2018 කොතලාවල පනත ගෙන එමින් කළ වරද නිවැරදි කරගන්න දැන් පනතට විරුද්ධ වෙන ලෙස අන්තරේ සජිත්ගෙන් ඉල්ලයි

කොතලාවල පනත සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණෙන ලෙසට වන ඉල්ලීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයෙන් සිදු කර තිබීම අනුව දැනට පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු සමඟ සාකච්ඡා කිරීමට තීරණය කළ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසා තිබේ.

වසන්ත මුදලිගේ සඳහන් කර ඇති ආකාරයට මෙම සාකච්ඡාව තුලදී අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ.

ඒ යටතේ මෙම පනත මුලින් ඉදිරිපත් කරනු ලැබුවේ 2018 වසරේ දැනට විපක්ෂ නායකවරයාත් කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රජය විසින් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර ඇත. මේ ආණ්ඩුව නැවත ගෙනැවිත් තිබෙන්නේ එම පනතම නිසා එහි වගකීම පසුගිය ආණ්ඩුවටත් පවතින බව අන්තරේ පවසයි. එසේම තම ආණ්ඩුවක් යටතේ සිදු වූ වරද නිවැරදි කිරීමට නම් මෙම පනතට සම්පුර්ණයෙන්ම විරුද්ධ විය යුතු බව ද මෙහිදී අන්තරේ නියෝජිතයන් අවධාරණය කර තිබේ.

එසේම පසුගිය 8 වනදා මෙම පනත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත් අවස්ථාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අදහස් දැක්වීම් වලදී ප්‍රධාන මතු කරනු ලැබුවේ පනතට අදාළ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් පමණක් බවත් එයට මෙම පනත හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය සහ අධ්‍යාපනය මිලිටරීකරණය වීම යන කරුණුද ඇතුලත් විය යුතු බව අන්තරේ නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇත.

සමගි ජන බලවේගයේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිය තමන් දන්නා නමුත් අවම වශයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම මිලිටරිකරණය කිරීමේ පදනම හෝ සලකා කොතලාවල පනතට එරෙහි වන ලෙස අන්තරේ නියෝජිතයන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...