Breaking News

28 වන දා විරෝධතාවයට පහර දීමේ ආණ්ඩුවේ සූදානම හෙළිවේ

එළඹෙන 28 වන දා රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිවිල් සංවිධාන ,දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු කරමින් සිටීයි . ගෝල්පේස් (ගෝඨාගෝගම) පවතින ආණ්ඩු විරෝධී අරගලයට සහාය පළ කරමින් රටපුරා පවතින විරෝධතාවයන් දිනෙන් දින වැඩිවෙමින් ආණ්ඩුවට එල්ල කරන බලපෑම තීව්‍ර කරමින් පවතී. පවතින අර්බුද සමනය කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති අතර පාර්ලිමේන්තුව තුළ වෙනස්වීම් සිදු කරමින් ආණ්ඩු වෙනසක් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ කටයුතු කරමින් සිටින අතර එයට ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

අප්‍රේල් 24 වෙනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවා තිබුණු උද්ඝෝෂණ පාගමනට ආණ්ඩුව බාධා එල්ල කරමින් ඒ කඩාකප්පල් කරන්නට උත්සාහ දැරුවද උත්සාහය සාර්ථක නොවූ අතර අන්තරේ උද්ඝෝෂණ ක්‍රියාවලිය සාර්ථක වී ජනතා ප්‍රසාදය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එපමණක්ද නොව රගලයේ ජයග්‍රහනය වෙනුවෙන් අන්තරය කැපවීම පිළිබඳව අද රටේ සෑම පුරවැසියෙක්ම ප්‍රසාදය පළකරමින් සිටීමද විශේෂත්වයකි.

අණ්ඩුවට එරෙහි මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අඩපන කිරීමට අධිකරණයේ පිහිට මෙන්ම පොලීසිය හමුදාව යොදා මර්දනය කිරීමේ උත්සාහයන් ද ආණ්ඩුව ගත් අතර ඒවා එකක්වත් සාර්ථක කර ගැනීමට නොහැකි වුණේ ජනතාව අවදිව, විමසිලිමත්ව සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එළඹෙන 28 වනදා විරෝධතා ක්‍රියාවලිය ආණ්ඩුවට බරපතළ හානි සිදු කරාවි යන පූර්ව නිගමනයට පැමිණ සිටින ආණ්ඩුව 28 වන දා මර්දනය කැඳවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරු කර තිබේ.

ඒ අනුව 28 වන දාට හිරු උදා වන්නට ප්‍රථම ගෝල්පේස් (ගෝඨාගෝගම) රෝධතා කරුවන් විසිර යන අවස්ථාව ඉලක්ක කර ගනිමින් ඊට දැවැන්ත මර්දන ප්‍රහාරයක් එල්ල කිරීමට ආණ්ඩුව සැලසුම් සකසා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරව් කරනවා . අරගලයට මර්දනය දියත් කරන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස චැතැම් වීදියේ කදවුරක් සූදානම් කර තිබෙන අතර එහි බස්රථ 25 කට ආසන්න ප්‍රමාණයක් ස්ථානගත කර තිබෙන බවත් පී.එස්. ඩි භටයන් 2500ක් පමණ ඊට අනුබද්ධ කර මේ මෙහෙයුම සඳහා සූදානම් කරමින් සිටියි . එපමණක් ද නොව බැටන් පොලු පන් දහසකට ආසන්න ප්‍රමාණයක් සහ ටී 56 ගිනි අවි සහ උණ්ඩ මෙම මෙහෙයුම සඳහා පාවිච්චි කිරීමට එතැනට ගෙනවිත් ඇති බවද දැනගන්නට තිබේ.

උද්ඝෝෂකයන් විසින් ජනාධිපති කාර්යාලය වටලා මේ වන විට දවස් 18 ඉක්ම ගොස් තිබෙන අතර ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට කාලය ඉක්ම යන විට එහි උණුසුම පහව යයි කියන නිගමනය බොරුවක් කරමින් දිනෙන් දින රටේ ජනතාවගේ විරෝධය තීව්ර වෙමින් උත්සන්න වෙමින් ආණ්ඩුවට එරෙහිවීම බුරා නැගෙමින් පවතී.

අගලය මර්දනයෙන් කුඩුපට්ටම් කර නැවතත් ආණ්ඩුව යථා තත්ත්වයට පත්කර ගැනීම රාජපක්ෂලා ඇතුළු පාලකයින්ගේ උවමනාව බවට පත්වී තිබෙන අතරම එම උගුලට හසු නොවී අරගලය ජයග්‍රහණය කරා ගෙන යෑම අරගලය මෙහෙවන නිර්පාක්ෂික සියලු ක්‍රියාදරයන්ගේ වගකීම බවට පත්කරගත යුතුයි.

මර්දනයට ඔවුන් සූදානමින් සිටින අතර ඊට ඉඩ සලසා නොදීම අප කාගේත් වගකීමයි. රටේ සෑම පුරවැසියෙකුම මේ මොහොතේ පාරට පැමිණ අරගලය ආරක්ෂා කරනවා වගේම අරගලයට දායකත්වය දෙන සියලු ජීවිත තමන්ගේ ආරක්ෂාව යටතට ගැනීම පුරවැසි වගකීම ලෙස බාරගත යුතුයි.

විශේෂ ලියුම් කරුවෙකි 

leave a reply