සැෂේ පැකට් තහනම පුස්සක් වෙයි

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඖෂධ හා ආහාර ගණයට ඇතුළත් නොවන, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදිත ග්‍රෑම් 20 ට අඩු සැෂේ පැකට් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබිණි.

එවන් මොහොතක සැෂේ පැකට් 4ක ප්‍රමානයකට සැකසූ යුනිලීවර් සමාගමේ ෂැම්පු පැකට්ටුවක් ගැන මේ වන විට සමාජජාල වල තොරතුරු හුවමාරු වෙමින් පවතී. මෙම ෂැම්පු පැකට්ටුව 24 ml ප්‍රමාණයේ එකකි.

රජය විසින් සැෂේ පැකට් යැයි විග්‍රහ කර ඇති ප්‍රමානයට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු කරමින් එම දවටනයේම එය එවීමෙන් සිදුවන්නේ කලින් හානියම බව පනෙන්නට තිබේ.

සැෂේ තහනමේ මූලික අරමුණ දෛනිකව පරිසරයට එකතු වන මෙවන් අති විශාල පොලිතීන් ප්‍රමාණය අවම කිරීමයි. එම නිසා එම ආයතන සිදුකල යුත්තේ දිගුකාලයක් භාවිත කල හැකි නිෂ්පාදනයක් ජනතාව වෙත ලබා දීමයි.

මෙම තහනම නොතකා හරිමින් සමාගම් දෙකක් ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බව පරිසර අමාත්‍යංශය සඳහන් කර තිබේ.ඒම සමාගම් දෙකකට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නැයි පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවද පැවසේ.

පසුගිය වසරේ මාර්තු මාසයේද NGO Tearfund නම් සමාගමක් කරන ලද පර්යේෂණයකින් පසු හෙළි කෙරුනේ කොකා කෝලා, පෙප්සිකෝ නෙස්ලේ සහ යුනිලීවර් සමාගම් ලෝකයේ ප්ලාස්ටික් කසළවලින් මිලියන භාගයක් පමණ නිෂ්පාදනය කරන බවයි.

ප්ලාස්ටික් කසළ අතර බහුලව ෂැම්පු, සෝස් , කෝපි බහාලන සැශේ වර්ගයේ පැකට්, සිගරට් කොට සහ පල්ස්ටික් බෝතල් දක්නට ලැබෙන බව පර්යේෂණ දත්තවල සඳහන්.

එසේම ලෝක ප්ලාස්ටික් ජනනයෙන් 91%ක් ම ප්‍රතිචක්‍රීයකරණය නොකර විවිධාකාරයේ ස්වභාවික පරිසරයන්ට මුදා හරින බවද මෙම වාර්තා වේ සඳහන්.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...