මහා පරිමාණ සමාගම් නිසා මහියංගන ජනතාවට කොරෝනා මදිවට අලින්ගෙනුත් කරදර

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තලංගම ග්‍රාම නිළධාරි වසමේ සොරබොර වටවන ගම්මානය නිරන්තරයෙන් වන අලි ප්‍රහාරයන්ට ලක්වන අතර වසර ගණනාවක් තිස්සේ මේ පිළිබදව අදාළ බලධාරින් කොතෙක් දැනුවත් කලත් මෙතෙක් නිසි විසදුමක් ලැබි නැත. සොරබොර වැව හා මාදුරුඔය රක්ෂිතය මැදිකරමින් ක්‍රිස්බෝ සමාගම විසින් පවත්වාගෙන යන මහා පරිමාන ගොවිපල ආරක්ෂා කිරිමට දශක ගණනාවක සිට අලින් ගමන් කරමින් සිටි අලිමංකඩ අවහිර කරමින් ඉදිකර ඇති විදුලි වැට නිසා මෙම වන අලින් ගම් වැදිමට පටන් ගෙන ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කරයි. එකවර අලි විශාල ගණනක් ගම් වැදී කරන මෙම විනාශය නිසා අසරණ ගම්වාසීන් බරපතල අර්බුදයකට ලක් ව ඇත. වසර ගණනාවක් දුක සේ උපයා ගත් මුදලින් යන්තම් අටවා ගත් නිවාස අලින් විසින් විනාශ කර දමන අතර වගාවන්ද නිවාස තුල ඇති අස්වැන්නද මෙම වන අලින් විසින් විනාශ කර දමමින් ඇත.

මීට දින පහකට පෙර වන අලින් ගම්වැදිම නිසා නිවාස කිහිපයක්ම විනාශ කර දමා ඇත. එහෙත් මේ වන තුරු වසම භාර ග්‍රාමනිළධාරි වරයාවත් අසරණ වී ඇති මෙම මිනිසුන් හමු විමට ගොස් නොමැති අතර ඒ නිසාම සිදු වී ඇති හානිය තක්සේරු කිරිමට නිලධාරියකු නොමැති නිසා ලබා ගත හැකි වන්දි මුදලක්වත් ලබා ගැනිමට ‍ කටයුතු කිරිමට නොහැකි වී ඇත. ජීවිත බිලි ගන්නා තුරු නොසිට වහාම මෙම වන අලි තර්ජනයෙන් ගම්වාසීන් මුදවා ගැනිමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ට බල කරමු.

සිදු වි ඇති හානි වලට වන්දි ලබා දීමට කඩිනමින් කටයුතු කරනු !
ගම්මානයට වන අලින් ඇතුල් විම වැලැක්වීමට ස්ථිර අලිවැටක් ඉදි කරනු !
අලිමංකඩ හරහා ඉදිකර ඇති අලිවැට වහා ඉවත් කරනු !
අලි නසන මිනිසුන් මැරෙන අලි මිනිස් ගැටුමට විසදුම් දියව් !

 

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...