“ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ තීරණාත්මක වසරක් අපි පසුකර ඇවිත් තිබෙනවා. 2022 අවුරුද්දේ අලි ඇතුන් 435ක් මරණයට පත්වෙලා තියනවා. මිනිස් ජීවිත 145ක් අලි මිනිස් ගැටුම නිසා අහිමි වෙලා තියෙන පසුබිමක තමයි අපි මේ නාකොළගනේ රජමහ විහාරය මගින් සිද්ධ කරන මහා පරිමාණ වනාන්තර විනාශය ගැන කතා කරන්නේ .නාකෙළගනේ වන විනාශය මේ අලි මිනිස් ගැටුම් තීව්‍ර කරන්නට ඉවහල් වෙනවා. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 60% අලි ඇතුන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. නමුත් අපි දකින්නේ නැහැ මේ වසරේදී වත් අලි මිනිස් ගැටුම් අවම කරගන්නට අපට හැකියාවක් ලැබෙයි කියලා.
විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී කියනවා මේ අලි මිනිස් ගැටුම නිරාකරණය කර ගැනීම සඳහා අලි කොරිඩෝ දාසයක් නිර්මාණය කරන්න 2023 වසරේ දී කටයුතු කරනවා කියලා. ඒ හරහා 2023 අවුරුද්ද තුළ ලංකාවේ අලි මිනිස් ගැටුම 50% කින් අඩු කරනවා කියලා. මේක බොහොම මිථ්‍යා මතයක්. මහින්ද අමරවීර මේ කතා කියන්නේ ඔහුගේ විශේෂඥ නිලධාරීන් උපුටා දක්වමින්. ඔහු මොන ජාතියේ බබෙක්ද කියන්න අපි දන්නේ නැහැ. අලි කොරිඩෝ නිර්මාණය කිරීමෙන් ලංකාවේ අලි මිනිස් ගැටුම 50% කින් අඩු කරන්න පුළුවන් නම් එය මීට බොහෝ කලකට ඉහත දී සිදුවිය යුත්තක්.
නාකෙළගනේ රජ මහ විහාරය භාරව සිටින වලත්වැව රාහුල හිමි ඇතුළු කණ්ඩායමක් එක්ව සිදුකරන වන විනාශය පිළිබඳව හෙළිදරව් කිරීමට ජනවාරි 10 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඉහත කරුණු හෙළිදරව් කරන්නේ ජෛව විවිධ සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් .”
මහින්ද අමරවීර එදා පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව අදහස් දක්වන විට ඔහු හැසිරුනේ හරියට මේ කටයුත්ත ඔහු අලි මිනිස් ගැටුම නිරාකරණය කරන්න මහා වෙහෙසක් දරලා හොයාගත් ආකාරයෙන්. නමුත් ඉහත මාධ්‍ය හමුවේ දී සුපුන් ළහිරු ප්‍රකාශ් හෙළිදරව් කරන්නේ මේ අලි කොරිඩෝ නිර්මාණය කිරීමේ සැලැස්ම මීට බොහෝ කලකට ඉහත අලි මිනිස් ගැටුම අවම කරන්නට නිර්මාණය කරපු යල්පැනගිය සැලසුමක් බවයි. 1950 දී පමණ ඈතකදී තමයි මේ සැලැස්ම නිර්මාණය වෙන්නේ කෘතිමව නිර්මාණය කරන අලි කොරිඩෝ හරහා අලි ඇතුන් තෝරාගත් ප්‍රදේශ වලට ගාල් කිරීම තමයි මෙයින් සිද්ධ කිරීමට සැලසුම් කර තියෙන්නෙ. නමුත් විෂය භාර අමාත්‍යවරයා සහ ඔහු උපදෙස් ලබාගන්න තක්කඩින් නොදන්නවා සේ මගහැර යන කාරණය තමයි මේ සතුන්ව තමන් හිතන හිතන තැන්වලට බලහත්කාරයෙන් අරගෙන ගිහින් ගාල් කරන්නට බැරි බව.
අලි මිනිස් ගැටුම නිර්මාණය වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ මේ සතුන් ජීවත් වෙන වාසස්ථාන අහිමි වීම. තමන්ට නිදහසේ ජීවත් වෙන්නට තිබෙන වනාන්තර කපා හෙළිපෙහෙළි කල පසුව ඒ සතුන් මිනිස් වාසය කරා ඇදී එන්නේ තමන්ට අවශ්‍ය කරන ආහාර , ජලය ඇතුළු අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම සඳහායි. මේ ඇත්ත කාරණය වටහා ගෙන ඊට පිළියම් යොදනවා විනා බොරු විගඩම් නාඩගම් හරහා මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නට උත්සාහ කලාට සර්ථක ප්‍රතිඵල අත් වෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ.
