මහ මුහුදත් බෙදන්න කෑලිවලට කඩන්න නව පනතක්

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි වන සේ ප්‍රතිස්ථාපනය කරන නව පනතත් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ . මේ පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට එන නව පනත ධීවර ප්‍රජාව ගේ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කරන බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළා.

මේ පනතට අනුව මුහුද විවිධ කණ්ඩායම් වලට පවරා දීමට නියමිතයි. ඉන් පසුව විවිධ පුද්ගලයන්ට පවරා දී තිබෙන මුහුදු සීමාවන් වලට ඇතුල් වන ශ්‍රී ලාංකීය ධීවරයාට දඩ ගැසීමටත් හිරේ දැමීමටත් මෙමගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා. එපමණක් නොව මේ නීතියට අනුව යම් වරදකට හසු වන ධීවරයෙක් ට තමන්ගේ රැකියාව වසර දෙකක් යනතුරු කරන්නට බැරි වෙන ආකාරයේ තහංචි දැමීම ද ලක් කළ හැකි.

මේ නව නීතිය හරහා මුහුද අහිමි වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලාංකික ධීවරයාට ය. ඉන්දීයනු බලපෑමට යටත්ව තිබෙන මේ ආණ්ඩුව ඉන්දියාවේ උවමනාව මත මුහුද පරිහරණය කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරමින් තිබෙනවා. මේ නීතිය ශ්‍රී ලාංකීය ධීවරයාට මාරාන්තික වන බව නම් නිසැකයි.

ඒ අනුව මේ පරාජයට පත් කළ යුතුය. ධීවර ප්‍රජාව ගේ සහ මහජනතාවගේ ඒකරාශී වීමකින් මෙය අනිවාර්යෙන් පරාජයට පත් කළ යුතු නීතියකි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...