පාර්ලිමේන්තුව ජනතාව සඳහා නොවේ – අද පැවති සැසිවාරයේදීත් තහවුරුයි

අද (17) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනතාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න කතා කිරීම වෙනුවට නිවාස ගිනිගත් මැති ඇමතිවරුන්ගේ ව්‍යාජ අදෝනා සඳහා වැඩි කාලයක් වෙන්කර තිබෙනු දැකිය හැකිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී W.D.වීරසිංහ කල්තැබීමේ යෝජනාව ගෙන එමින් විනාඩි 14 ක කතාවක් පවත්වමින් තම ගිනිගත් නිවස ගැන දීර්ඝ විස්තරයක් කරනු ලැබීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී තිබේ.

එහිදී තම නිවසේ වර්ග අඩි ප්‍රමාණයත්, එය සාදාගැනීමට බැංකු ණය ලබාගත් ආකාරයත්, නිවස සෑදීමට පටන්ගත් වර්ෂයත්, එය ක්‍රම ක්‍රමයෙන් සාදාගන්නා ලද ආකාරයත් වැනි කරුණු රැසක් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පවසා සිටියා.

පසුව කනක හේරත් මහතාද ගිනිගත් මන්ත්‍රී නිවාස පිළිබදව සංවේදී කතාවක් කළ අතර ජනතාව මෙලෙස කුපිත වූයේ කුමන හේතුවක් නිසාදැයි නොකියා සිටීමට වගබලාගත්තා.

උදෑසන පාර්ලිමේන්තුව කාලය නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කිරීමට නැවතවරක් ඡන්දයක් පැවැත්වීමට ගතකළ අතර ඉතිරි කාලය දුක් අදෝනා තැබීමට වෙන්කරමින් අද දිනයේද පාර්ලිමේන්තුව කිසිදු ජනතා ගැටළුවක් සාකච්ඡා නොකරන තත්ත්වයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලැබූවා.

වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තර්ජනයක් වන හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ දේපොළ සහ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පොලිස්පතිට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව කී කතානායකවරයා මන්ත්‍රී වරුන්ගේ මෙන්ම ඔවුන් පදිංචි පදිංචි ස්ථාන වල ආක්ෂාව වැඩි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද කතානායකවරයා කීය.

එසේම ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ ද ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ලබාදී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...