අටවන උගුල්වල නිමක් නැත – මැතිවරණය කල් යයිද?

ප්‍රකාශයට පත්කර ඇති මැතිවරණය කල් දැමීම සඳහා   ආණ්ඩුව විවිධ උත්සාහයන් වල නිරත වෙමින් සිටීයි .  ජාතික  මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ගැටුමක් නිර්මාණය කර මේ මැතිවරණය කල්දැමීම සඳහා දැන් ආණ්ඩුව උත්සාහ දරණ බව පෙනෙන්නට තිබේ.  ජනවාරි 25 වනදා වන විට  මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන  පි .එස් .එම් චාල්ස්  මහත්මිය කොමිසමේ රාජකාරී වලින් ඉල්ලා අස්වෙන්න බව පවසා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට  මාධ්‍ය වාර්තා පලවී තිබුණි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ  කොමිසමේ සාමාජිකයෙකු අඩු වුවද  පළාත් පාලන මැතිවරණයට ඉන් බාධාවක් නොවෙන බවයි.  ජාතික මැතිවරණ කොමිසමේ සභාපති  පුංචිහේවා මහතා ද ඉල්ලා අස්වීමට නියමිත බවට පළවන  පුවත් සත්‍ය නොවන බව ඔහු  වැඩිදුරටත් අදහස් දක්වමින්  ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මේ වන තෙක්  චාල්ස් මහත්මිය ඉල්ලා අස්වන බව නිල වශයෙන් ඔහුට දැනුම් දී නොමැති බවත් මේ  මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා එවන් බාධා කිසිසේත්ම අදාල කර ගන්නේ නැති බව ද  අවධාරණය කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...