මහජන බල ව්‍යුහයක් ගොඩ නැගිය යුතු වන්නේ ඇයි?

බහුතරයක් මෙතෙක් කල් ගිය බංකොළොත්වූ ගමන් මග තෝරාගෙන නැවත සූරාකනවුන්ට මග හදද්දී, සුළු පිරිසක් විවිධ බාධක මැද ඉන් පරිබාහිරව ජනතා බලය කෙරෙහි විශ්වාසය තබා ඊට අදාල ව්‍යුහය නිර්මාණය කිරීමට මැදිහත්වීම වැදගත් සහ සතුට දනවන කාරණයකි . මෙහිදී අරගලය කෙ⁣රෙහි විස්වාසය තබා කටයුතු කරන විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් ඉටුකරන කාර්ය සහ කැපවීම අගය කළ යුතුය .

මේ අතර සිටින පියතුමන්ලා සහ කන්‍යාසොයුරියන් පිළිබඳව ඇත්තේ දයාබර හැඟුමකි. මන්ද රටේ ප්‍රශ්ණ පිළිබඳව ජනතාවගේ නිද්‍රාශීලී බව පලවාහැර ඔවුන් අවදි කිරීමට මැදිහත් වන සුළු පිරිසක් වුව ඔවුන් අපට සම්පතක් වන බැවිනි .

ආගමේ හරය තුළ මිනිස් ජීවිත රැකගැනීම සහ සමාජයට නිදහස ලබාගැනීමට කටයුතු කිරීම යන අදහස වචනයෙන් පිළිගන්නා නමුත් ක්‍රියාවෙන් එසේ නොවන බව සමහර අයගේ භාවිතාව තුළින් හඳුනා ගත හැකිය.

එබැවින් එකක් පැහැදිළිය. විවෘත මනසින් යුතුව සත්‍ය වෙනුවෙන් හඬ නැගීමට හැකි සුළු පිිරිසක් වුව එය යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අදාලව වැදගත් කරුණකි .

අප සම්ප්‍රදායික මාර්ගය වෙනුවට පවතින අර්බුදයෙන් මිදීමට හැකි නව මාවතක් කෙරෙහි විස්වාසය තබා කටයුතු කරන්නේ එබැවිනි .

smart

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...