දූෂණ විරෝධී පනතේ ඇතම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂඨාධිකරණය දන්වලා

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් ඒවා සංශෝධනය කළහොත් ගැටළුවක් ඇති නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති වන්නේ 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 යි.

කතානායකවරයා මෙසේ දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

රටේ අල්ලස දූෂණ මැඩපැවැත්වීම සඳහා යයි කියමින් රජය විසින් මේ දූෂණ මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් මස 3 වැනිදා නිකුත් කෙරිණ.

පනත ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පනත විස්තර කරමින් පැවසූවේ අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණ නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමට පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් සහ ඇතැම් සිවිල් සංවිධානවලින් පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ලවිය.

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...