ලංකාවේ පවුල් 48% කන්නේ බොන්නේ ණය වෙලා – ලෝක ආහාර වැඩසටහන

ලාංකික පවුල් සියයට 48 ක් ආහාර ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නෙකුගෙන් (පොලී මුදලාලි) ණයට මුදල් ලබා ගෙන ඇති බවත් එසේත් නැතිනම් පවුල් සතුව තිබූ රන් ආභරණ උකස් කර මුදල් සොයාගෙන ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.

ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

ලාංකික පවුල් සියයට 43 ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර එම මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් තවත් පවුල් සියයට 35 ක් එම පවුල් ඉතුරු කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.

මෙරට පවුල් ඉන්ධන මිල පිළිබඳ දක්වන කණස්සල්ල දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 6 දක්වා සියයට 11 කින් ජනවාරි මස අඩු වී ඇති බවත් ආහාර මිල පිළිබඳ දක්වන කණස්සල්ල සියයට 87 ක් දක්වා සියයට එකකින් වැඩි වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය වැඩිම පළාත ඌව පළාත බවත් ඉකුත් දෙසැම්බර් මස සියයට 43 ක් වූ ඌව පළාතේ ආහාර අනාරක්ෂිතතාවය ජනවාරි මස අවසන් වන විට සියයට 47 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය දෙසැම්බර් මසට සාපේක්ෂව ජනවාරි මස සියයට 10 කින් අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව අඩුම පළාත ලෙස ජනවාරි මස අවසන් වනවිට බස්නාහිර පළාත පත්ව තිබේ.ජනවාරි මස බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය සියයට 23 කි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...