ආයෙත් අවුරුදු ඉවර වෙනකම් එළියට බහින්නේ නම් නැතිය.

දවස් තුනකින් පසු හන්දියට ආවේ වැඩකටය.හන්දියම වෙනස්‍ වී ඇතිය. ගිනිකෙළි,සැණකෙළි,අවකෙළි අපමණය .පරණ රෙදි අලුත් මිලට ඩිස්කවුන්ට් ය.ජීවිතේට රෙදි නොපැටලූ ජනතාවය.ලස්සෙට කොඩි නිසා සද්දය රතිඤ්ඤා ය.

ඔක්කොටම වඩා ලජ්ජාවේ පණ යන්නේය.
හැම කඩයක් ළඟම නැටවෙන්නේය.හිත නටද්දී ඇඟද පොඩ්ඩක් සලිත වන්නේය.
ගමන් තාලය ඇත් සිට අශ්ව,කොටි,දිවි,වඳුරු,රිලව් ආදී ලෙස වෙනස්වන බව මටම වැටහෙන්නේය.

හැම කඩේම සික්ස් එයිට් තාලෙට බඩු විකුණන්නේය.
සංගීත,ගීත නාදයෙන් ආලෝලනය වූ හන්දිය තවදුරටත් පෙර නොවූ විරූ ය.

තාලෙට බඩුගන්න ආල නැති මිනිසුන් ය.

ආයෙත් අවුරුදු ඉවර වන තෙක් එළියට නොයන බවට මම මට ම සපථ කර ගත්තාය.

මන්ද මට මගේ ගත පාලනය කරගත නොහැකිය .නැටුම් හිත ගත සමඟ මම ගෙදරටම වී සිටින්නාය.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...