නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කල් ගිහින්

Date:

රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කර තිබේ.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මෙම සිද්ධියට මූලික වන්නේ 2012 වසරේදී කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර 4.3ක භූමි භාගයක් Krrish Tranceworks Square ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමකට බදු දීමයි. මෙම ව්‍යාපෘතිය සිදුවන අතරතුර, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යැයි පවසමින් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගත් බවට නාමල් රාජපක්ෂට චෝදනා එල්ල විය.

2015 වසරේදී යහපාලන රජය බලයට පත්වීමත් සමඟ මෙම ගනුදෙනුව පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. එහිදී අනාවරණය වූයේ අදාළ මුදල රග්බි ක්‍රීඩාව වෙනුවට වෙනත් පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් 2016 ජූලි මාසයේදී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔහු ඇප මත නිදහස් විය.

දීර්ඝ කාලයක් තිස්සේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ මෙම කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පසුගිය 2025 වසරේ මුල් භාගයේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. නාමල් රාජපක්ෂ දිගින් දිගටම පවසා සිටින්නේ මෙම නඩුව දේශපාලනික වශයෙන් තමන් දඩයම් කිරීම සඳහා සිදුකරන පියවරක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...