Breaking News

එක දිනයක මැරුනු අලි පස්දෙනා ගැන.

පහුගිය සතියෙ CEJ මීටින් එකේ මන් කියපු දේ අහගෙන හිටිය නම් දැන් තේරුම් ගන්න පුලුවන් මේ හැම මරනයක්ම වෙන්නෙ කොහොමද කියල ,අලිවැටවල් ගහන්න කලින් දැන්වත් මේ අසාමාන්‍ය විදියට කැලෑ කැපිල්ල නවත්වන්න.ඉස්සෙල්ලාම ඒක නොකර ඔය කියන කිසිම දෙයක් මේවට උත්තර නෙවෙයි.
පිලිතුරු බොහොම සරලව ප්‍රායෝගිකව තියෙනවා,සේරම වටේ යනව,මට නම් කියන්න තියෙන්නේ මේකෙ ඇත්ත පෙනි පෙනි සේරම වටේ යනව.

සියලුම ම විකල්ප භාවිතා කරන්න.

හැබැයි ඊට කලින් දැන්වත් මේ සතුන්ගේ බූමියේ ප්‍රමානාත්මකබාවය ගුනාත්මකබාවය එක ලෙස රදවා ගන්න උත්සාහ ගන්න.
මේ අසාමාන්‍ය කැලෑ එලිකිරීම් හමුවේ සියලුම දෙනා මුනිවත රකිනව නම් මට ආයිත් කියන්න තියෙන්නේ එදා ඒ මීටින් එකෙ මගේ කතාවෙන් පස්සෙ කට්ටිය නැගිටල ගියේ ඇත්ත උනත් ඒක කටුක නිසා නේද කියල බුද්දිමත්ව තේරුම් ගත හැකි නිසා නේද?
මේක පුහුලෙ කන්කාරිය නටනව වගේ අපිට තියෙන භූමිය තුල තමයි හැමදෙයක්ම කලමනාකරනය කල යුත්තේ.
එහිදී ඒකාබද්ධ නොවූ සැලැස්මක් නොමැති ගමනක කාටත් ඕන අහිංසක වනසතුන් ගේ හා අනාරක්ෂිත වනාන්තර ටික විතරයි.
ඉතුරු අලි ටික ගැන ආසාවක් තියෙනවා නම් එදා පර්‍යේශනාත්මකව පෙන්වා දුන් අලින්ට අයිති උන් ගමන් ගන්නා මෙතුවක් කැලෑ වශයෙන් තිබූ සංක්‍රමණ පරාශයන් තුල ඇති ලදු කැලෑ මිනිස් ක්‍රියාකාරකම් වලින් හැකිතාක් ආරක්ෂා කර සංරක්ෂණය කරන්න.

Elephant home range මිසක් elephant corridors වලින් කරන්න පුලුවන් ලබ්බක් නැති බව තේරුම් ගන්න.තේරුම් ගන්න බැරි මිනිහෙක් ඉන්නවා නම් උඩවලව ලුනුගම්වෙහෙර යා කරන වැටහිරකන්ද අලි මංකඩ දෙපස අද අත්වී ඇති ඉරනම බලන්න.ඒක තමයි මුලු වියලි කලාපයේ ම අලි ඉන්න වනාන්තර වල පොදු කතාව.

අලි ඉන්න ජාතික උද්‍යානය තුල නෙවෙ,එයාල බහුතරයක් ඉන්නෙ මේ මන් කියන කලාපයේ අනාරක්ෂිත ලදුකැලෑ වනාන්තරවල.අන්න ඒක තමයි තේරෙන බාශාවෙන් කියන්නෙ අලින්ගේ හැබෑ වාසස්ථාන පරාශය ,home ranges. ඔය කියන කොටසට අත තියන්න එපා.ඒක එක්ක ශෘජුවම ගනුදෙනු කරන්න පුලුවන් සීමිත සාම්ප්‍රදායික හේන් ගොවියන්ට හා හරක් ගොවියන්ට විතරයි.ඒක කාලයක් ලස්සනට රටාවක් විදියට ආව.නමුත් ආසන්න අවුරුදු 10ක වගේ කාලයක් සිට වියලි කලාපයේ උඩවලවට සමාන ඔය මන් කීව සියලුම අලි ඉන්න අනාරක්ෂිත ලදුකැලෑ වනාන්තර මිනිසාගේ ශෘජු ග්‍රහණයට නතුවෙලා ඉවරයි මුලු රටේම.
ඒ බූමිය අක්කර 100 ගනන් වානිජ අඹ වගාවන්,කෙසෙල් වගාවන් ,අනෝදා වගාවන් වැනි monoculture plantation බවට පත් උනේ නිකම්ම නෙවේ,දැවැන්ත සක්තිමත් සක්‍රීය විදුලි වැට එක්ක.

දිනෙන් දින අක්කර සිය ගනන් උන්ගේ භූමිය අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ වෙනදාටත් වඩා නියගය කෑම බීම ගැටලුව එක්ක මේ සතුන් අසාමාන්‍ය ලෙස ගම්වැදීම් උනා.

ඇත්තටම බැලුවොත් ගම් වැදිම් නෙවෙ උන්ගේම පෙර තිබූ භූමියේ අද ඔවුන් අසරන වෙලා.

ඒ හා සමානව අලුතින් භූමිය අත්පත් වීම සමග දඩයම් ,නීතිවිරෝධී ක්‍රියාකාරකම් ශෘජුවම ආරක්ශිත භූමිය තුල මෙන්ම අනාරක්ෂිත භූමිය තුලත් ජයටම සිදුවීම,අලි මරන්න බයනැති සමාජ සාරධර්ම වලින් තොර වානිජ පරමාර්ථය හිසේ තියාගත් දේශපාලන රැකවරණය සහිත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යාම.

මේ හැමදෙයක්ම වෙනුවෙන් අදාළ ආයතන අමාත්‍යාංශ හෝ ශෘජුවම ලංකා ආණ්ඩුව කල්මැරීමේ නිද්‍රාශීලී ප්‍රතිපත්ති හමුවේ මේ සතුන් දැඩිසේ පීඩාවට කායිකව මානසිකව ලක්වී අකාලයේ මියයාම,සදාකාලික අබ්බගාත වීම විතරක් නෙවේ මින් ඉදිරියට හෑම අලියකුගේම වෙඩි සලකුණු
මන්දවල් වලින් හැදුන තුවාල
අතපය කැඩීම්
හොඩවැල දෙකට කැපීම් භාගෙට හෝ සම්පූර්ණයෙන්ම
කන් නොඇසීම
ඇස් නොපෙනීම අනිවාර්‍ය වේ.

මෙලෙස අබ්බගාත කෘශ සතුන් පෙන්වා අප ලබන ආදායම සුලුපටු නොවේ. සමස්ථ රටක බඩගින්න නිවන්නට මේ අහිංසක කාටවත් වරදක් නැති සතුන් නිහඩව කරන සේවයේ වටිනාකම තක්ශේරු වන්නේ මහා භාංඩාගරයට ජාතික වන උද්‍යාන වලින් යන මුදල් ප්‍රමානය කොතරම් ද යන්නෙනි. කල්මැරීම නිද්‍රාශීලී ප්‍රතිපත්තිය ඉදිරියේ මේ සතුන් ගේ හෙට දවස බොහොම අවිනිශ්චිත බව අමුතුවෙන් කිව යුතු නැත.

U.S.Weerathunga
2023 09 03

leave a reply