Breaking News

හඳුනාගන්න නාකෙළගනේ ඉඩම් කොල්ලයේ කොටස් කරුවන් කීප දෙනකු

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි යන සිවුරු ඇඟලාගත් මේ පුද්ගලයන් දෙදෙනා ප්‍රභූ, දේශපාලන රැකවරණ ඇතිව දැවැන්ත ඉඩම් කොල්ලයක නිරත වෙමින් සිටිනවා. දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් ඉඩම් අක්කර 5400 වැඩි ප්‍රමාණයක් මොවුන් විසින් විවිධ ව්‍යාපාරික පුද්ගලයන්ට සහ සමාගම් වලට බදු දීමේ ජාවාරම පිළිබඳව මීට ඉහත දීත් හෙළිදරව් කලත් ඒ පිළිබඳව පියවර ගතයුතු බලයලත් ආයතන හෝ නිලධාරීන් වගේ වගක් නැතිව තවමත් සිටීම මෙය පිටුපස ඇති දේශපාලන බලපෑමේ ප්‍රමාණය හඳුනා ගැනීමට ඇති හොඳම සාධකයයි.

ජනවාරි 10 වෙනි දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සජීව චාමිකර , සුපුන් ළහිරු ප්‍රකාශ් ඇතුළු පිරිස නැවත වතාවක් මේ විනාශය පිළිබඳව ජනතාවට මතක් කර දීමක් සිද්ධ කරනු ලැබුවා. සීයට දාසයකට දිය වී ගොස් තිබෙන අපගේ වනාන්තර පද්ධතිය එතනිනුත් පහලට දියවී යන්නේ නම් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ හෙට දවස පිළිබඳව මීට වඩා වෙනස් ආකාරයකින් සිතා බලන්නට සිද්ධ වෙනවා.

තවදුරටත් පරාටේ බලය දරමින් සිටින්නේ ඔක්සිජන් කන්නදැයි ඇසූ නින්දිතයන් ගෙන් සමන්විත පිරිසකි. ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මේ රට මේ ආකාරයෙන් විනාශ කරපු පතරයන් සන්ධානගත වී බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන වලට බලය ලබා දීමට සූදානම්ව සිටින ජනතාවට අපි මතක් කර දෙන්නේ කරුණාකර ඔබගේ ඡන්දය ලබාදීමට ප්‍රථම මොවුන් මේ රටට කර ඇති විනාශය පිළිබඳව උකුනු මොළයක් තරමට හෝ සිතා බලන්නට කියයි.

නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස හඟවමින් කොල්ල කන සමස්ථ වනාන්තර පද්ධතිය ම මුළු රටටම අයත් සම්පතකි. මෙය විනාශ කිරීමට වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි යන සිවුරු ඇඟලාගත් මේ පුද්ගලයන් දෙදෙනාට සහාය දෙමින් සිටින්නේ කවුරුන්ද යන්න ඔබ තහවුරු කරගත යුතුයි.

මොවුන් මේ ඉඩම් කොල්ලේ ප්‍රධාන සැකකරුවන් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු
ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු
විමල් වීරවංශ ගේ ලේකම්වරයකු
අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී ,ප්‍රාදේශීය

මෙය ඉඩම් කොල්ලයේ මහමොළකරු වන වලත්වැව රාහුල නැමැත්තාට ව්‍යාජ සන්නසක් සකසා දීමට කටයුතු කර වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසිනි. අද පැවැති මාධ්‍ය හමුවේ දී සජීව චාමිකර ප්‍රකාශ කර සිටි අදහස් වලින් ගම්‍ය වෙන්නේ මේ මහා ඉඩම් කොල්ලය වලක්වාලීම සඳහා අවශ්‍ය නීති රීති ඕනාවට වඩා තිබෙන අතරම ඒවා කිසිවකට යටත් නොවී මේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීම තා හාස්‍යජනක සිදුවීමක් බවයි.

මෙම ඉඩම් කෙල්ලෙ වගඋත්තරකරුවෙකු වෙලා ඉන්නවා සුප්‍රකට පාදෙණිය දොස්තරවරයා. මේ පදෙනිය මොනතරම් සුප්‍රකට ද කියනවා නම් නාකෙළගනේ රජ මහ විහාර ඉඩම් කොල්ලයට ඔහු සම්බන්ධ බව හෙළිදරව් වූවායින් පසුව ඔහුගේ ගස්ලබු වගාව ඉවත් කරගෙන ඒ හෙළිදරව් කළ පුද්ගලයන්ට කීර්තිනාමය පළුදු වූ වා යැයි කියමින් නඩු පවරා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ සමඟ කාබනික පොහොර ‍ නාඩගම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ පුද්ගලයන් අතර මොහු ප්‍රධාන පෙළ පුද්ගලයෙකි. ඒ අමන ක්‍රියාවලිය හරහා රටේ කෘෂි කර්මාන්තයට මෙන්ම ආර්ථිකයට සිදු වෙච්ච හානියට වගකිවයුතු ප්‍රරමුඛ පෙළයන් අතර මොහු සිටින බව අප අමතක කළ යුතු නැහැ. රාජපක්ෂලා සමග මේ රට අනාථාගාරයක් බවට පත් කරන්නට සැලසුම් සකස් කළ පුද්ගලයන් අතර ද පාදෙනිය ප්‍රමුඛයෙකි.

