දවස් තුනකින් පසු හන්දියට ආවේ වැඩකටය.හන්දියම වෙනස් වී ඇතිය. ගිනිකෙළි,සැණකෙළි,අවකෙළි අපමණය .පරණ රෙදි අලුත් මිලට ඩිස්කවුන්ට් ය.ජීවිතේට රෙදි නොපැටලූ ජනතාවය.ලස්සෙට කොඩි නිසා සද්දය රතිඤ්ඤා ය.
ඔක්කොටම වඩා ලජ්ජාවේ පණ යන්නේය.
හැම කඩයක් ළඟම නැටවෙන්නේය.හිත නටද්දී ඇඟද පොඩ්ඩක් සලිත වන්නේය.
ගමන් තාලය ඇත් සිට අශ්ව,කොටි,දිවි,වඳුරු,රිලව් ආදී ලෙස වෙනස්වන බව මටම වැටහෙන්නේය.
හැම කඩේම සික්ස් එයිට් තාලෙට බඩු විකුණන්නේය.
සංගීත,ගීත නාදයෙන් ආලෝලනය වූ හන්දිය තවදුරටත් පෙර නොවූ විරූ ය.
තාලෙට බඩුගන්න ආල නැති මිනිසුන් ය.
ආයෙත් අවුරුදු ඉවර වන තෙක් එළියට නොයන බවට මම මට ම සපථ කර ගත්තාය.
මන්ද මට මගේ ගත පාලනය කරගත නොහැකිය .නැටුම් හිත ගත සමඟ මම ගෙදරටම වී සිටින්නාය.