කම්කරුවෝ දුප්පත් වුණේ වාමාංශිකයෝ නිසා මනුෂ්‍ය නානායක්කාර මරු කියවයි

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් වුණේ නෑ. – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

කම්කරුවා ආරක්ෂා කිරීමට නම් ව්‍යවසායකයා සුරක්ෂිත කළ යුතු බවත්, රට ගොඩනගන ගමන කඩාකප්පල් කරන රැලි වලට අහු නොවනා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් නොවුණු බවත්, කම්කරුවා පොහොසත් කිරීමට නම්, ව්‍යවසායකයා ආරක්ෂා කරගත යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ‘මේ ලෝක ආර්ථික අර්බුදයේ දී ලංකාව මේ තරම් බරපතල විදියට කඩා වැටෙන්න හේතුව වුණේ ව්‍යවසායකයන් ආරක්ෂා නොකරපු නිසා. හැමදාම නීති අරගෙන ඇවිත්, නීතිවලින් කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම අද කම්කරුවා ආරක්ෂිතද? ව්‍යසායකයා ශක්තිමත් නම් කම්කරුවා ආරක්ෂිතයි‘ යනුවෙන් ද පැවැසීය.

අමාතවරයා මෙසේ පැවසූයේ අද දිනට (03) නියමිත ව තිබූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

අපි මේ ඉන්නේ ක්‍රෝනි කැපිටලිසම් මත පදනම්වූ ආර්ථිකයක. ඒ තමයි ගජමිතුරු ධනවාදය. මෙන්න මේ නිසා තමයි සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මත පදනම්වූ නව ආර්ථික ක්‍රමවේදයක් අය වැය හරහා අරගෙන ඇවිත් තියෙන්නේ. මේක මෙච්චර කල් ඉදිරිපත් කළා වගේ නිකම්ම නිකම් හුදු අය වැයක් නෙමෙයි. මේ අය වැය කියන්නේ අය වැයක් ඇතුලේ සිදුවෙන සිස්ටම් චේන්ජ් එකක්.

ගොඩක් අය කැමැති නෑ මේක භාර ගන්න. ගොඩක් රෙද්ද අස්සේ මහත්තයලනේ ඉන්නේ. රෙද්ද අස්සේ කලිසම ඇඳගෙන ඉන්නවා, හැබැයි උඩින් රෙද්ද ඇඳන් ඉන්නවා. රෙද්ද පෙන්ගෙන ඉන්නවා. කලිසම අඳින්න ඕනෑ. හැබැයි පෙන්නන්නේ වෙන දෙයක්.

මෙතෙක් කල් අය වැයක් ඉදිරිපත් කළාට පස්සේ තිබුණේ ඒකත් එක්ක බැදුන වැඩපිළිවෙලක්. මේ අය වැයත් එක්ක බැදිලා තියෙන්නේ නිකම්ම නිකම් වැඩ පිළිවෙලක් නෙමෙයි. මේකත් එක්ක බැදිලා තියෙන්නේ සමාජ සහ ආර්ථික පරිවර්තනයක්. සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් ට්‍රාන්ෆමේෂන් එකක්.

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...