Breaking News

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීම.

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානය විසින් කථානායක වරයා වෙත යොමුකළ ලිපිය
Posta in arrivo

Paffrel Organization
Allegati
11:09 (6 ore fa)
a abeywardena_m, Ccn: me

2023.03.01

මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
ගරු කථානායක,
ශී්‍ර ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

ගරු කථානායකතුමනි,

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීම.
පාර්ලිමේන්තුව සතු ප්‍රමුඛ කාර්යයන් අතර මූල්‍ය පාලනයට අදාල තීන්දු තීරණ ගැනීම සුවිශේෂී වැදගත් කමක් උසුලයි. ඒ බව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් ඉතා පැහැදිලිව දක්වා ඇත.

කෙසේ නමුත් මේ දිනවල සංවාදයට තුඩුදී ඇති 2023 අයවැය මගින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන අදාල ආයතන වෙත නිකුත් නොකිරීමේ ගැටළුව නිරාකරණය කළහැකි වඩාත් සුදුසුම හා බලය සහිත මැදිහත් විය හැකි පුද්ගලයා ඔබතුමා යැයි අප විශ්වාස කරමු. රටේ පරමාධිපත්‍ය බලය සම්බන්ධ කාරණා වලදී මුදල් අමාත්‍ය වරයා ලෙස තනි පුද්ගලයෙකු විසින් මූල්‍ය පාලනයට අදාල පාර්ලිමේන්තු බලතල අභිබවා කටයුතු කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය අභියෝගයට ලක් කරන්නක් මෙන්ම පාර්ලිමේන්තුව සතු උත්තරීතර භාවයද හෑල්ළුවට ලක් කරන්නකි. එම නිසා පාර්ලිමේන්තු වර ප්‍රසාද මෙන්ම සමස්ථ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ අභිමානය රැක ගැනීම සඳහා පෙනී සිටිය යුතු ප්‍රමුඛම පුද්ගලයා ලෙස මෙම තීරණාත්මක මොහොතේ ඔබතුමා වෙත පැවරෙනුයේ සුවිශේෂී වගකීමකි. එය ආසියාවේ හොඳම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නඩත්තු කරන රටක් ලෙස අප රටට ඇති කීර්ති නාමයද පරීක්ෂාවට ලක් කරන්නකි.

උක්ත කරුණු පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලනයට අදාල වගකීම පිළිබඳව ද අවධානය යොමු කරමින් ව්‍යවස්ථාපිත කර්තව්‍යයක් වන පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් අයවැය මගින් වෙන්කර ඇති මුල්‍ය ප්‍රතිපාදන අදාල ආයතන වෙත නිදහස් කිරීමට අවැසි පියවර ගැනීමට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලමි. එකී පියවර හරහා පාර්ලිමේන්තුවේ ගෞරවය හා කීර්ති නාමය ආරක්ෂා කර දීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍ය බලය මැතිවරණය හරහා අභ්‍යාස කිරීමට පුරවැසියාට අවකාශය සලසා දීම මගින් පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමට හැකියාව ලැඛෙනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply