Breaking News

නිහඬ කල සොදුරු මිනිසෙක් ගැන ස්ත්‍රී සිතුවිල්ලක්

අරුණි සමරකෝන්

මෙම ලිපිය ලියන මොහොතේ දී , කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ ශ්‍රමයෙන් යැපෙන ජනයා, ආදරණීයයන් ගේ ජිවත් වීම වෙනුවෙන් අරගලයක යෙදේ . මුස්ලිම් වූ තම අනෙකාව පීඩනය පත්කිරීමෙ දී විනෝදයට පත් වූ බහුතර ජනයා හට මේ මොහොතේ පිහිටක් වීමට නරේන්ද්‍ර මෝඩි ගේ වාර්ගික ආණ්ඩුව ට නොහැකිවී ඇත (https://www.bbc.co.uk/news/world-asia-india-56811315). ශ්‍රී ලංකාවේ ද ගෙවෙන මොහොතේ දී , කොවිඩ් 19 වසංගතය ව්‍යවසනයක් ලෙස පැතිර යමින් පවතින අතර , විමුක්ති කොටි ව්‍යාපාරය අවසන් කිරීමෙන් , පසු සුඛිත මුදිතව ජිවත්වීමේ පරිසයක් පිලිබඳ ආණ්ඩු ලබාදුන් පොරොන්දු සැඟවගොස් අවසන්ය . ආරම්භයක් ලෙසම මාගේ ස්ත්‍රී විඥානයට වැටහෙන ලෙස අවධාරණය කරනුයේ , වාර්ගික හෝ වෙනත් ලෙස වූ බහුතරයේ අනෙකා පිඩනයට පත්කරන ආණ්ඩුවක් සැනසීම ගෙනෙනු ඇත යන මිත්‍යාව තව දුරටත් වන්දනාමාන නොකළ යුතුබවය. එම ප්‍රකාශනය වෙනුවෙන් වූ තවත් ආධාරකයක් ලෙස සොදුරු මිනිසෙකුගේ දේශපාලන කියවීම මම මතක් කර දෙමි .

ධර්මරත්නම් ශිවරාම් හෙවත් තාරකී 2005 අප්‍රේල් 28 වැනිදා කොළඹ දී මරාදමන ලදි . 46 හැවරිදි වියේ වූ ශිවරාම් කොළඹ , බම්බලපිටියේ දී 2005 දී අප්‍රේල් 28 වැනිදා රාත්‍රී 10.30 ට පමණ පැහැරගෙන ගොස් තිබු අතරඉනික්බිතිව ප්‍රාණය නිරුද්ධව ගිය ඔහුගේ සිරුර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මීටර් 500 ක් පමණ දුරකින් සොයාගන්නා ලදී (https://www.wsws.org/en/articles/2005/05/sril-m06.html). අධිආරක්ෂිත කලාපයක් දී පැහැරගෙන ගොස් , අධිආරක්ෂිත කලාපයක දී හමුවන මළ සිරුර දරන සාක්ෂිය නම් , පිඩකයා සතුවන අසීමිත බලය නොවේද ?

ශිවරාම් පිලිබඳ මුලින්ම මාගේ ස්ත්‍රී විඥානය අවධිවුයේ , ඔහු විසින් රචනා කරන ලද දෙමළ ජාතිකවාදය කියමින් පිරික්සිමෙනි . ක්‍රමිකව හෙතෙම ගෙනෙන විශ්ලේෂණයන් සමඟ මා ශිවරාම් යනු කවුරුන්දැයි සෙවීමේ ප්‍රථිපලය නම් , භාෂණ ආබෙවර්ධන විසින් ඉදිරිපත්කළ Meaningful way of Remembering Sivaram නමැති වීඩියෝ පටයතුළ විස්තර වන ( https://www.youtube.com/watch?v=dKXwx4MfCzM&t=13s ), දෙමළා ගේ ප්‍රශ්න හි අන්තර්ජාතික බලපෑම සෙවීමය. ඒ අනුව , ශිවාරම් ගේ මන්ත්‍රණයන් පදනම් ව 2007 දී , Mark P. Whitaker විසින් ලියු Learning Politics From Sivaram: The Life and Death of a Revolutionary Tamil Journalist in Sri Lanka කිවීමට හැකිවිය . එහි States , Nations and Nationalism පරිච්චේදය හරහා මේ මොහොතේ , ශ්‍රී ලංකාව මෙන්ම වාර්ගික හෝ ජාතිකවාදී රාජ්‍යන් ගේ දේශපාලනය කියවීම මගින් මරාදැමු, සිවරාම්ව උදාරව මෙනෙහිකිරීමට අපේක්ෂාකරමි .

