බාල අක්ෂි ඖෂධ දුන් ඉන්දීය සමාගමට එරෙහිව ලංකාව සිදුකර ඇත්තේ පැමිණිලි කිරීම පමණයි

ශ්‍රී ලංකාවට අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී තිබෙන ගුජරාටය පදනම් කරගත් ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එසේම ඉන්දියාවේ ඉහළම ඖෂධ අපනයන කවුන්සිලයද ඉන්දියානා ඖෂධ සමාගමට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

ඉන්දියානා ඖෂධ සමාගම සැපයු අක්ෂි ඖෂධ භාවිත කිරීමෙන් රෝගීන් 30 දෙනකුගේ ඇස්වල ආසාදන තත්ත්වයක් ඇතිවූ බව ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයට පැමිණිලි කිරීම හේතුවෙන් ඉන්දීය මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණය ආරම්භ කර ඇතැයි පැවසේ.

අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වීමෙන් ඉන්දියානා සමාගම ඉන්දියානු ඖෂධ කර්මාන්තයට නරක නමක් ගෙන දී ඇති බවත් ඉන් ඉන්දීය ඖෂධ කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වන බවත් ඖෂධ අපනයන කවුන්සිලයේ අධ්‍යක්ෂක ජනරාල් උදය භාස්කර් මහතා ඉන්දියානා සමාගමට ලිපියක් යොමු කරමින් පවසා ඇත.

ලංකාව තුළ මෙම ඖෂධය බාවිත කිරීම නිසා කිහිපදෙනෙකුගේ ඇස් අන්ධවූ බව වාර්තා විය. ඊට අමතරව කොළඹ අක්ෂි රෝහලේ ශල්‍යකර්ම කටයුතු දින කිහිපයකට නවතා දමා තිබුණි. එවැනි තත්ත්වයකදී මෙම බාල ඖෂධ ගෙන්වුවේ කවුරුන්ද ඒවා පරික්ෂා කිරීමකින් තොරව රෝහල් වෙත නිකුත් කලේ කෙසේද යන්න ගැන ලංකාවේදී පරීක්ෂණයක් සිදුවිය යුතුය. එසේම අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහිද යොමුවිය යුතුය. එසේ නොමැතිව ඉන්දියාව පරීක්ෂණ කරන බව පැවසීම ප්‍රමාණවත් නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...