තලු මරා අනුභව කළ හැක. පෝෂණයක් නැත.

මේ ගෙවීයන කාලය තුළ හුවමාරු මාතෘකා රසවත්‍ ය.තලු මරා අනුභව කළ හැක.

නමුත් පෝෂණයක් නැත.

සතියෙන් සතිය ආවේදන ඔස්සේ අපි උණුසුම් වෙමු.වරෙක කංසා ගසා මත්වෙන අපි අඩුවට අයිස් උණුසුමට නතුවෙමු.

මේ සියල්ලටම වඩා අප උණුසුම් කරන්නේ ස්ත්‍රී පහසයි.

ලොක්කන්ගේ ස්ත්‍රී ප්‍රශ්න මුළු දූපතේම ස්ත්‍රී ප්‍රශ්න වී හමාරය.එනම් ජාතික ප්‍රශ්න වී අවසන් ය.

එනිසාම ජාතික ප්‍රශ්න යටයන අතර ප්‍රශ්න නොවන ප්‍රශ්න දෙස බලමින් අපි ප්‍රීතිවෙමු.

එහෙත් ඒ අතරේ අපි බොහෝ දේ අහිමි කරගනිමින් සිටිමු.එයින් ප්‍රබල තැනක් ගන්නේ ලංකාවේ මානව සම්පතයි.

ළඟදී පාසලකට ගියාම විදුහල්පතිනියක් සතුටින් මාත් එක්ක බෙදාගත්තා ළමයෙක් පාසලෙන් අස්කිරීමේ පුවත.

ඇයට අනුව ඇය ජාතික කර්තව්‍යයයක් කර ඇත.

දරුවා පාසලෙන් අස්කලේ කසිප්පු බෝතලයක් පාසලට රැගෙන ආ නිසාය.

එහෙත් විදුහල්පතිනිය හා දරුවාගේ මව හොඳින්ම දන්නා දේනම් බෝතලය ඔහු දැනුවත්ව නොගෙනා බවයි.

එය හදීසියට අම්මා විසින්ම දරුවාගේ බෑගයේ සැඟවූවකි.එය කළේ දරුවාගේ මවයි.

එහෙත් මේ සත්‍යය බැහැර කළ විදුහල්පතිනිය සමස්තයේ යහපත තකායැයි පවසා දරුවා පාසලෙන් බැහැර කළාය.

අසඩක් නඩු තීන්දු දුන්නේනම් මෙලෙස නොවුණු ඇත.

හොරුන්,දූෂිතයන්,මංකොල්ලකරුවන් වැනි විනාසකරුවන් මැද රටක අනාගතයක් උගත් පුද්ගලයෙක් විනිශ්චය කළ අයුරු අපූරුය.

මේ කියන්නේ පවත්නා තත්ත්වයන් යහපත් හා අනුමත කළහැකි බව නොවේද ?

මේ පසුපස ඇත්තේ ලංකාවේ මානව සම්පත පිරිහීයාමේ මහා ඛේදවාචකයයි.එසේ වන්නට එක හේතුවක්නම් ආදර්ශයට ගතහැකි සමාජයක් අපිට නොතිබීමයි.

මහා සමාජයේ ආදර්ශය නම් බලවත් හොරුන් සුරැකීමයි.සොර මූල රැකීමයි.
අතරමැදියන් රැකීමයි.

පහත් තැනින් යයි ගලා ජලේ අදටත් කවදටත් ගැළපේ.

අපි ඉතින් ජාතික ප්‍රශ්න මඟහැර ආතල් ගනිමින් සිටිමු.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...