රු. 200ක වතු වැටුප් වැඩිකිරීම ඕනෑම මොහොතක නැවතීමේ අවදානමක්

වතු කම්කරුවන් සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාව ගෙවීම සඳහා විධිමත් නෛතික පදනමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට කාරක සභාවේ විරුද්ධත්වයක් නොමැති වුවද, දැනට මෙම රුපියල් 200 දීමනාව ගෙවනු ලබන්නේ කිසිදු ගැසට් නිවේදනයකින් තොරව බව එහිදී අනාවරණය වී තිබේ.

පෞද්ගලික වතු සමාගම් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත පමණක් සිදු කෙරෙන මෙම ගෙවීම ඕනෑම අවස්ථාවක නතර වීමේ අවදානමක් පවතින බව අනතුරු අඟවා තිබේ.

දැනට ලබාදෙන මෙම රුපියල් 200 දීමනාව සේවක අර්ථසාධක අරමුදල (EPF) හෝ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා ගණනය නොවන බව නිලධාරීන්මෙහිදී අනාවරණය කළා.

පෞද්ගලික වතු සමාගම් සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම වසර 3කට සීමා වන බැවින්, ඉන් පසුව මෙම ගෙවීම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවද අවධාරණය වුණා.

මෙම දීමනාව EPF/ETF ගණනයෙන් බැහැර කිරීමේ නෛතික භාවය සහ අදාළ අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බවද මෙහිදී අනාවරණය වුණා.

ඒ අනුව, මෙම සියලු ගැටලුසහගත තැන් නිවැරදි කරමින් වහාම නෛතික පසුබිමක් සකස් කළ යුතු බව මුදල් කාරක සභාව අවධාරණය කර තිබේ.

වතු කම්කරු ජනතාවට නිසි පරිදි වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස වතු සමාගම්වලට බලපෑම් කිරීම වෙනුවට ආණ්ඩුව මෙම රුපියල් 200ක දීමනාව ලබාදීමට තීරණය කර තිබුණි.

විටින් විට අනාවරණය වූ කරුණු අනුව පැවසුනේ මෙම සොච්චම් වැටුප් වැඩිවීම් බාවිත කරමින් වතු කම්කරුවන්ගෙන් වැඩි වැඩ ගන්නා බවයි. එසේම දැන් අනාවරණය වෙන කරුණු අනුව පෙනෙන්නේ මෙය කිසිදු සැලසුමකට අනුව ආරම්භ කර නැති ඕනෑම මොහොතක නැවතිය හැකි මට්ටමේ තීරණයක් බවයි.

Share post:

Popular

More like this
Related

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...