බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පිරිසක් අත්අඩංගුවට

ගෝල්ෆේස් අරගල භූමියේ බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පිරිසක් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇසින් දුටුවන් ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් පිරිස 10 දෙනෙකුට ආසන්න බව වාර්තා වේ.

පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් බණ්ඩාරනායක පිළිමය සිට මීටර් 50ක සීමාව තුළ රැඳී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. එම නියෝගය ඇතුළත් කඩදාසි කැබලි ඒ අවට අලවා ගොස් තිබුණි.

මෙතෙක් දිනක් එම නියෝගය ක්‍රියාත්මක නොවූ අතර අද දින හදිසියේ පැමිණි පොලිස් නිලධාරීන් විසින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...