අටවන උගුල්වල නිමක් නැත – මැතිවරණය කල් යයිද?

ප්‍රකාශයට පත්කර ඇති මැතිවරණය කල් දැමීම සඳහා   ආණ්ඩුව විවිධ උත්සාහයන් වල නිරත වෙමින් සිටීයි .  ජාතික  මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ගැටුමක් නිර්මාණය කර මේ මැතිවරණය කල්දැමීම සඳහා දැන් ආණ්ඩුව උත්සාහ දරණ බව පෙනෙන්නට තිබේ.  ජනවාරි 25 වනදා වන විට  මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන  පි .එස් .එම් චාල්ස්  මහත්මිය කොමිසමේ රාජකාරී වලින් ඉල්ලා අස්වෙන්න බව පවසා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට  මාධ්‍ය වාර්තා පලවී තිබුණි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ  කොමිසමේ සාමාජිකයෙකු අඩු වුවද  පළාත් පාලන මැතිවරණයට ඉන් බාධාවක් නොවෙන බවයි.  ජාතික මැතිවරණ කොමිසමේ සභාපති  පුංචිහේවා මහතා ද ඉල්ලා අස්වීමට නියමිත බවට පළවන  පුවත් සත්‍ය නොවන බව ඔහු  වැඩිදුරටත් අදහස් දක්වමින්  ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මේ වන තෙක්  චාල්ස් මහත්මිය ඉල්ලා අස්වන බව නිල වශයෙන් ඔහුට දැනුම් දී නොමැති බවත් මේ  මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා එවන් බාධා කිසිසේත්ම අදාල කර ගන්නේ නැති බව ද  අවධාරණය කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...