අලි මිනිස් ගැටුම අවම කරන්නට තියෙන එකම විසඳුම තමයි වනාන්තර සංරක්ෂණය සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම. සතුන් ජීවත් වන ප්‍රදේශ හඳුනාගෙන ඔවුන්ගේ වාසයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීම. ප්‍රශ්න සාධාරණ ලෙස විසඳ ගන්න පුළුවන්ද බැරිද කියන එකට අපට උත්තරයක් හොයා ගන්න පුළුවන් නැවතත්
අපි නැවතත් නාකොළගනේ රජමහ විහාරය ආශ්‍රිතව සිද්ධ කරන මහා වන විනාශය පිළිබඳව අදහස් දැක්වූ සුපුන් ළහිරු ප්‍රකාශ් ගේ අදහස් පැත්තට නැවත අවධානය යොමු කළොත්
“ලංකාවේ අලි ඇතුන්ව රක්ෂිත වලට ගාල් කරල මේ ප්‍රශ්නය විසඳන්න බැරි ප්‍රධාන හේතුව තමයි ලංකාවේ අලි ඇතුන්ගෙන් සීයට හැටකට වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරව. මේ ප්‍රශ්නයට විසඳුමක් සපයනවා නම් හැදිලිවම විසඳුම් සැපිය යුත්තේ මේ සතුන් ජීවත්වෙන ප්‍රදේශයන් තුළ ම ඔවුන්ට ආරක්ෂාව ඇතිව ජීවත්වීමට අවශ්‍ය කරන පරිසර පද්ධතිය නිර්මාණය කිරීමෙන් පමණයි. අපි මේ අද කතා කරන නාකොළගනේ වනාන්තර ප්‍රදේශයක් අයිති වෙන්නේ රක්ෂිත වලින් බැහැරව තිබෙන අලි ඇතුන් ජීවත්වෙන වනාන්තර ප්‍රදේශයක් ලෙසයි. මේ විශාල ඉඩම් කොල්ලයක් සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වගාවන් සඳහා මිල මුදල් තියෙන බලවත් උදවිය. ඔවුන් ඔවුන්ගේ ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා හානිකර අලි වැටවල් නිර්මාණය කිරීමෙන් හ විවිධ උපක්‍රම යෙදීමෙන් කටයුතු කරනවා. එවල ප්‍රතිඵලයක් ලෙසත් මේ අලි ඇතුන් ගම්මානවලට වගාබිම් වලට ඇදී ඒම සිදුවෙනවා. මේ අහිංසක ගොවිජනතාවට මේ අලි ඇතුන් ගේ බලපෑමෙන් මිදෙන්න හැකියාවක් නැහැ..”
එපමණක්ද නොව මෙම මාධ්‍ය හමුවේ දී සුපුන් ළහිරු ප්‍රකාශ් කළ හෙළිදරව්වට අනුව අපට වැටහෙන්නේ පන්සල් භාරයේ තිබෙන බොහෝ වනාන්තර ඉඩම් මූල්‍ය අරමුණු මුල්කොටගත් ව්‍යාපෘති සඳහා රැල්ලක් ලෙස විනාශ කරන්නට පෙළඹී ඇති බවයි. මෙලෙස පන්සල් බාර හාමුදුරුවරුන්ට තමන්ගේ භාරයේ ඇති වනාන්තර ඉඩම් තමන්ගේ පෞද්ගලික දේපලක් ලෙස පාවිච්චි කරන්නට හැකියාව ලැබී තිබෙන්නේ රටේ පවතින නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම බව නාකොළගනේ ජමහ විහාරය මුල් කරගෙන ඇති වී තිබෙන ගැටළුවේ ස්වභාවයෙන් තේරුම් ගන්න පුළුවන්. දේශපාලන බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් නීතිය ක්‍රියාත්මක කරන්නට ඉන්න පොලීසිය ඇතුළු නිලධාරීන්ගේ පෞද්ගලික පහත් රියාවන් නිසා මේ තත්ත්වය උග්‍ර වෙමින් පවතී.
ජෛව විවිධ සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ්