ලාංකීය දෙමළ කිවිඳියන්ගේ කවි දුර දසුනක හිරු ගිනිගෙන – පරිවර්තනය අනුශා සීවලිංගම්

ලේඛිකා අනුශා සීවලිංගම් සිංහල සමාජයත් දෙමළ සමාජයත් යා කරන්නට නිරතුරු පරිවර්තන පාලම නිර්මාණය කරන්නීය . ඇය විසින් සිංහලට පරිවර්තනය කොට පිරිනමන මේ කෘතිය සිංහල පාඨක සමාජයට දෙමළ කාව්‍ය සාහිත්‍යය විඳ ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

2025 අදින් ඉවරවෙන අතීතයට එක්වේවි. එහෙත් සමාජ දේශපාලන මැදිහත් වීම් කියන්නෙ එහෙම කාලයකට ලඝු කළ නොහැකි දෙයක්.

මේ කවි ලියැවුණේ අතීත වසරක. පොත පළ වෙන්නේ තවත් වසරක. ඔබ කියවන්නේ තවත් වසරක. කැලැන්ඩර්වලට උඩින් ඉතිහාසය පියාසර කරනවා. මේ කවි ඊට සාක්ෂි සපයාවි.

ලාංකේය දෙමළ කවියේ මැදිහත් වීම අතිශය දේශපාලනිකයි. ලාංකේය කිවිඳිය එම හැඩයේ තීරණාත්මක මැදිහත් වීමයි. මේ කවි තුළින් ඔබට ඇයව පෙනෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...