2022 දී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අතර, Sri Lanka Barometer 2021 සහ 2022 මත විමසුම් වාර්තා දත්ත හෙළි කරන්නේ පුරවැසියන්ගෙන් බහුතරයකට රටේ දේශපාලන නායකත්වය කෙරෙහි විශ්වාසය නැති වී ඇති බවයි. එම මත විමසුමේදී ලාංකිකයන්ගෙන් 39.5%ක් පවසන්නේ දේශපාලන නායකත්වය කෙරෙහි විශ්වාසයට කිසිදු වෙනසක් වී නැති බවය. 11.1%ක් දේශපාලන නායකත්වය කෙරෙහි විශ්වාසය වැඩි වූ බව පවසන නමුත්, ලාංකිකයන්ගෙන් 49.5%කගේ අත්දැකීම වන්නේ විශ්වාසයේ අඩුවීමකි. මෙම අර්බුදය දේශපාලන නායකත්වය කෙරෙහි ලාංකිකයාගේ විශ්වාසය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව හෙළි කරන අතර බොහෝ ලාංකිකයන් තුළ අවධානය යොමු කළ යුතු මට්ටමේ අපේක්ෂාභංගත්වයක් සහ කලකිරීමක් පෙන්නුම් කරයි.
ලංකාවේ 2022 අර්බුදය සහ සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ කළ කෙටි කාලීන සමීක්‍ෂණයක් මගින් මෙම දත්ත අනාවරණය විය. සමීක්ෂණයට ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් ලෙස වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් 1,018 දෙනෙකුගෙන් අසන ලද ප්‍රශ්න 6ට දෙන ලද ප්‍රතිචාර පදනම් කරගෙන ඇත.
Sri Lanka Barometer 2021 සහ 2022 වාර්තා පසුගිය මැයි 8 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණි. එය යුරෝපා සංගමය (EU) සහ ජර්මානු රජයේ විදේශ කාර්යාලය විසින් ඒකාබද්ධව අරමුදල් සපයනු ලැබ, ‘ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ජර්මන් ඒජන්සිය’ (GIZ) සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ඒකාබද්ධව ‘ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම (SCOPE),වැඩසටහන යටතේ මෙම සමීක්ෂණය සිදුකරන ලදී.
මෙම සමීක්ෂණ වාර්තාව අනුව පෙනී යන්නේ පැන නැගි අර්බුදය විසින් ලාංකිකයන්ගෙන් 50.3% ක් දේශපාලනික වශයෙන් වඩාත් ක්‍රියාකාරීත්වයකට පොළඹවන ලද අතර 26.2% ක් අක්‍රියත්වයට පත් කර ඇති බවයි. එසේම රටේ තත්වය නරක අතට හැරීම නිසා ලාංකිකයන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසකට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට වඩාත් ක්‍රියාශීලීව සහභාගී වීමට බලකරනු ලැබ තිබේ.
ලාංකිකයන්ගෙන් බහුතරයකට (64.2%) අරගලය තුළ තමන් නියෝජනය වන බව හැඟී ගොස් තිබේ. අරගල ව්‍යාපාරය හා බැඳුණු එක්සත් හැඟීමක් පවතින බවට සමීක්ෂණ වාර්තාව ‘අනතුරු අඟවයි’. සමීක්ෂණය තුළින් අනාවරණය වූ කරුණු අනුව, අරගලය තුළ තමන්ගේ නියෝජනයක් ඇති බවට වූ අදහස දෙමළ (52.9%) හෝ මුස්ලිම් (52.3%) වන අතර සිංහල ප්‍රජාවේ (66.7%) වඩා වැඩි නියෝජනයක් දැනුණු බව පෙන්වා දෙයි. එයින් පෙන්නුම් කරන්නේ, අරගලය, ‘ජනතා ව්‍යාපාරයක්’ ලෙස පවතින අදහස ඇතැමුන් තුළ පවතින අදහස නිසා, ඒ පිළිබඳ සියුම් අවබෝධයක් වර්ධනය කළ යුතු බවයි.
අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අන්තර් වාර්ගික සබඳතා වැඩිදියුණු වූ බව ලාංකිකයන්ගෙන් තුනෙන් එකක් (32.4%) විශ්වාස කරන බව ද සමීක්ෂණය පෙන්වා දී ඇත. බොහෝ ලාංකිකයන්(56%) විශ්වාස කළේ අන්තර්වාර්ගික සබඳතාවල වෙනසක් වී නැති බව වන අතර තවත් සමහරු(11.6%) විශ්වාස කළේ එම සබඳතා නරක අතට හැරී ඇති බවයි. මෙයින් ඇඟවෙන්නේ අර්බුදයේ බලපෑම නිසා අවස්ථාවන්හිදී ඓතිහාසික බෙදීම් ඉක්මවා ගියත්, අන්තර් වාර්ගික සබඳතාවලට අර්ථවත් සම්බන්ධතා සහ වෙනස්වීම් ඇති කිරීම සඳහා දිගුකාලීන බැඳීමක් අවශ්‍ය වන බවයි.
වාර්ගික සුළුතරයන් විසින් මුහුණ දුන් අතීත අසාධාරණයන් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අර්බුදය විසින් පෙන්නුම් කර ඇති බවට ලාංකිකයන්ගෙන් බහුතරයක් (59.1%) එකඟ වූහ. මුස්ලිම්වරුන් (72.3%) සහ දෙමළ (70.9%) මෙම කාරණයේදී දක්වන එකඟතාව ඉහළ මට්ටමක පවතින අතරම සිංහල ප්‍රජාවෙන් අඩකටත් වඩා (56.6%) පවසන්නේ වාර්ගික සුළුතර ජනතාව පීඩාවට පත් කළ අතීත අසාධාරණයන් විසඳීමේ වැදගත්කම මෙම අර්බුදය විසින් ඉස්මතු කෙරෙන බවයි. විවිධ සමාජ කණ්ඩායම්වල දුක්ගැනවිලි තවදුරටත් බහුලව පවතින සමාජයක මෙම අනාවරණයන් දිරිගන්වන සුළුය.
(මූලාශ්‍රය – Sunday Times, 2023-05-14)
චන්දන සිරිමල්වත්ත