නන්දසේනගේ වැටවල් බලකාය සහ පොලිසිය

රටේ පොදු ජනතාවගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයෙක් ට ජනතාවට නැති වැඩිපුර තියෙන වරප්‍රසාදය කුමක්ද? අපි වෙනුවෙන් යවන අපේ නියෝජිතයන්ට අපට වඩා අප නොදැන ලැබෙන වරප්‍රසාද කුමක්ද? පාර්ලිමේන්තුව පිවිසුම අසල උද්ඝෝෂණයක  නිරතව සිටි පිරිසක් අත්අඩංගුවට ගනිද්දී ඉහළ පොලිස් නිලධාරියෙක් මහ හඬින්  ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගන්නා බවයි. මොකක්ද කඩකළ වරප්‍රසාදය කියා ප්‍රශ්න කරන විට එය උසාවියේ දී බලාගම්මු යැයි ඔහු ප්‍රකාශ කරනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව බලහත්කාරයෙන් පැමිණ පැහැර ගෙන යෑමක් ආකාරයෙනි.උද්ඝෝෂකයන් පොලිස් නිලධාරීන්ගෙන් උසාවි නියෝගය ඉල්ලා සිටින විට එය මාධ්‍යයට පෙන්වන්නම් කියා උසස් නිලධාරියා ප්‍රකාශ කරනවා. හැබැයි අත්අඩංගුවට ගන්නා විට එය අත්අඩංගුවට ගත් පිරිසට පෙන්වන්නේ නැහැ. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලීසියට හිතූ හිතූ ආකාරයට එසේ අත්අඩංගුවට ගැනීමට  නොහැකිය . අත්අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ යුතුයි.

අපි බලය පවරා පාර්ලිමේන්තුවට යවපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හෝ ජනාධිපතිවරයාව නැවත ගෙදර යැවීමේ බලය ඇත්තේද අපටය. අපි ඔවුන්ට හොඳින් කියන විට ඒක අසන්නේ නැත්නම් කළ යුත්තේ බලහත්කාරයෙන් අපි යවපු නියෝජිත එළියට දැමීමයි. රටේ ජනතාව කියන්නේ දැන් ඇති උබලා ගෙදර පලයල්ලා අපි අපිව පාලනය කරගන්න විදිය පසුව බලන්නම් කියාය .

ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තවදුරටත් සෙල්ලම් කිරීමට විශාල කාලයක් ඉතිරි වී නොමැත. වැටවල් ගසා මර්දනය දියත් කර මේ අරගලය කඩාකප්පල් කරන්න විසුරුවා හරින්න උත්සාහ දරන්නේ නම්, සිහින මවන්නේ නම්, එය අසාර්ථක උත්සාහයකි.

අප උස්හඬින් කියා සිටින්නේ අත්අඩංගුවට ගත් සියලු දෙනා වහා නිදහස්  කරවූ! කියයි .

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...