කොරෝනා වෛරස ආසාදනයෙන් ලොව පුරා වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් 200 පමණ මිය ගිහින්

කොරෝනා වෛරසය මර්ධන ක්‍රියා වලියේ ප්‍රමුක බලකාය බවට පත්වන්නේ ලොව පුරා ක්‍රියාන් විතයේ සිටින වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් ය. මේ ප්‍රමුක ක්‍රියාන්විතයේ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් 200 වඩා COVID-19 ආසාදනයෙන් මිය ගිහින් තියනවා .

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව චීනයේ වුහාන් හි පළමු වරට වාර්තා වූ මෙම වෛරසය අවම වශයෙන් රටවල් 184 ක් පුරා මිලියන 2 කට අධික ජනතාවක් දක්වා ව්‍යාප්ත වී තිබේනවා .

නිව්ස්වීක් වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී හොවාර්ඩ් කැටන් මහතා පවසා සිටියේ “හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් කොපමණ සංඛ්‍යාවක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව අපි සති කිහිපයක් තිස්සේ සැලකිලිමත් වෙමු. ලොව පුරා හෙදියන් වැඩ කරමින් සිටිති විවේකයක් නොමැතිව සහ දින නිවාඩු නොමැතිව දීර් පැය ගණනක් දැඩි පීඩනය යටතේ සිටින අතර, එය විනාශයට පත්වෙමින් තිබේ. ආසාදන අනුපාතය පෞද්ගලික ආරක්ෂක උපකරණ නොමැතිකම හා සම්බන්ධ බවට අපට කිසිදු සැකයක් නැත. ගෝලීය හිඟයක් පවතින බව අපි දනිමු. නමුත් හෙදියන් පෙරමුණ ගෙන සිටිති, ඔවුන් වීරයන් වන අතර ඒවා දිගටම කරගෙන යාමට නම් ඔවුන් ආරක්ෂා කළ යුතුය යන්නයි ”.

” COVID-19 ආසාදනයෙන් මියගිය වෛද්‍යවරුන් සහ හෙදියන් අප්‍රේල් 9 වනදා සංඛ්‍යානවලට අනුව 200 ප්‍රමාණයක් මිය ගිහින් තියනවා .

ඉතාලිය – 120 ක්
ඉන්දුනීසියාව – 24 ක්
එක්සත් රාජධානිය – 19 ක්
චීනය – 13 ක්
ඉරානය – 12 ක්
ස්පාඤ්ඤය – 11 ක්
ප්‍රංශය – 5 ක්
එක්සත් ජනපදය – 2 ක්
ග්‍රීසිය – 1 යි
පෝලන්තය – 1 යි
පාකිස්තානය – 1 යි
ඊජිප්තුව – 1 ක්


සබැදි පුවත්

ඉතාලියේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය සේවයේ නියුතු 4 824 කට කොරෝනා ,19 මියයයි .

ඉතාලියේ වෛද්‍ය සේවයේ සමස්ත ආසාදිතයන් ගණන12 681යි 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...