ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් අදත් (01) හමුවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුරක් එලෙස හමු වී ඇති බවයි.

පසුගිය 30 වැනිදාද ගාලු මුවදොර වෙරළ තීරයෙන් පිරිමි මළ සිරුරක් හමුවූ අතර එය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බව පසුව තහවුරු විය.

පසුගිය 26 දා වැල්ලවත්ත වෙරළ තීරයට මළසිරුරක් ගොඩගසා තිබිණි.

දැවැන්ත අරගලයකින් පසු හදිසි නීතිය වැනි මර්දන නීති උපරිමයෙන් ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම්,
චෝදනා නිර්මාණය කිරීමේ උත්සාහයන්, සමාජය බියවැද්දීමේ උපක්‍රම, සීග්‍රයෙන් ක්‍රියාත්මක වන මොහොතක මෙවැනි ප්‍රවෘත්ති මගින් ජනතාවට භීතියට පත්වීම අනිවාර්ය කරුණකි. එම නිසා වහාම මෙම මළසිරුරු පිළිබඳ සත්‍යය අනාවරණය කළ යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...