2026 පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට නව උපදෙස් මාලාවක්

Date:

6 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් තැබීමත් සමග 2026 වසර තුළ 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂ වලදී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වර්ෂයේදී ද ක්‍රියාත්මක කළ යුතු වන බව පැවසේ. 6 ශ්‍රේණිය සඳහා පසු ගිය වසරේ භාවිත කළ පෙළ පොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු බව එම උපදෙස් වල සඳහන් වන බව වාර්තා වේ.

පසු ගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ලබන බවටත්, අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් කඩිනමින් මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරන බවටත් අධ්‍යාපන අමාත්යංශය පවසා තිබේ.

එසේම 2026 වසරේදී 6 ශ්‍රේණියේ සිසුන් භාවිත කල යුතු පෙළ පොත් සඳහා අදාළ මෘදු පිටපත් අධ්‍යාපන අමාත්‍යංශයේ E – තක්සලාව වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ඇති බවයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...