බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පිරිසක් අත්අඩංගුවට

ගෝල්ෆේස් අරගල භූමියේ බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පිරිසක් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇසින් දුටුවන් ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් පිරිස 10 දෙනෙකුට ආසන්න බව වාර්තා වේ.

පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් බණ්ඩාරනායක පිළිමය සිට මීටර් 50ක සීමාව තුළ රැඳී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. එම නියෝගය ඇතුළත් කඩදාසි කැබලි ඒ අවට අලවා ගොස් තිබුණි.

මෙතෙක් දිනක් එම නියෝගය ක්‍රියාත්මක නොවූ අතර අද දින හදිසියේ පැමිණි පොලිස් නිලධාරීන් විසින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...