මේ නීති විරෝධී ඉඩම් කොල්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව කථා කරද්දී තවත් පුදුමයට පත්වන කරුණක් පිළිබඳව සජීව චාමිකර හෙළිදරව් කරනවා. ඒ තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් පවා මේ පුද්ගලයන් විසින් විවිධ පුද්ගලයන්ට සහ සමාගම් වලට බදු කොන්ත්‍රාත් මත පවරා දී තිබෙන බව. මේ වංචනික ලෙස නින්දගම් ඉඩම් ලෙස හුවා දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වලත්වැව රාහුල නැමැත්තා පවරාගෙන පෞද්ගලික පරිහරණයට ගනිද්දී ඊට එරෙහිව ීතිය ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ට නොහැකි වෙන්නේ කුමන පදනමකින්ද කියන ප්‍රශ්නය අපට අහන්න සිද්ධ වෙනවා.

මේවා නින්දගම් ඉඩම් නම් ඒවාට අදාළ පැවරුම් සහතික නොමැත්තේ ද? ඒවා ව්‍යාජ ඒවා නම් ඒවා හඳුනා ගැනීමට මොවුන්ට නොහැකිද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සිතියම් ගත කර නැද්ද? එවැනි බොහොමයක් ප්‍රශ්න අපට නගන්න පුළුවන්. නමුත් මේවට පිළිතුරු දීමට හැකි වෙන්නෙත් ඒ ආයතන වල වැඩ කරන නිලධාරීන්ට වන හෙයින් ඒ ලබාදෙන පිළිතුරු නැවත නිවැරදි ද කියලා විශ්වාසයෙන් යුතුව බලන්නත් අපිට සිද්ධ වෙනවා, මේ රට තුළ නීතිය පිළිබඳ කිසිදු විශ්වාසයක් රටවැසියාට තහවුරු කර නොමැති හෙයින්.

ඉහත ගැටලු සියල්ල තිබෙන හෙයින් සජීව චාමිකර ප්‍රකාශ කරන කරුණුවලට අනුව අපට පැහැදිලි වෙන්නේ ඔවුන් මේ පිළිබඳව කළ පරීක්ෂාව වලට අනුව මේවා කිසිදු හෙයකින් නින්දගම් ඉඩම් බවට පත් වී නොතිබුණු බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ රජයට අයිති ඉඩම් වංචනික ලෙස මේ චීවරධාරියා පවරාගෙන ඇති බවයි. මේ අනුව බලන විට මේ ඉඩම් කොල්ලය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් නොවන බව ඉතා පැහැදිලිය ඉහත අපි සඳහන් කර තිබෙන දේශපාලකයින්ගේ සහ නිළධාරීන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව මේ වංචනික චීවරධාරියාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වී තිබෙනවා.

මේ මහපොළොව අපි කාටත් අයිතියි . අපිට හුස්ම ටික දෙන්නේ මේ මහ පොළොව මත හිටගෙන ඉන්න ගස්. මේ ගහ කොළ කපා කොටා බිම හෙලා එකෙක් දෙන්නෙක් ගේ බඩගෝස්තරය තරකර ගැනීම සඳහා විනාශ කර දමන තුරු බලා සිටින්නට ඔබට අයිතියක් නැත. ඔබ ඔය නිහඬව බලා සිටින්නේ ඔබගේ පණ කෙන්ද ටිකෙන් ටික උදුර ගන්නා ඔබගේම ගහලා දෙසය. අප ඔබට කියන්නේ ඔබ ඔබ වෙනුවෙන් පෙනී සිටින්න අවැසිය . මේ නරුම ක්‍රියාවලියට එරෙහිව අත්වැල් බැඳ ගත යුතුය. ආපස්සට හැරවීමට සටන් කළ යුතුය.

අද පැවති මාධ්‍ය හමුව

නාකෙළගනේ රජ මහ විහාරයට අයත් යැයි පවසන වනාන්තර ඉඩම් විනාශ කර තිබෙන අයුරු

leave a reply