සරත් සමය ඉතාලියානු කවියන්ගේ නිර්මාණ තුළින්

Date:

දෙසැම්බර් 21 සරත් සෘතුව නිමාවී සිසිර සෘතුව පටන් ගන්නවා .සමකයට ළඟින් සිටින අපට වඩා සමකයට දුරින් තිබෙන රටවල් වලට මේ සෘතු වෙනස් වීම ඉතා තදින් දැනේනවා .

සිසිර සෘතුවේ වසන්ත සමයේ සේ ගහවැලේ මල් නොපිපුණත් ඒ ගස්වැල් ම පත් නෙක පාට කරමින් සරත් සමයේ නෙත මන බන්දනවා. මේ වර්ණවත් සමය අවසන් වන ඉමේ සිට ඉතාලියානු කවියන් කිහිප දෙනෙකු සරත් සමය තම කවියට හසුකරගත් නිර්මාණ කිහිපයක් ඔබගේ ද රස වින්දනය සඳහා පරිවර්තනය කරන්න හිතුවා . – පරිවර්තනය හිල්මි සුපුන් | තරුෂ පෙරේරා –

සරත් සෘතුව
සුළඟ සීතල දෑතින්
තුරුපත් ගලවා දමයි.
විසුරුවලන පතින් පත
ගේ කුරුල්ලන් මෙන් ඉගිළ යයි.

ජුසේප්පේ කොල්ලි

සරත් සෘතුව
නිල්වන් අහස සිනාසෙයි
එසේ වුවත් සිසිරය අසල බව දැනේයි
වනාන්තරය කහ පත්‍ර සමඟ විහිළු කරයි
එසේ වුවත් සිසිරය පිටුපසින් එබිකම් කරයි

– මරිනෝ මොරෙත්ති –

සරත් සෘතුව
මේ කොල හැලෙන මොහොතේ
ගිම්හානය තවදුරටත් නැහැ,
වැහිලිහිණි නික්ම ගිහින්
බොහෝ දුර ගෙවා පහලට.

– එස් .කිආරි –

සරත් සෘතුව
කවද්ද පෘථිවිය
නිදියන්න සුදානම් වන්නේ ,
සැහැල්ලු පත්
පොරෝනාව යට,
විහඟ ගී ගායනා
නවතා දමන කළ.
කවදද මිනිසුන්
කුඩ මල් පුබුදන්නේ ,
කවදද ඇසෙන්නෙ
කෙනෙකුගේ කැස්සක් ,
කවදද දරුවෙකු
ශිෂ්‍යයෙකු වන්නේ,
“අන්න” සරත් ඍතුව!

– රෝබෙර්තෝ පියුමිණී –

මිහිඳු මෙන් පසු
මිහිදුමෙන් පසු
ගොඩාක් මිහිඳුමෙන් පසු
එක
එක
දිස්වෙයි
තරු
නැවුම්
හුස්මක් ගමි
කවුරුන් හෝ
මට තබා ගිය
අහසේ
වර්ණවත් පාට

– ජුසේප්පේ උන්ගරෙත්ති –

මිහිඳුම
මිහිඳුම පැමිණෙයි
බළල් පියවරින්
ගම්බිම් නගර
ගුලි වී බලා සිටී
නිහඬවම

නික්ම යන තුරු

ගස උඩින්
කොලයක් වැටුණි
ගස් නිරුවත් වන විට
ගිම්හානය නික්ම ගොසිණි

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...