ඒ සොඳුරු මොහොත

වේලාව හවස පහයි දහය යි
ඒ මුහුදු මාවතේ
මා දකින්නට කැමති ම වේලාව යි
මාවත අයිනේ එක පෙලට
උස් උස් සෙවණැලි රූ ඇඳෙන වේලාවයි

ගැහැණුන් හා මිනිසුන්
බස් වේලා කෝච්චි වේලා
ගැන කතාවෙන මොහොතයි
කතා සියොතුන් තටු ලබන වේලාවයි

ඉක්මන් ගමන් ඇරඹෙන මොහොතයි
මාවත අයිනේ කරත්තේ කඩල ඇට
පොඩි එවුන්ගේ මුහුණු දකින්නට
සන්තෝසෙන් හිනාවෙයි

දහඩිය මලු අතැඟිල්ලෙන් ගෙන
ගෙට වදින දන පපුවල සීනු නාද කොට
සිනා මල් පිරි මල් කලඹින්
කිචි බිචි කතා නාදෙන්
සංග්‍රහ ලබන වේලාවයි

උනුන් උන්ගේ සැබෑ ලෝකයට
පිවිසෙනා මොහොතයි
නළල් ඩා බිඳක් ඇඟිලි තුඩින් ගෙන
අහසට ඉසින වේලාවයි

මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...