“ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි” තරුණ ජනමාධ්‍යවේදීහු සහ තරුණ නීතීඥයෝ කියති!

ජීවන වියදම ඉහළ යාම, පාලකයන් විසින් මහජන දේපල මංකොල්ල කෑම සහ රටේ ආර්ථිකය පිරිහීම වැනි කරුණු හේතු කරගනිමින් වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි බල කරමින් රට පුරා ම විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි පළමුවැන්න පසුගිය 31 වන දා පස්වරුවේ ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරියෙන් ආරම්භ වූ අතර මේ වන විට රට පුරා ගම් නගර පාසා මේ විරෝධය ව්‍යාප්ත ව ගොසිනි. ඒ අනුව ඊයේ (04) දිනයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ම මෙම විරෝධතා පවත්වනු දක්නට ලැබුණි. ඒ අනුව ඊයේ පස්වැරුවේ කොළඹ, ලිප්ටන් වටරවුම ඉදිරිපිට පවත්වනු ලැබූ විරෝධතාවය සංවිධානය කොට තිබුණේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ නීතීඥවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙනි.

මෙම විරෝධතාවට තරුණ ජනමාධ්‍යවේදීහු, තරුණ නීතීඥයෝ, වෙනත් වෘත්තිකයෝ, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ. ඊට අමතරව තරුණ තරුණියෝ විශාල පිරිසක් ද විරෝධය පෑමට එක්ව සිටියහ. ලිප්ටන් වටරවුම ඉදිරිපිටට රැස් වූ මෙම පිරිස සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙසත්, දේශපාලකයන් විසින් අයථා ලෙස උපයා ගත් මහජන ධනය යළි රටට ලබා දෙන ලෙසත් සහ මහජන විරෝධයට විසඳුම් ලෙස සිදු කරන මුහුණු මාරුව නවතන ලෙසත්, ජනමාධ්‍යවේදීන්ගේ සහ මහජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත්, රාජ්‍ය මර්දනය නවතන ලෙසත් ය.

මෙම විරෝධතාව අතරවාරයේ අජිත් කුමාරසිරි ඇතුළු කලාකරුවන් පිරිසක් විරෝධාකල්පික ගීත ගායනා කරනු දක්නට ලැබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...