ආණ්ඩුවේ අපුරු පොහොර බෙදාදීම

මෙවර යල කන්නයේ ගොවිතැනට අවශ්‍ය පොහොර  ටික ද  නිසි කලට වේලාවට ලබාදීමට  රජය අපොහොසත් වීය.  ලබාදුන් යූරියා පොහොර වලට  පවා මුදලක් රජය අයකරගන්නා ලදි. අක්කරයක් සඳහා යූරියා පොහොර  කිලෝ  75 ක්  පමණ අවශ්‍ය වන නමුත් රජය විසින් ලබාදෙන ලද්දේ කිලෝ 60 ක ප්‍රමාණයක්ය . එයදා  මාසයක් පමණ ප්‍රමාද කර ලබා දෙන ලදී. ඒ සඳහා ද රුපියල් 12,000 මුදලක් අසරණ ගොවි ජනතාවට  රජයට ගෙවීමට සිදුවිය. බන්ඩි පොහොර මෙවර ලබාදීමටද රජය කටයුතු කළේ නැත. බන්ඩි පොහොර නොමැතිව ගොවිතැන් කිරීමෙන් ගොවියාට නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වේ. මඩ පොහොර ලබා නොදීම නිසා ගොයම වර්ධනය වීම අඩුවී ගොස් ගොයම  කේඬෑරි වී ගිය අවස්ථා ද ඇත. එසේම දිලීර නාශක සහ වල් නාශක යෙදීම ට අක්කරයක් සඳහා රුපියල් 32 000  මුදලක් වැය කිරීමට සිදුවී ඇත. එපමණක්ද නොව දුර්ගන්ධය හමන කාබනික පොහොර යැයි කියා රජය විසින් නොමිලේ  ලබාදුන් පොහොරින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවීය. ඒවාද  ලබා දුන්නේ ගොයම කැපීමට මාසයක් පමණ තිබෙන විටය.

ඉහත අදහස අප වෙත පළ කළේ අනුරාධපුරයේ ගොවිමහතුන් ය.  මේ වන විට ගොයම විනාශ වී යෑමේ අවදානමකට  වී ගොවියා මුහුණ දී තිබේ.  ගොයම් ගස කහ පාට වී මිය යෑමේ හේතුව නිසා අක්කර ගණන්  විනාශයට පත් වී තිබේ.  නමුත් මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ ඊට වගකිය යුතු අයගේ අවධානය සහ ක්‍රියාවලිය  මන්දගාමී වී තිබීමත්  ගොවිතැනට අත්වී තිබෙන මේ උවදුර නිසා  ඉන් පාඩු ලබන ගොවියාට  රජය විසින් කිනම් පිළිසරණක් ලබා දෙන්නේ ද කියා තවමත් ප්‍රකාශ කර නොමැති නිසා  ඔවුන් කරකියා ගන්නට දෙයක් නොමැතිව සිටියි .

අද දින ගොවිතැන අරඹයා පැනනැගී ඇති බොහෝ ප්‍රශ්නවලට  මූලාරම්භය ලබා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ එක රැයේ පොහොර ප්‍රතිපත්තියයි.  දීර්ඝ කාලයක් රසායනික පොහොර සහ තෙල් බෙහෙත් වලට හුරු වී තිබුණු  ගොවි බිම කිසිදු ප්‍රමිතියකින් තොර  මළ අපද්‍රව්‍යර වෙත යොමු කිරීම හේතුවෙන්  (කාබනික පොහොර)  මේ විනාශය තම ගොවි බිමට අත් වී ඇති බව  ගොවියන් චෝදනාත්මකව  ප්‍රකාශ කර   සිටිනවා.

Share post:

Popular

වෙනත් පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...