විදුලි බල මණ්ඩලය කෑලි කිරීමේ බරත් ගල්අඟුරු පාඩුවත් ජනතා කර මතට

පළමු කාර්තුවේදී කරගත නොහැකි වූ විදුලි ගාස්තු සංශෝධනය කෙසේ හෝ දෙවැනි කාර්තුවේදී සිදුකර ගැනීමේ අදහසින් අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා වන දෙවන කාර්තුව සඳහා ගෘහස්ථ, කර්මාන්ත, හෝටල්, ආගමික සිද්ධස්ථාන ආදී සෑම ක්‍ෂේත්‍රයකටම අදාළ වන පරිදි 13.56% විදුලි ගාස්තු සංශෝධනයක් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇත. විදුලි බල මණ්ඩලය කියන විදිහට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යන පිරිසට ගෙවීමට සහ අනෙකුත් සේවකයන්ගේ පාරිතෝෂිත දීමනා වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 150ක මුදල් ගෙවිය යුත්තේත් විදුලි පාරිභෝගිකයන්ය. ගියවර මෙන්ම මෙවරද විදුලි ගාස්තු සංශෝධන යෝජනාට එම බරත් පටවා තිබේ.

විදුලි බල මණ්ඩලයේ උවමනාව වී තිබෙන්නේ සෑම කාණ්ඩයකටම අයත් විදුලි බිල්පතකම විදුලි ඒකකයකට අයකරන ගාස්තුව පමණක් නොව ස්ථාවර ගාස්තුවද වැඩි කිරීමයි . ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තු සංශෝධනය වන්නේ ඒකක 0-30 විදුලිය භාවිත කළ අය සඳහා අයකළ රුපියල් 4.50 ක් වූ ගාස්තුව රුපියල් 5.11 දක්වා වැඩිවන අතර රුපියල් 80ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90.85 දක්වාත් ඒකක 31-60 දක්වා ඒකකයක් සඳහා අයකළ රුපියල් 8.00 ක් වූ ගාස්තුව රුපියල් 9.08 දක්වා වැඩිවන අතර රුපියල් 210ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 238.48 දක්වාත් ඒකක 61-90 දක්වා ඒකකයක් සඳහා අයකළ රුපියල් 18.50 ක් වූ ගාස්තුව රුපියල් 21.01 දක්වා වැඩිවන අතර රුපියල් 400ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 454.24 දක්වාත් ඒකක 91-120 දක්වා ඒකකයක් සඳහා අයකළ රුපියල් 24.00 ක් වූ ගාස්තුව රුපියල් 27.25 දක්වාත් වැඩිවන අතර රුපියල් 1000ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 1135.60 දක්වාත් ඒකක 121-180 දක්වා ඒකකයක් සඳහා අයකළ රුපියල් 41.00 ක් වූ ගාස්තුව රුපියල් 46.56 දක්වාත් වැඩිවන අතර රුපියල් 1500ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 1703.40 දක්වාත් ඒකක 180ට වැඩි ඒකකයක් සඳහා අයකළ රුපියල් 61.00 ක් වූ ගාස්තුව රුපියල් 69.27 දක්වාත් වැඩිවන අතර රුපියල් 2100ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 2384.76 දක්වාත් ඉහළ නැංවීමට යෝජිතය.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...