වාර්ගික පදනම මත වන ජාතිමමත්වය/ ජාතිකවාදය (Nationalism ) රාජ්‍යයෙන් වෙන්කළ නොහැකි වන්නේ එය රාජ්‍ය සංවිධානය කිරීමේ නිශ්චිත වූ ක්‍රමයක් ලෙස එම රාජ්‍යය පවත්වාගෙන යනු ලබන ප්‍රභූන් ට අවශ්‍ය වන අතර, එය වඩාත්ම කාර්යක්ෂම සහ බලවත්ම අවබෝධාත්ම වන ක්‍රියාත්මක වන විට එය ප්‍රභූන්වෙත ම වූ අර්ථලාභයක් වේ . එම නිසා , එකී රාජ්‍යයන් හි ප්‍රභූන් නිරන්තරයෙන්ම මේ වාර්ගික ජාතිමමත්වය පවත්වාගනු ලැබේ ( Whitaker , 2007, පිටුව 162). එසේම ප්‍රචණ්ඩත්වය සංස්ථාපිත වීම රාජ්‍ය මගින් සිදු වේ . මනුෂ්‍යයන් සාමුහික සාමාජීය කොටසක් ලෙස ජිවත් වීමේ දී “භාෂා සුදුව” සහ “ජීවත්වීමේ විවිධ ස්වරූප” හේතුවෙන් සාමුහික මෙන්ම පුද්ගල අනන්‍යතාවය ද ඉස්මතු වන විට , පුද්ගල අනන්‍යතා දෙවැනිවීම දැක ගතහැකිය . එම සාමුහික අනන්‍යතා ආශ්‍රිත සම්බන්දතා වලදී, පුද්ගලික අනන්‍යතාව වෙනුවෙන්ට සාමුහික අනන්‍යතා ලක්ෂණය වෙත ප්‍රථම අවධානය හිමි වේ ( Whitaker , 2007 ,පිටුව 163).

ශිවරාම් ගේ මෙම දේශපාලන කියවීම මේ මොහොතේ දේශපාලනය හරහා හඳුනාගත හැක්කේ කෙසේද ?

