකල්පය සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ ප්‍රතිපෝෂණ ලබාගැනීමට සිවිල් සමාජ සංවිධානවලට ආරාධනා කිරීමයි. එහිදී රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය අතරමැදියා ලෙස ක්‍රියා කළ අතර, තෝරාගත් සිවිල් සංවිධාන කණ්ඩායමකට කාර්යසාධක බලකාය සමඟ සංවාදයකට ආරාධනා කළේය. රජයේ නව වැඩසටහන් බොහොමයකට සහභාගී වීමට සිවිල් සමාජ කණ්ඩායම්වලට ආරාධනා කර නොමැති බැවින් මෙය ධණාත්මක වර්ධනයක් විය. නව ආණ්ඩුව ඔවුන්ව කොන්කරමින් රජයේ ක්‍රියාවලිය සහ පෞද්ගලික අංශය මත පමණක් විශ්වාසය තබන බවට හැඟීමක් මෙයින් ඇති වී තිබේ. ඔවුන්ගේ ස්වාධීනත්වය නැතිකරන රජයේ රෙගුලාසි මාලාවක් හදිසියේ මතුවීම නිසා මෙම නිෂේධාත්මක හැඟීම ශක්තිමත් වී තිබේ.
වෙනස් කිරීම වෙනුවෙන් මැදිහත්වීම
සිවිල් සමාජ සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කොටසක් වන අතර, විශේෂයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශ විසින් ඉතිරි කර ඇති හිඩැස් පිරවීමේදී, එනම් වාර්ගික හෝ ආගමික සුළුතර කණ්ඩායම්, කාන්තාවන් සහ LGBTIQ ප්‍රජාවේ අය වැනි ආන්තික කණ්ඩායම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒවා වැදගත් වේ. බලය අනිසි ලෙස භාවිත කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීම හරහා ඔවුන් සංවරණ සහ තුලන පද්ධතියේ කොටසක් ලෙසද ක්‍රියාකරයි. ලොව පුරා සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඇති අවකාශය නිරන්තරයෙන් තර්ජනයට ලක්ව ඇත. සිවිල් සමාජ කණ්ඩායම් තමන්ට අපහසුතාවක් සහ කරදරයක් ලෙස සළකන බලයේ සිටින පිරිස් විසින් ඔවුන්ගේ ක්‍රියාවන් බොහෝ විට අගය නොකෙරේ.
ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන විවිධ හේතූන් මත, ඔවුන්ගේ ස්වාධීනත්වය සීමාකිරීමට ගත් උත්සාහයන්ට මුහුණ දී තිබේ. යුද සමයේදී, ඒවායින් සමහරක් එල්ටීටීඊයට සහාය දීම හෝ රජයේ යුද ප්‍රයත්නය අඩපණ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය. යුද්ධයෙන් පසු ආසන්නතම කාල පරිච්ඡේදයේදී, දෙමළ ජනතාව තුළ කැරලිකාර හැඟීම් නැවත ඇති කිරීමට උත්සාහ කිරීම සහ මානව හිමිකම් වැඩසටහන්වලට සහාය දීමෙන් රජය අන්තර්ජාතික සම්බාධකවලට ගොදුරු කිරීම සම්බන්ධයෙන් ඒවාට චෝදනා එල්ල විය. වර්තමානයේ, සාපරාධී මුදල් විශුද්ධිකරණයේ යෙදීමෙන් රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාතික නීතියට තර්ජනයක් වන බවට ප්‍රකාශ සිදුකෙරී තිබේ. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන රජයේ පාලනයට යටත් කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් හදිසියේම මතුවී ඇත.
කෙසේවෙතත්, ආණ්ඩුවේ නායකයන් සමඟ කරන ලද සාකච්ඡා මගින් යථාර්ථය පිළිබඳ වඩාත් සියුම් චිත්‍රයක් දැකගත හැකිවිය. සිවිල් සංවිධාන පිළිබඳ රජයේ ස්ථාවරය විධිමත් ලෙස ප්‍රකාශ කර නොමැති නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නොවන සංවිධානවලට හිතකර රජයේ ස්ථාවරයක් සඳහා තම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. නව ආණ්ඩුවේ නායකයන් සහ පරිපාලකයන් ගැටළු පිළිබඳව කටයුතු කිරීමට වඩාත් හුරුපුරුදු වන විට සහ රට පරිපාලනය කිරීම සඳහා ඔවුන්ගේ වටිනාකම් සහ මූලධර්ම යොදන විට, මෙම ධණාත්මක හැඟීම් සහ අභිප්‍රායන් ප්‍රකාශ වීමට යම් කාලයක් ගතවනු ඇත. මේ අතර, අතීතයේ සිට පැමිණෙන මැදිහත්වීම්, නව ආණ්ඩුවේ වටිනාකම් සහ මූලධර්මවලට ගැලපෙන පරිදි පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ කාර්ය සාධක බලකායේ උපදෙස් මෙන් වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය.