දෛනික පුවත් ගැලීම් අර්ථකථනය කිරීමටල තේරුම් ගැනීමට සහ විග්‍රහ කිරීමට ගන්නා වෑයමේදීල සුවිශේෂ නමුත් අන්තර්ඡේදනය වන ආකෘතින් දෙක අනුව ධනවාදය ක්‍රියා කරන ආකාරය පසුබිමේ තබා සිදුවන්නේ කුමක්ද යන්න ස්ථානගත කර ගැනීමට මා නැඹුරු වෙනවා. මුල් මට්ටමේදී නිශ්පාදනය සාක්ෂාත් කර ගැනීම (පරිභෝජනය) බෙදා හැරිම සහ ප්‍රති ආයෝජනය මගින් විවිධ නිමේෂයන්’ (මාක්ස් සදහන් කරන ආකාරයට ) හරහා ලාභය හඹා යන ප්‍රග්ධන සංසරණය සහ සමුච්චන ක්‍රියාවලිය මුදල් වටිනාකම හැටියට ගලායද්දී මතුවන ප්‍රතිවිරෝදතාවන් සිතියම් ගත කරනවා. මෙය ධනවාදී ආර්ථිකයේ නිමක් නැති ව්‍යාප්තියේ සහ වර්ධනයේ සර්පිලාකාරී ආකෘතියයිග මෙය අතිශයෙන් සංකීර්ණයි. නිදසුන් වශයෙන් භූ දේශපාලනික එදිරිවාදි කෝණල අසමාන භූගෝලීය වර්ධනයන්ල මූල්‍ය ආයතනල රාජ්‍ය ප්‍රතිපත්තීන්ල තාක්ෂණික ප්‍රතිසැකසුම් සහ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින ශ්‍රම විභේදනයන් සහ සමාජ සමබඳතාවන් ජාලය හරහා මෙය විස්තාරනය වෙනවා.
කෙසේ වෙතත් මෙම ආකෘතිය සමාජ ප්‍රතිනිශ්පාදනයේ (කුටුම්භ සහ ප්‍රජාවන්) පුලුල් සංදර්භයක් තුලල එනම්ල සොභාදහම සමග අනවරථ හා නිරන්තරයෙන් පරිනාමය වෙමින් පරිවෘත්තීය සමබඳතාවක (නාගරිකකරනයේ සහ ඉදිකල පරිසරයේ )(දෙවන සොභාදහම ඇතුලුව) සහ සියලු ආකාරයේ සංස්කෘතිකල විද්‍යත්මක (දැනුම පදනම් කරගත්) ආගමික සහ මිනිස් ජනගහන කාලය සහ අවකාශය හරහා සාමාන්‍යයෙන් නිර්මාණය කරන අනියම් සමාජ සැකසුම තුල ඇති බව මා කල්පනා කරනවා. මෙම නිමේෂයන් තුල මිනිස් ඕනෑ එපාකම්ල අවශ්‍යතාවන්ල ආශාවන්ල දැනුම සහ අර්ථය සහ තෘෂ්ණාව සදහා ප්‍රකාශනය සහ පරිපූර්ණත්වය සදහා පරිනාමය වන ගවේෂණයක් ඒකාබද්ධ කර ගැනෙනවා. මෙය සිදුවන්නේ වෙනස්වෙන ආයතනික විධිවිධාන, දේශපාලනමය මතබේද, දෘෂ්ටිවාදී ගැටුම්, පාඩූල පරාජයන්ල කලකිරීම් සහ පරාරෝපණයන් පසුබිම් කරගෙනයි. මේ සියල්ල සැලසුම් කරනු ලැබ ඇත්තේ සනිටුහන් කරන ලද භූගෝලීයල සංස්කෘතිකල සාමාජයීය සහ දේශපාලන විවිධත්වයකින් සමන්විත වන ලෝකයකයිගමෙම දෙවන ආකෘතිය ගෝලීය ධනවාදය සුවිශේෂී සමාජ සැකැස්මක් හැටියට මගේ දළ තේරුම් ගැනීම ව්‍යුහගත කරන අතරල පළමු ආකෘතිය මෙම සමාජ සැකැස්මේ ඓතිහාසික සහ භූගෝලීය පරිනාමයල කිසියම් ගමන් මාර්ග ඔස්සේ බල ගැන්වෙන ආර්ථික එන්ජිම තුල පවතින ප්‍රතිවිරෝධතාවන් පිළිබඳවයි.