2009 දී විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම සමඟින් ස්ථාපිත ජාතිමාමකත්වය හරහා සිදුකරන ශ්‍රී ලංකා රාජ්‍ය සංවිධානය කිරීම එකම ප්‍රභූ පාර්ශවය විසින් සිදුකල ඇති බවට මාගේ යෝජනාව වේ. එය කුරහන් සාටකයේ සිට, ටයි කොට් හැඳි පිතෘමුලික ප්‍රභුපාර්ශ්වයක් වේ. 2021 දී හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශනයක් හේතුවෙන් ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන හිරබාරයේ රඳවා ගැනීමේ නියෝගයක් නිකුත්කිරීමේ අවධානමක් හේතුවෙන් ප්‍රභූන් කලබල වී ඇත්තේ , එය තමන්ගේ සාමුහකත්වයේ නියෝජිතයකු වෙත වන අභියෝගයක් හේතුවෙනි (https://www.youtube.com/watch?v=r4j_A7HFmBE). එහෙත් මෙම පනත පවත්වාගෙන යාමට හරින් ප්‍රනාන්දු මෙන්ම අචාර්ය හර්ෂ ද සිල්වා මෙයට ප්‍රථම නීති සම්පාදනයේ දී එකඟ වී ඇති බව අමතක කල යුතුද ? එයින් පැවසෙන්නේ , ප්‍රභූ කේන්ද්‍රිය ජාතිමාමකත්වය යටතේ තීරණය වන ජාතික ආරක්ෂාව , සාමය , සංහිදියාව ,මානව නිදහස තුල රාජ්‍යයේ මර්ධනය සංවිධානය කිරීමේ සහ ක්‍රියාත්මක කිරිම ක්‍රමවේදය වේ. හරින් හා සමව කිසිදු පදනමක් නොමැතිව මෙම පනත යටතේ අත්අඩංගුව ට ගෙන, බලහත්කාරයෙන් රඳවා සිටින සියලුම ජනයා වෙනුවෙන් පෙනී සිටින සමාජ ව්‍යපාරයක් අවශ්‍ය වනබව මම මේ මොහොතේ යෝජනා කරමි . එම යෝජනාවේ චේතනාව සකස්වන්නේ ශිවරාම් ගේ ප්‍රකාශන කියවීමෙනි .

එමතුද නොවේ . කලකදී සියලුම දෙමළ ජාතික ස්ත්‍රී / පුරුෂයන් , ප්‍රභාකරන් ගේ ප්‍රතිබිම්බ බවත් , සියලුම මුස්ලිම් ජාතික ස්ත්‍රී / පුරුෂයන් , තව්ෆික් ජාමාත්වරු බවත් ප්‍රචාරණය කරමින් පැවති / පවතින පුද්ගල අනන්‍යතා විනාශ කිරීම ගැන අපි දැන සිටිමු . දෙමළ හෝ මුස්ලිම් සාමුහිකත්වය හිමි ව උපත ලැබීම ශ්‍රී ලංකාව තුළ අභියෝගයට ලක්වූ ආකාරය තුලින් සිවරාම පවසන සාමුහිකත්වය මුලික අනන්‍යතාවය වී පුද්ගලයා දෙවන වීම හොදින් කියවා ගත හැකිය.

ශිවරාම් මතුකරන තවත් වැදගත් කරුණක් නම් ප්‍රචන්දත්වයේ ශුද්‍ර ඒකාධිකාරීත්වය පවත්වාගැනීමට ප්‍රභූන් අතරවන තරඟය වේ . ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම දැකගත හැක්කේ ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරීත්වය පවත්වා ගැනීමට පවතින අරගලය වේ. යෝජිත ව්‍යවස්ථා ලියවිල්ලක් පාර්ලිමේන්තුව තුළ ගිනිතැබීමේ සිට (https://www.wsws.org/en/articles/2000/08/sri-a04.html), අදවන තෙක් පාර්ලිමේන්තුව තුල දැකගත හැකිවූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් මගින් පෙන්වා දෙනු ලබන්නේ ප්‍රචණ්ඩත්වය යේ එකාධිකාරිත්වය පවත්ගැනීම ට එකම ප්‍රභුකුලකයන් තුලවන අරගයලය නොවේද ?

ලිපිය අවසන් කිරීම දී මම මෙසේ පවසමි. ශිවරාම් මරදමා දශක දෙකක් ඉක්මවා ගොස් ඇත. ඔහුට යුක්තිය ඉටු වීම නොසැලෙන අපේක්ෂාවකි. එහෙත් ඔහුගේ මරාදැමීමට හෝ , යුද්ධයෙන් හෝ වසංගතයෙන් ජනයාට මිය යාමට ඉඩදෙමින් කල්මරණ ප්‍රභූ පාලනයක් පවතින තුරු ප්‍රභූ නොවන සියලු ජනයාට කිසි දිනක යුක්තියක් ඉටු නොවනු ඇත.

අරුණි සමරකෝන්

leave a reply