කොපමණ හේදුවත් පිරිසිදු කරන්න බැරි ගල් අඟුරු පාඩුව

වර්තමාන ආණ්ඩුව විසින් ලක් විජය බලාගාරයට ඇනැයුම් කර ගෙන්වූ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට චෝදනා එල්ල වුවද ඒවා පිළිගන්නට ආණ්ඩුව සූදානම් වුණේ නැහැ .. විෂය භාර ඇමතිවරයාගේ සිට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දක්වාමත් , සෙසු අවශේෂ ආණ්ඩු හිතවාදීන් ද ගල් අඟුරු ගෙන් වීමේදී සිදුවූ පාඩුව පිළිබඳව හෙළිදරව් කළ අයට විවේචන එල්ල කරමින් එය වසන් කරන්නට උත්සාහ දැරුවා .

කෙසේ වෙතත් සිදුවී ඇති පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී තිබුණා. නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව ඉහත ලිපියෙන් ඔවුන් පෙන්වා දෙනවා . එම වාර්තාවට අනුව ගෙන්වූ ගල් අඟුරු වලින් සිදුවූ පාඩුව තවදුරටත් වසන් කිරීමට නොහැකි බව ජාතික ජන බලවේගය වෙනුවෙන් ලියන කියන උදවියට පිළිගන්නට සිදුවී තිබේ .

දැන් ඉතිරිව ඇත්තේ වරදක් සිදුවූ බව පිලිගෙන, වරද කළ කෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යෙදවීමයි . එසේ සිදු වුවොත් ජනතාව මේ ආණ්ඩුව යහපත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණ ඇති ආණ්ඩුවක් බවට ඉඟියක් ලැබෙනු ඇත .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...