සර්පිලාකාරය
2020 ජනවාරි 26 වන දින චීනයේ වර්ධනය වෙමින් පැවතුන කොරෝනා වෛරසය ගැන මා මුලින් කියවූ විටල ප්‍රාග්ධන සමුච්චයේ ගෝලීය ගතිකත්වයන්ට ඉන් ඇතිවන විපාකයන් ගැන මා කල්පනා කළා. එනම්ල ප්‍රාග්ධනයේ අනවරථ ගලායාමට අවහිරතා හා කඩාකප්පල්වීම් මගින් අවප්‍රමාණයට තුඩු දිය හැකි බවත්ල අවප්‍රමාණයන් පැතිරුණු සහ ගැඹුරු වුවහොත් ඉන් අර්බුදවල ආරම්භය සනිටුහන්කරන බවත් ආර්ථික ආකෘතිය පිළිබද මගේ අධ්‍යයන තුලින් මා දැන සිටියාග අනිකල චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවත් 2007-2008 න් ඉක්බිතිව ගෝලීය ධනවාදය සත්‍ය වශයෙන්ම බේරා ගත්තේ චීනය විසින් බවත් මගේ අවබෝධයි.
සෑම තැනකම පාහේ (සන්තියාගෝ සිට බේරුට් දක්වා) විරෝධතා ව්‍යාපාර පැන නැගෙමින් තිබුනා. ඒවායෙන් බොහෝමයක අවධානය යොමු වුනේ ල අධිපති ආර්ථික ආකෘතිය ජන සමුහයාගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක නොවන කාරණය ගැනයි. මෙම නව ලිබරල් ආකෘතිය, වැඩි වැඩියෙන් ව්‍යාජ ප්‍රාග්ධනය සහ මුදල් සැපයුමේ සහ ණය උත්පාදනයේ මහා විශාල ව්‍යාප්තිය මත රදා පවතිනවා. එය දැනටත් ප්‍රාග්ධනය මගින් නිෂ්පාදනය කරගත හැකි වටිනාකම සාක්ෂාත් කර ගැනීම අරභයා පලදායි ඉල්ලුම ප්‍රමාණවත් නොවන ගැටලුවට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් යුක්තිසහගත බව ගිලිහෙමින් පවතින සහ දුබල සෞඛ්‍යකින් පෙලෙන අධිපති ආර්ථික ආකෘතියක්ල වසංගතයක් බවට පත්විය හැකි දෙයක අනිවාර්ය බලපෑම දරාගෙන නොනැසී පවතින්නේ කෙසේද? මීට පිළිතුර බරපතල ලෙස රඳා පැවතුනේ මෙම කඩාකප්පල් වීම කොතෙක් කාලයක් පවතීවිද සහ එහි ව්‍යාප්තිය මතයි. මන්ද,මාක්ස් පෙන්වා දුන් පරිදිල අවප්‍රමාණය සිදු වන්නේ භාණ්ඩ විකුණා ගත නොහැකි නිසා නොව ඒවා නිසිකලට විකුණා ගන්න නොහැකි නිසාවෙනි.
සොබාදහම, සංස්කෘතියෙන් ආර්ථිකයෙන් සහ එදිනෙදා ජිවිතයෙන් බැහැරව සහ වෙන්ව පවතින්නක්යැයි පවත්නා අදහස මා බොහෝ කාලයක සිට ප්‍රතික්ෂේප කර තිබෙනවා. සොබාදහම පිලිබඳ මා දරන්නේ පරිවෘත්තිය සබඳතාවක් සහ වඩා අපෝහාත්මක මෙන්ම සම්බන්ධීය මතයක්. ප්‍රාග්ධනය ප්‍රතිනිෂ්පාදනයේදී සිය පාරිසරික තත්වයන් මදක් වෙනස් කරගන්නවා. ඒත් එය සිදු කරගන්නේ අනපේක්ෂිත ප්‍රතිවිපාකයන් (දේශගුණික විපර්යාස) සහ පාරිසරික තත්වයන් නිරන්තරයෙන් යලි හැඩ ගැස්වෙන සහ ස්වායත්ත මෙන්ම ස්වාධින පරිණාමීය බලවේගයන් පසුබිමේ පිහිටි සන්ධර්භයක් තුලය. මෙම දෘෂ්ටිකෝණය අනුව සැබවින්ම ස්වභාවික විපතක් යනුවෙන් යමක් නොමැත. සත්‍ය වශයෙන්ම වෛරස් සැමවිටම වෙනස්වීම් වලට බඳුන්වේ. එහෙත් එම වෙනස් වීම් ජිවිත තර්ජන බවට පත්වන තත්වයන් රඳා පවතින්නේ මිනිස් ක්‍රියාකාරකම් මත වේ.
