කොපමණ හේදුවත් පිරිසිදු කරන්න බැරි ගල් අඟුරු පාඩුව

වර්තමාන ආණ්ඩුව විසින් ලක් විජය බලාගාරයට ඇනැයුම් කර ගෙන්වූ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට චෝදනා එල්ල වුවද ඒවා පිළිගන්නට ආණ්ඩුව සූදානම් වුණේ නැහැ .. විෂය භාර ඇමතිවරයාගේ සිට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දක්වාමත් , සෙසු අවශේෂ ආණ්ඩු හිතවාදීන් ද ගල් අඟුරු ගෙන් වීමේදී සිදුවූ පාඩුව පිළිබඳව හෙළිදරව් කළ අයට විවේචන එල්ල කරමින් එය වසන් කරන්නට උත්සාහ දැරුවා .

කෙසේ වෙතත් සිදුවී ඇති පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී තිබුණා. නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව ඉහත ලිපියෙන් ඔවුන් පෙන්වා දෙනවා . එම වාර්තාවට අනුව ගෙන්වූ ගල් අඟුරු වලින් සිදුවූ පාඩුව තවදුරටත් වසන් කිරීමට නොහැකි බව ජාතික ජන බලවේගය වෙනුවෙන් ලියන කියන උදවියට පිළිගන්නට සිදුවී තිබේ .

දැන් ඉතිරිව ඇත්තේ වරදක් සිදුවූ බව පිලිගෙන, වරද කළ කෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යෙදවීමයි . එසේ සිදු වුවොත් ජනතාව මේ ආණ්ඩුව යහපත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණ ඇති ආණ්ඩුවක් බවට ඉඟියක් ලැබෙනු ඇත .

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...