ලංකාවේ පවුල් 48% කන්නේ බොන්නේ ණය වෙලා – ලෝක ආහාර වැඩසටහන

ලාංකික පවුල් සියයට 48 ක් ආහාර ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නෙකුගෙන් (පොලී මුදලාලි) ණයට මුදල් ලබා ගෙන ඇති බවත් එසේත් නැතිනම් පවුල් සතුව තිබූ රන් ආභරණ උකස් කර මුදල් සොයාගෙන ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.

ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

ලාංකික පවුල් සියයට 43 ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර එම මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් තවත් පවුල් සියයට 35 ක් එම පවුල් ඉතුරු කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර සඳහා යොදවා ඇති බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.

මෙරට පවුල් ඉන්ධන මිල පිළිබඳ දක්වන කණස්සල්ල දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 6 දක්වා සියයට 11 කින් ජනවාරි මස අඩු වී ඇති බවත් ආහාර මිල පිළිබඳ දක්වන කණස්සල්ල සියයට 87 ක් දක්වා සියයට එකකින් වැඩි වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය වැඩිම පළාත ඌව පළාත බවත් ඉකුත් දෙසැම්බර් මස සියයට 43 ක් වූ ඌව පළාතේ ආහාර අනාරක්ෂිතතාවය ජනවාරි මස අවසන් වන විට සියයට 47 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය දෙසැම්බර් මසට සාපේක්ෂව ජනවාරි මස සියයට 10 කින් අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව අඩුම පළාත ලෙස ජනවාරි මස අවසන් වනවිට බස්නාහිර පළාත පත්ව තිබේ.ජනවාරි මස බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය සියයට 23 කි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...