නිරෝධායන පනත වැඩ කරන ජනතාව මර්දනයට යොදාගැනීම ගැන වෘත්තීය සමිති විරෝධය දක්වයි

කම්කරු අරගල මධයස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු කම්කරු නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෘත්තිය සමිති වල ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද(7) සවස කොල්ලුපිටිය CMU ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ව්‍යවස්ථාවෙන් සහතික කළ අයිතියක් ලෙස ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් පොලිසිය යොදවා ගෙන මර්දනය ක්‍රියාත්මක කිරීම හා වැඩකරන ජනතා අයිතින් මර්දනය කිරීම එහිදී වෘත්තිය සමිති නායකයන්ගේ බලවත් විරෝධයට ලක් විය. වසංගත සමයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පිළිපැදිය යුතු නීතියක් ලෙස නිරෝධායන පනත කම්කරු විරෝධතා ඇතුළු වැඩ කරන ජනතාවගේ විරෝධාත මර්දනයට යොදාගැනීම වහා නතර කරන ලෙස ඔවුන් ආණ්ඩුවට බලකර සිටින ලදී. විශේෂයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුලු කාර්ය මණ්ඩල විසින් ක්‍රියාවට නැගිය යුතු නිරෝධායන නීතිය පොලිසිය විසින් ක්‍රියාවට නගමින් විරෝධතාකරුවන්ගෙන් පළිගැනීමක් සිදුකරන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, ඉංජිනේරු සේවා වෘත්තියවේදී සංගමය, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, ඉංජිනේරු සංස්ථා පරිපාලන සේවා සංගමය, ලංකා වෙලඳ හා කාර්මික පොදු සේවක සංගමය, කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ඒකාබද්ධ ගුරුසේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය, 43 සේනාංකය් වෘත්තිය සංගමය ඇතුළු වෘත්තීය සමිති හා සංවිධාන ගණනාවක් සහභාගි විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...