මිට අදාල පැති දෙකක් පවතී. පළමුවෙන්ම ,හිතකර තත්වයන් යටතේ ප්‍රබල වෙනස් වීම් වල සම්භාවිතාව වැඩි. නිදසුන් වශයෙන් උප නිවර්තන තෙත් කලාප වල කඩිනම් සහ අවිධිමත් ආහාර සැපයුම් පද්ධතීන් මිට දායක වනු ඇතැයි අපේක්ෂා කිරීම තරමක් පිළිගත හැකිය . මෙවැනි පද්ධතීන් චීනයේ යැංසි සහ අග්නිදිග ආසියාව ඇතුළු බොහෝ ස්ථානවල පවතිනවා. දෙවනුව සත්කාරක දේහයන් හරහා වේගයෙන් සම්ප්‍රේෂණය වීමට හිතකර තත්ත්වයක් බොහෝ විටෙක විවිධාකාරයෙන් වෙනස් වන මෙන්ම ඉහළ ඝනත්වයක් සහිත මිනිස් ජනගහනය මීට පහසු සංත්කාරක ඉලක්කයක් ලෙස පෙනෙනවා. නිදසුන් වශයෙන් සරම්ප වසංගතය විශාල නාගරික ජනගහන මධ්‍යස්ථානවල පමණක් වැඩි වැඩියෙන් පැතිරෙන අතර ජනගහනය අඩු ප්‍රදේශවල වේගයෙන් නැසී යන බව කවුරුත් දන්නා කරුණකි. මිනිසුන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය ඔබ මොබ ගමන් කිරීම ඔවුන්ගේ හික්මීම හෝ අත් සෝදා ගැනීමට අමතක වීම රෝග සම්ප්‍රේෂණය කෙරෙන ආකාරය කෙරෙහි බලපානවා. මෑත කාලයේ දී කුරුළු සහ සූකර උණ චීනයෙන් සහ අග්නිදිග ආසියාවෙන් පැමිණි බවක් පෙනුනා. පසුගිය වසර තුළදී චීනය සූකර උණ රෝගයෙන් බරපතළ පීඩා වින්දා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඌරන් සමූල ඝාතනය කරන්න වුණා. ඒ වගේම ඌරු මස් මිල ඉහල ගියා. මා ලියන්නේ චීනයට චෝදනා කරන්න නොවෙයි. වෛරස් වෙනස්වීම් සහ විසරණය ඉහළ මට්ටමක පවතින පාරිසරික අවදානම් සහිත වෙනත් ස්ථාන බොහොමයක් තියෙනවා. 1918 ස්පාඤ්ඤ උණ කැන්සාස් නගරයෙන් පැමිණියා විය හැකියි. අප්‍රිකාව HIV/AIDS බීජෞෂණය කළා විය හැකියි. බටහිර නයිල් Ebola වලට මුල් වූවා විය හැකියි ඒ අතර ලතින් ඇමරිකාවේ ඩෙංගු රෝගය පැතිර ගියා ඒත් වෛරසය පැතිරීමේ ආර්ථික ජන විකාශන බලපෑම් රඳාපවතින්නේ අධිපති ආර්ථික ආකෘතියක් තුළ පවතින පූර්ව ඉරිතැලීම් සහ අවදානම්වලට ගෝචරවීමේ තත්ත්වයන් සමගයි
කොවිඩ් 19 මුලින්ම සොයා ගැනුනේ වුහාන් පලාතේ වීම ගැන මා අනිසි ලෙස පුදුමයට පත් වුණේ නැහැ ඒත් ආරම්භය එහිද යන්න දැන ගෙන නැත. සරලව කිව්වොත් දේශීය බලපෑම් විශාල වෙන අතර වූහාන් බරපතළ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වීම හේතුකොටගෙන ඉන් ගෝලීය ආර්ථික බලපෑම් ඇතිවිය හැකියි. ඒත් එහි පරිමාණය ගැන මට අදහසක් නොතිබිණි. ලොකුම ප්‍රශ්නය වුණේ බෝවීම සහ විසිරණය කෙසේ සිදුවිය හැකි ද යන්න සහ කොපමණ කාලයක් එන්නතක් සොයා ගන්නා තෙක් පවතීද යන්නයි. පෙර අත්දැකීම් පෙන්නුම් කර දී ඇත්තේ වැඩිවෙන ගෝලීයකරණයේ එක් අහිතකර පැත්තක් නම් අලුත් රෝග වේගයෙන් ජාත්‍යන්තරව පැතිරීම නවතා ගැනීමට ඇති නොහැකියාවයි. අප ජීවත් වෙන්නේ සෑම දෙනෙකුම පාහේ ගමන් කරන ඉහල සම්බන්ධතාවයක් සහිත ලෝකෙකයි . මෙම කඩාකප්පල් වීම වසරක් හෝ ඊට වැඩි කාලයක් පැවතීම ආර්ථික සහ ජන විකාශනයට අනතුරක් විය හැකිය.
ඩේවිඩ් හාවිගේ ලිපිය පරිවර්තනය – රෙඩ්ලි සිල්වා
හෙට ලිපියේ දෙවන කොටස