අවශේෂ කැලෑ අනතුරේ හෙළන 05/2001 චක්‍රලේඛය අභියාචනාධිකරණය අත්හිටුවයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබූ සංරක්ෂිත නොවන අවශේෂ කැලෑ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ක්‍රියා නොකරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (22) නියෝගයක් නිකුත් කර තිබේ.

2020.11.04 දින නිකුත් කෙරුණු චක්‍රලේඛය මගින් සංරක්ෂිත නොවන අවශේෂ කැලෑවල පාලනය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු යටතට පැවරීමට පියවර ගැනුණි.

අදාළ චක්‍රලේඛය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය රිට් පෙත්සමක් යොමුකරමින් දන්වා ඇත්තේ අවශේෂ කැලෑවල පාලනය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු යටතට පැවරීම හේතුවෙන් පාරිසරික සංකූලතාවක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බවයි.

ඒ අනුව රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබිණි.

එම නියෝගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් බලපැවැත්වෙන අතර එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ඉඩම් කොමසාරිස් ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පාර්ශවකරුවන් පස් දෙනෙකුට අධිකරණය විසින් නොතීසිද නිකුත් කර ඇත.

අත්‍යවශ්‍ය අනෙකුත් වනාන්තර යනු අනෙක් වනාන්තර සේම ජෛව විවිධත්වය සැලකීමේදි වැදගත් පරිසර පද්ධතියකි. අවාසනාවකට 05/2001 චක්‍රලේඛය නිසා මේ වනාන්තර රක්ෂිත හෝ ආරක්ෂිත තත්වයට පත් කල අනෙක් වනාන්තර වලට ඇති ආරක්ෂාව නොලැබී යාමේ ඉඩක් තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...