ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් අදත් (01) හමුවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුරක් එලෙස හමු වී ඇති බවයි.

පසුගිය 30 වැනිදාද ගාලු මුවදොර වෙරළ තීරයෙන් පිරිමි මළ සිරුරක් හමුවූ අතර එය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බව පසුව තහවුරු විය.

පසුගිය 26 දා වැල්ලවත්ත වෙරළ තීරයට මළසිරුරක් ගොඩගසා තිබිණි.

දැවැන්ත අරගලයකින් පසු හදිසි නීතිය වැනි මර්දන නීති උපරිමයෙන් ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම්,
චෝදනා නිර්මාණය කිරීමේ උත්සාහයන්, සමාජය බියවැද්දීමේ උපක්‍රම, සීග්‍රයෙන් ක්‍රියාත්මක වන මොහොතක මෙවැනි ප්‍රවෘත්ති මගින් ජනතාවට භීතියට පත්වීම අනිවාර්ය කරුණකි. එම නිසා වහාම මෙම මළසිරුරු පිළිබඳ සත්‍යය අනාවරණය කළ යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...