කොරෝනා එන්නතේ සංකූලතා ගැන දැනුවත් කරන්න – වෛද්‍ය උදාර සම්පත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි

කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබදව සමීක්ෂණයක් පවත්වා රජය සහ ජනතාව දැනුවත් කරන්නැයි වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

එන්නතෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබද විදෙස් මාධ්‍ය ආයතනය විසින් විවිධ මාධ්‍ය වාර්තා එලිදක්වමින් සිටින බවත්, ලංකාවේ මාධ්‍ය ආයතනද ඒ ආකාරයට ඇතිවන සංකූලතාවන් පිළිබද කතිකාවක් ඇති කිරීම මාධ්‍ය සතු වගකීමක් බවද සියලුම මාධ්‍ය ආයතන වෙත ලිපියක් යොමුකරමින් වෛද්‍යවරයා සදහන් කරයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් වන තුරු තරුණ පිරිස් හා ළමුන් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව කල් දමන ලෙසද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ඉල්ලා සිටී.

එන්නත්කරණයෙන් පසුව සංකූලතා ඇතිවීමේ සිදුවීම් රටේ සියලුම ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති බවද ඒ සම්බබන්ධයෙන් සාක්ෂි පවතින බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මාධ්‍ය ආයතනවලට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...