Breaking News

දුප්පත්කම නිසා ආහාර නොගන්නා මිනිසුන් සිටින රටක් ලංකාව

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම  සංවිධානයේ ගෝලීය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව   ජාත්‍යන්තර මට්ටමින් යන පර්යේෂණයක කොටසක් විදිහට ලන් ඒෂියා ආයතනය විසින්    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහාචාර්ය රොහාන්  සමරජීව ඇතුළු පිරිසක් එකතුවෙලා ලංකාවේ දරිද්‍රතාව සම්බන්ධ පර්යේෂණ  කරල තියනවා.  නේ පර්යේෂණ වාර්තාවට අනුව  ඇඟ කිළිපොලා යන තොරතුරු ගණනාවක් ඔබට කියන්න සිද්ධ වෙනවා.  මේ පරීක්ෂණයට අනුව ලංකාවේ ඉතා වේගයෙන් බිඳ වැටීමකට ලක් වෙමිනි  ජීවන තත්වයන් විනාශවීමේ බරපතළ ගැටලුවකට අපි මුහුණ දීලා ඉන්නවා .

2019 ලංකාවේ දිලිඳු ජනගහනය  ලක්ෂ 30 කි .  එය 2023 වන විට ලක්ෂ හැත්තෑවක් දක්වා වර්ධනය වී ඇති බව මෙ පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා. ගෙවුණු කාලය තුළ අලුතින් ලක්ෂ 40 ක්  දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇවිල්ලා ඉන්නවා.  මේ පර්යේෂණ වාර්තාවට අනුව ග්‍රාමීය දරිද්‍රතාවය 2019 වසරේ තිබුනේ  15%යි. 2023 වෙද්දි ඒක   31% දක්වා වර්ධනය වෙනවා. 2023 වෙද්දි ‍ග්‍රාමීය දරිද්‍රතාවය දෙගුණයකින් වර්ධනය වෙනවා. නාගරික දරිද්‍රතාව තමයි මේ අතරින් කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන්නේ.  2019 දි  6% ක සීමාවේ  තිබුණු නාගරික දරිද්‍රතාවය දැන්  18% ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.නාගරික දාරිද්‍රතාවය තුන් ගුණයකින් වැඩිවෙලා.

මේ වාර්තාවට අනුව ඊළඟට දරුණු ලෙස කඩා වැටී තිබෙන්නේ වතුකරය.  2018  අවුරුද්දේ වතුකරයේ දාරිද්‍රතාවය 34%යි . ඒක දැන් 51% ක් දක්වා වර්ධනය වෙලා. වතු කම්කරු ජනතාවගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් දැන් ඉතා දිළිඳු  රිද්‍රතාවයෙන් පෙළෙන  ජනතාවක් බවට පත්වෙලා තියෙනවා.

ආහාර පිළිබඳ ප්‍රශ්නය

රටේ ජනගහනයෙන් ලක්ෂ 75ක් විතර ආහාර පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්නවා. මේ අර්බුදය ඉතාම බරපතළයි ලංකාවේ ජනගහනය 47% ක්  හාර වේලේ ප්‍රමාණය සහ ගුණය අඩු කරගෙන තියෙනවා.  වෙනදා පෝෂදායි ආහාර වේලක්  ගත්තු මිනිස්සු ඒකෙන් මස් මාළු ටික පවා අයින් කරන තැනට පත්වෙලා ඉන්නවා. ඒ අතරම 33% ක්  ආහාර වේල් සංඛ්‍යාව අඩු කර ගෙන ඉන්නවා. මේ කියන්නේ වේල් තුන වෙනුවට සමහරවිට වේල් දෙකක් කන තැනට මිනිස්සු පත්වෙලා. සමහරවිට මේක එක වේලක් වෙන්නත් පුළුවන්.  ලංකාවේ වැඩිහිටියන්ගෙන් 27 % ක්  තමන්ගේ දරුවන්ට ආහාර දීම සඳහා ආහාර මගහරින තැනකට පත් වෙලා ඉන්නවා.

ඉහත කරුණු හෙළිදරව් කරනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදීයි .

ලංකාව අද පත්ව ඇති තත්වයට  රට පාලනය කරන සහ ගෙවුණු කාලය තුළ මේ රට පාලනය කල  සියලුදෙනා  වගකියන්න ඕන. රනිල් රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා,  ාරිත්‍ර තාවය අඩු කරල  ආර්ථික අර්බූදය තනි ඉලක්කමකට ගේනවා,  ඩොලරයට සාපේක්ෂව රුපියල වර්ධනය වෙනවා, කියල කිව්වට රටේ ඇත්ත තත්ත්වය තමයි ඉහත  සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

leave a reply