පාස්කු ප්‍රහාරයට සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට

යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබු අතර ඊට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දිගින් දිගටම කරුණු වාර්තා කරමින් තිබුණි.

එම නව විමර්ශනයට අදාළව ප්‍රකාශ දෙසීයකට අධික ප්‍රමාණයක් සටහන් කරගෙන තිබුණා.

ඒ අනුව එයින් ලැබුණු තොරතුරු මත මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රකාශයක් සටහන් කරගැනිමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

කෙසේ වෙතත් ඔහුව ත්‍රස්තවාදය වළක්වා ගැනීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බවද අදහස් මතුවෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...