Breaking News

මහා පරිමාණ සමාගම් නිසා මහියංගන ජනතාවට කොරෝනා මදිවට අලින්ගෙනුත් කරදර

ගොවි අරගල ව්‍යාපාරය

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තලංගම ග්‍රාම නිළධාරි වසමේ සොරබොර වටවන ගම්මානය නිරන්තරයෙන් වන අලි ප්‍රහාරයන්ට ලක්වන අතර වසර ගණනාවක් තිස්සේ මේ පිළිබදව අදාළ බලධාරින් කොතෙක් දැනුවත් කලත් මෙතෙක් නිසි විසදුමක් ලැබි නැත. සොරබොර වැව හා මාදුරුඔය රක්ෂිතය මැදිකරමින් ක්‍රිස්බෝ සමාගම විසින් පවත්වාගෙන යන මහා පරිමාන ගොවිපල ආරක්ෂා කිරිමට දශක ගණනාවක සිට අලින් ගමන් කරමින් සිටි අලිමංකඩ අවහිර කරමින් ඉදිකර ඇති විදුලි වැට නිසා මෙම වන අලින් ගම් වැදිමට පටන් ගෙන ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කරයි. එකවර අලි විශාල ගණනක් ගම් වැදී කරන මෙම විනාශය නිසා අසරණ ගම්වාසීන් බරපතල අර්බුදයකට ලක් ව ඇත. වසර ගණනාවක් දුක සේ උපයා ගත් මුදලින් යන්තම් අටවා ගත් නිවාස අලින් විසින් විනාශ කර දමන අතර වගාවන්ද නිවාස තුල ඇති අස්වැන්නද මෙම වන අලින් විසින් විනාශ කර දමමින් ඇත.

මීට දින පහකට පෙර වන අලින් ගම්වැදිම නිසා නිවාස කිහිපයක්ම විනාශ කර දමා ඇත. එහෙත් මේ වන තුරු වසම භාර ග්‍රාමනිළධාරි වරයාවත් අසරණ වී ඇති මෙම මිනිසුන් හමු විමට ගොස් නොමැති අතර ඒ නිසාම සිදු වී ඇති හානිය තක්සේරු කිරිමට නිලධාරියකු නොමැති නිසා ලබා ගත හැකි වන්දි මුදලක්වත් ලබා ගැනිමට ‍ කටයුතු කිරිමට නොහැකි වී ඇත. ජීවිත බිලි ගන්නා තුරු නොසිට වහාම මෙම වන අලි තර්ජනයෙන් ගම්වාසීන් මුදවා ගැනිමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ට බල කරමු.

සිදු වි ඇති හානි වලට වන්දි ලබා දීමට කඩිනමින් කටයුතු කරනු !
ගම්මානයට වන අලින් ඇතුල් විම වැලැක්වීමට ස්ථිර අලිවැටක් ඉදි කරනු !
අලිමංකඩ හරහා ඉදිකර ඇති අලිවැට වහා ඉවත් කරනු !
අලි නසන මිනිසුන් මැරෙන අලි මිනිස් ගැටුමට විසදුම් දියව් !

 

leave a reply